Home / General Knowledge / වාහනය පොළොව සිඹින්න පහත් කිරීමේ වාසි අවාසි
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

වාහනය පොළොව සිඹින්න පහත් කිරීමේ වාසි අවාසි

මෝටර් රථවල බඳ පොළොවේ හැපෙන නොපෙන ගානට පාත් කරන්න සමහර අයිතිකාරයෝ හරි ආසයි. මේකෙන් ඇත්තටම පෙනුමට අමතරව ධාවනයට වෙනත් බලපෑමක් සිදු වේද යන්න ගොඩක් දෙනාට තිබෙන ප්‍රශ්නයක්. පෙනුම අමතක කරොත් මේක විසදන්න වෙන්නේ භෞතික විද්‍යාවට අනුව තමයි.

සස්පෙන්ෂන් බින්දුවටම පහත කරලත් මදි උනාම තවත් අය බොඩියත් එහෙට මෙහෙම පාස්සල පහත් කරන අවස්ථාත් නැතුව නෙමේ. ලංකාවේ පාරවල ඒක ප්‍රයෝගික නොවුනත් පිටරට වල නම් සුලභ දසුනක්. ඇත්තටම මේකෙන් මොකක්ද වෙන්නේ?

සරලවම ගත්තොත් භෞතික විද්‍යාවෙන් තමයි මේක පහදන්න වෙන්නේ. වාහනය පොළොවට ආසන්න වෙන්න වෙන්න  වයුගතිකය හොඳ වෙනවා. (Aerodynamics). එතකොට පොළොවත් වාහනයත් අතර රැඳෙන්න පුළුවන් වායු ධාරා ප්‍රමාණය අඩු වී, වාත ප්‍රතිරෝධය අඩු වෙනවා. 

ඒ නිසා ඝර්ෂණය අඩු වීමත්, ඒ නිසාම වේගවත් සහ සුමට ධාවනයක් පහසුවෙන්ම ලබා ගන්නටත් පුළුවන්. ඒ වගේම ඉන්ධන කාර්යක්ෂමත්වත් වැඩි වෙන්වා. මේ නිසාම තමයි ස්පෝර්ට්ස් කාර් සෑම එකක්ම පාහේ පොළොවේ ගෑවෙන්න නොගෑවෙන්න වගේ හදල තියෙන්නේ.

ඒ වගේම පොළොවට ලං උනාම ටයර් පොළොවට හොඳට බඳලා අල්ල ගන්න නිසා handing ඉතාමත් හොඳ වෙනවා.

ඒ වගේම, ගුරුත්ව කේන්ද්‍රය පොළොවට ලං වෙන තරමට වාහනය පෙරලෙන්න තියෙන අවදානමත් අඩුයි. ඒ නිසා පහත වාහනයක් පහසුවෙන්, පෙරලීමේ අවම අවදානමක් සහිතව වංගු ගන්න පුළුවන්.

වාහනේ පහත් කරන්නේ ශෝක් සහ ස්ප්‍රින්ග් දැඩි කරලා. එවිට ධාවනය සැපපහසු නොවුනත්, handling එහෙම හොඳ වෙන නිසා ධාවනය පහසු වෙනවා.

නමුත් කොයි දේත් දෙපැත්තක් තියෙනවා වගේ, මේක ගැටලුත් තියෙනවා.

ඒ අතරින්, වාහනය පාරේ තියෙන වල ගොඩැලි සහ බම්පර් මතින් යනකොට යට වැදෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා.මේ නිසා වෙනත් කොටස් වලට හානි වීමට ඇති හැකියාව වැඩියි. විශේෂයෙන්ම සයිලන්සර් එකට, ඔයිල් සම්ප් එකට වගේ හානි වෙන්න පුළුවන්.

ඒ වගේම ටයර් අසමමිතිකව ගෙවෙන්නත් පුළුවන්.

සස්පෙන්ෂන් පද්ධතිය පහත් කරන කොට එය වෙනත් කොටස් වල ගෑවීම නිසා, ඒ ඒ කොටස් වලටත් හානි වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට, ඇන්ටි ලෝක බ්රේක්, sway බාර් වගේ දේවල්.

ඒ වගේම තමයි, ඇදගෙන යන්න ගියාම සහ මිකැනික්ට වාහනේ යට රිංගන්න ගියාම සසර කලකිරෙන එක.

මේ නිසා කවදාහරි වාහනේ පොළොවේ ගෑවෙන්න නොගාවෙන්න පාත් කරන්න අදහසක් තියෙනව නම් මේ සඳහන් කරපු දේවල් සෑහෙන දුරකට වැදගත් වෙයි.

 

 

About Admin

Check Also

යතුර කැරකෙන්නේ නැත්තේ ඇයි?

සමහරක් වෙලාවට යතුර මුළු ඇගේම වීරිය අරන් කැරකුවත් කැරකෙන්නේ නෑ. හරියට නිකන් හෙන ගැහුවා වගේ …