Home / Troubleshooting Problems / වාහනවල දෙදරීමට හේතු
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

වාහනවල දෙදරීමට හේතු

මෝටර් රථ විවිධ හේතුන් නිසා දෙදරීමට ලක්වේ. මෙම දෙදරීම නිසා  ගමන්කරන මගීන් දැඩි ලෙස අපහසුතාවට ලක් වෙන අතර වාහනයේ කොටස් වලටත් යම් තාක් දුරකට හානි සිදුවේ. දෙදරීමට හේතු ගණනාවකි. එමෙන්ම එය බහුලව හමුවන දෝෂ තත්වයකි. ඇතැම් හේතු පහසුවෙන්ම හඳුනාගත හැකි අතර තවත් ඒවාට කාර්මිකයෙකු ගේ සහය ලබා ගැනීමට සිදු වේ.

එසේ වාහන් දෙදරීමට බලපෑ හැකි බහුල හේතු කිහිපයක් ගැන අද ලිපියෙන් සලකා බලමු. ඒවා පහත කරුණු හා සම්බන්ධ වේ.

  • එන්ජිම හා සම්බන්ධ ගැටළු
  • ඇක්සල් සම්බන්ධව
  • බ්රේක් සම්බන්ධව
  • රෝද සම්බන්ධව
  • ටයර් හා සම්බන්ධව

දැන් ඒ එක එකක් වෙන වෙනම සලකා බලමු.

එන්ජිම හා සම්බන්ධ ගැටළු.

එන්ජිමේ දහනයට අදාලව නිසි ලෙස ඉන්ධන, වාතය හෝ ස්පාර්ක් එක නොලැබේ නම් එන්ජිම  දෙදරීමට ලක් විය හැකිය. එය වාහනය අක්සලරේට් කිරීමේදී හෝ, එක්තරා වේග සීමාවක් පනිද්දී හෝ ධාවනයේදී වරින් වර පැමිණෙන දෙදරීමක් ලෙස මතු විය හැකිය.

බොහෝ විට ස්පාර්ක් ප්ලග් මාරු කිරීමෙන් මෙය විසඳා ගත හැකිය. ස්පාර්ක් ප්ලග් හොඳ නම්, ඒවාට සම්බන්ධ වන වයර් පරික්ෂා කළ යුතුය.

එමෙන්ම බ්ලොක් වුනු එයාර් ෆිල්ටරයක් හෝ ඉන්ධන ෆිල්ටරයක් නිසා ද අවශ්‍ය තරම් වාතය හෝ ඉන්ධන නොලැබී දෙදරීමට ලක් විය හැකිය. එවිට ඒවා මාරු කළ යුතුය.

ඇක්සල් සම්බන්ධව

අනතුරකට පත් වූ පසු හෝ, වෙනත් හේතු නිසා ඇක්සල් වලට හානි සිදු විය හැකිය ඇක්සල් අක්සල් රෝද වලට සවි වී ඇති නිසා, ඇක්සල් නැවී ඇත්නම්, රෝද ද දෙදරීමට ලක්වේ. මෙම දෙදරීම වාහනයේ වේගයට සමානුපාතිකව වැඩිවේ. එමෙන්ම, ඇක්සල් කරකවනු ලබනම් ඩ්‍රයිව් ශෆ්ට් එක නැවී ඇත්නම් ද දෙදරීමක් ඇතිවේ.  cv ජොයින්ට් වල දෝෂ නිසාද දෙදරීම ඇතිවේ. නමුත් ඇක්සල් කෙලවරේ ඇති බූට් සහ ක්ලෑම්ප් (clamp)  හොඳ තත්වයේ ඇත්නම හා  ඒවායින් තෙල් කාන්දු නොවේ නම් cv ජොයින්ට් වල ගැටළුවක් නැතැයි කිව හැකිය.

