Home / Fuel

Fuel

මඩවල උපාලි තෙරුන්ගෙන් ලොව මවිත කළ විදුලි මෝටර් රථයක්

මේ  රත්තරන් භූමියෙන් ඉපදෙන ලක්වාසීන් කියන්නේ බොහොම දක්ෂ මනුස්ස කොට්ටාසයක්. මේ පොළොවේ පය ගහලා හිටපු අය අද ලෝකේ ලොකුම තැන්වල වැජඹේනවා. ඒ මොළ නැතුව ලෝකේ සමහර දේවල් කරන්නත් බැරි වෙලා තිබෙනවා. ඒත් ඒ මිනිස්සු ගැන කියවෙන්නේ හරිම අඩුවෙන්. මඩවල උපාලි හාමුදුරුවො කියන්නෙත් එවැනි මහා බුද්ධිමතෙක්.  මුළු ලෝකයටම පුදුම හිතෙන අපූර්ව …

Read More »

පෙට්‍රල් ඩීසල් මාරු කරලා ගැහුවොත් මොකද වෙන්නේ?

පෙට්‍රල් එන්ජිමකට ඩීසල් දැම්මොත්? හදිසියට හා නොදැනුවත්කම නිසා බොහෝ දෙනෙකු අතින් වැරදි සිදුවේ. ඩීසල් පෙට්‍රල් මාරු කර ගැසීම මෙවැනි අත්වැරදීමකි. පෙට්‍රල් වලට ඩීසල් ගැසීම, ඩීසල් වලට පෙට්‍රල් ගැසීම තරම් හානිකර නොමැත.  පෙට්‍රල්, ඩීසල් වලට වඩා ඉක්මනින් දහනය වන, ඉතා වාෂ්පශීලි ද්‍රවයකි. එය සිලින්ඩර තුලදී ස්පාර්ක් එකක් මගින් දහනය කරනු ලැබේ. …

Read More »

ටර්බෝචාජර් Turbochargers ගැන දැන ගනිමු

ටර්බෝචාජරයක් යනු එන්ජිමේ පිටාර වාතය මඟින් ක්‍රියාත්මක වනු ලබන එන්ජිමේ බලය වැඩි කිරීමට උපයෝගී කරගන්නා උපකරණයකි. පිස්ටන් වලින්  වැඩ කරන එන්ජිමක සිලින්ඩර් තුලට වාතය උර ගන්නේ පිස්ටන් පහලට ගමන් කරන විටයි. ඇක්සලේටරය පෑගීමෙන් මෙසේ ලබා ගත හැකි වාතය ප්‍රමාණය වැඩි කිරීමෙන් එන්ජිම වැඩි වේගයකින් ක්‍රියාත්මක වීමට සලස්වයි. එනම්, ඇක්සලේටරය පාගන …

Read More »

සුපර්චාජර් ගැන දැන ගනිමු

  පෙට්‍රල් හෝ ඩිසල් හෝ මොන එන්ජිමක් වුවත් දුවන්නේ ඉන්ධන-වාතය මිශ්‍රණයක් දැවීම තුලින් නිදහස් වන ශක්තිය උපයෝගී කරගෙනයි.   සුපර්චාජරයක් කියන්නේ සරලවම බැලුවොත් එයාර් කොම්ප්‍රෙෂර් එකක්. මේකෙන් කරන්නේ එන්ජිමට වැඩි පිඩනයකින් සහ ඝනත්වයකින් යුතු වාතය ලබාදීමයි. පීඩනයත්, ඝනත්වයත් වැඩි වීමෙන්  ඒකක පරිමාවක් තුළ තිබෙන වායු අනු ගණන වැඩි වේ. එවිට …

Read More »

නොශ් (NOS) හෙවත් නයිට්‍රස් ඔක්සයිඩ්

ඔබ fast and furious චිත්‍රපට පෙළ නරඹා ඇත්නම් හෝ කාර් රේසින් වීඩියෝ ගේම්ස් කර ඇත්නම් ඒවායේ හමුවන නොශ්(Nos) ගැන අසා ඇතුවට සැකයක් නැහැ. නොශ් යනු නයිට්‍රස් ඔක්සයිඩ් නම් වායුවට කෙටියෙන් කියන නමයි. වාහනවලට නයිට්‍රස් ඔක්සයිඩ් උපකරණ සාදන ප්‍රමුඛ පෙලේ  Nitrous Oxide Systems යන සමාගමක් නිසා මේ නොශ් කියන නම ආවා …