නමුත් බූට් වලට හානි වී ජොයින්ට්ස් වලට දුවිල්ල ඇතුළු අපද්‍රව්‍ය ගොස් ඇත්නම් cv ජොයින්ට් වලට හානි වීමට ඇති ඉඩකඩ වැඩිය. 4×4 වාහන වල  cv ජෝඉන්ට් වලට හානි වී ඇත්නම් ඇක්සල ද මාරු කිරීමට සිදු වන අවස්ථා ඇත.

බ්රේක් සම්බන්ධව

ඩිස්ක් බ්රේක් සහිත වාහන වල ඇති බ්රේක් රොටර් එක අසමමිතිකව ගෙවී ඇති විටෙකද දෙදරීමක් ඇති විය හැකිය. නිතර නිතර නැවත්වීම නිසා බ්රේක් රොටර් දරාගත නොහැකි මට්ටමට රත්වී ඇද වී යා හැකිය. එවිට එහි පෘෂ්ටයේ ඇති අසමමිතික තාවය නිසා බ්රේක් පෑඩ් වලට බ්රේක් රොටර් එක හොඳින් අල්ලාගැනීමට නොහැකිව බ්රේක් කිරීමේදී දෙදරීමක් ඇති විය හැකිය. එමෙන්ම බ්රේක් බයින්ඩ් වූ විටෙකද දෙදරීමක් ඇතිවේ. එමෙන්ම මෙහිදී බ්රේක් කිරීමේදී දෙදරීමට අමතරව කර ගඳක් ද ඇති විය හැකිය.

රෝද සම්බන්ධව

රෝද හා සම්බන්ධ බොහෝ දෙදරීම් රෝද එලයිමන්ට් කිරීමෙන් විසඳා ගත හැකිය.  රෝද එකක් හෝ කිහිපයක් හබ් එකේ වෙවුලුම නිසා දෙදරීමට ලක් වේ. රෝද නිසි ලෙස බෝල්ට් ඇන වලින් හබ් එකට සවි වී තිබිය යුතුය. වීල් බෙයාරින් ගෙවීම නිසා ද දෙදරිය හැකිය. වීල් බෙයාරින් සාමාන්‍යයෙන් මාරු කිරීමට සිදු නොවුනත් රළු ධාවනය නිසා ඒවා ගෙවී යා හැකිය. එමෙන්ම බෝල් ජොයින්ට් සහ ටයිරෝඩ් ගෙවී යාම නිසාද දෙදරීම ඇති විය හැකිය.

ටයර් සම්බන්ධව

වාහන දෙදරීමට බලපාන ප්‍රධානතම හේතුවක් වනුයේ ටයර හා සම්බන්ධ දෝෂයි. එම දෝෂ නම්, ටයර් කට්ට ගෙවී තිබීම, අසමමිතික ටයර් ගෙවීම, සහ රවුම් ස්වභාවය තුරන් වීම ආදියයි. වාහනය දෙදරීමට ලක්වන්නේ එකතරා වේග සීමාවකදී නම්, ටයර් බැලන්ස් එකක් කළ යුතුය.

එමෙන්ම කට්ට ගෙවී ඇත්නම් අලුත් ටයර් දැමීමට සිදුවේ. අසමමිතිකව ටයර් ගෙවීමේදී  ටයර් එකිනෙක මාරු කිරීමක්ද අවශ්‍ය වේ. 

වල ගොඩැලි සහිත පාරවල නිතර නිතර ධාවනය, රෝද ලිස්සා යන ලෙස නිතර බ්රේක් කිරීම ආදී හේතු නිසා ටයර් ගෙවීමට ලක් විය හැකිය.

About Admin

Check Also

alternator problems - leading automobile magazine sri lanka

ඔල්ටර්නේටරයේ දෝෂ ලක්ෂණ

ඩෑෂ්බෝර්ඩ් එකේ දැක්වෙන සරල සංඥාවකින්, ඩිම් වුනු හෙඩ් ලයිට් එකකින් හෝ පන ගැන්වීමට අපහසු අවස්ථාවකින් …