Read More »

ඊයම් අඩංගු ඉන්ධන ගැන දැනගනිමු

අපි පෙට්‍රල් හරි ඩිසල් හරි ගහගන්න ෂෙඩ් එකට ගියාම අපිට විවිධාරකයේ නම් වලින් පවතින ඉන්ධන වර්ග මිලට ගන්න පුළුවන්. ඒ නම්  වර්ග බොහොමයක් අපට තේරුම් ගන්න පුළුවන් උනාට තවත් ජාතියක් තියෙනවා “ඊයම් රහිත” කියල. එතකොට ඊයම් අඩංගු ඉන්ධනත් තියෙනවද? ඔව්, අද අපි කතා කරන්නේ ඒ ඊයම් සහිත ඉන්ධන ගැනයි.   …

Read More »

පිටාර දුමෙන් කියවෙන රෝග ලක්ෂණ

what does smoke color say

වාහනේ දුම් බටයෙන් වෙනදා දැකල නැති තරම්, ඝන දුමක් එනවනම් ටිකක් වැඩියෙන් හිතන්න ඕනේ. මොකද ඒක සමහරවිට වාහනයට අලුත්වැඩියාවක් අවශ්‍ය බවට පෙරවදනක් වෙන්න පුළුවන් නිසා. සතෙකුට තියෙන ලෙඩක්  අසුචි වල වර්ණයෙන් කියන්න පශු වෛද්‍යවරුන්ට පුළුවන් සේම, වාහනේ දුම් බටන් පිටවන දුමෙන් කියන්න පුළුවන් වාහනේ තියෙන්නේ මොන ලෙඩක්ද කියල. එන්ජිම ඉන්ධන …

Read More »

Direct Injection ගැන දැන ගනිමු

direct injection

Direct Injection කියන දේ අහල තිබුනට ඇත්තටම මොකක්ද කියල දන්නේ නෑ කියල අපේ පාඨකයින් රැසක් අපට කියල තිබුනා. ඒ නිසා අද අපි කියන්න සුදානම් වුනේ මේ Direct Injection තාක්ෂණය සම්බන්ධව. ඇත්තටම Direct Injection කියන්නේ ඉන්ධන සිලින්ඩරය තුලට මුදා හැරීමේ තාක්ෂණයක්. මේ තාක්ෂනය මඟින් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක්, ඉහල බලයක් සහ අඩු වායු දුෂණයක් …

Read More »

බොහෝදෙනා පටලවා ගන්න ඔක්ටේන් අංකය

මොකක් ද මේ ඔක්ටේන් අංකය? සමහරු තම තමන්ගේ වාහනවලට හයි ඔක්ටේන් පෙට්‍රල් ගහනවා කියන්නේ හරි උජාරුවට. හයි ඔක්ටේන් පෙට්‍රල් සාමාන්‍ය ඒවාට වඩා ගණන්. ගොඩක් අයගේ දුර්මතයක් තිබෙනවා හයි ඔක්ටේන් පෙට්‍රල් ගැහුවම වාහනේ හොඳට තෙල් වැඩ කරනවා සහ ලොකු බලයක් එනව කියල. ඒක ඇත්තටම වැරදි මතයක් කියල මේක කියවනකොට ඔයාටම තේරේවි.  …

Read More »

දැනගෙන ගහමු පෙට්‍රල්

save petrol

ලංකාවේ පෙට්‍රල් ලීටරයක් සෑහෙන්න වටිනවනේ. වෙන රටවල පෙට්‍රල් බෝතලයක් වතුර බෝතලයකටත් වඩා ලැබ වෙද්දී ලංකාවේ වෙන්නේ ඒකෙ අනෙක් පැත්ත. අනෙක ලෝක වෙලන්ධපොලේ මිල අඩු උනා කියල මේ රටේ පෙට්‍රල් මිල අඩු වෙන එකක්ද? එහෙමත් නෑනේ.. ඒ නිසා තියෙන පෙට්‍රල් ටික පණ වගේ ආරක්ෂා කරගෙන අන්තිම බින්දුවටම පදින එක තමයි නුවනට …

Read More »