Home / Exterior / අවපැහ හෙඩ් ලයිට් ලස්සන කරමු
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

අවපැහ හෙඩ් ලයිට් ලස්සන කරමු

හෙඩ් ලයිට්ස් කියන්නේ වාහනයක නැතුවම බැරි දෙයක්. රෑට යන්න විතරක් නෙමෙයි, දවාලකදී හරකෙක් වගේ  පාර හරහා දාන එකෙක්ට ලයිට් ගහන්න උනත් ඕන වෙන්නේ මේ හෙඩ් ලයිට් දෙක තමයි. බොඳ වෙච්ච හෙඩ් ලයිට් දෙකකින්, විශේෂයෙන්ම රෑට හෙන ගහල වහින වෙලාවකදී වාහෙනේ යන්න හරිම අමාරුයි. ඒ නිසා මේ හෙඩ් ලයිට් කොයිවෙලෙත් හොඳට තිබීම වැදගත් දෙයක්. මේවා  හදලා තියෙන්නේ පොලි කාබනේට් කියන ප්ලාස්ටික් විශේෂයකින්. මේ ප්ලාස්ටික් විශේෂය සාමාන්‍ය විදුරු වලට වඩා බරින් අඩුයි. ඒ වගේම තමයි ඒවා ඔප දාල නැවතත් මුල් තත්වයට ගෙන්න පුළුවන්. මේවා පාර ජම්බුල කිරණ හමුවේ කාලයත් එක්ක අවපහ වෙන්න පුළුවන්. මෙහෙම අවපැහ වුනු වෙලාවක ඒවා ප්‍රතිසංස්කරණය කරේ නැති උනොත් තවත් කල් ගිහින් පොඩි පොඩි ඉරි යන්නත් පුළුවන්. ඒ වගේ වේලාවකදී නම් නැවතත් ඔප දාන එක එතරම් පහසු නැහැ. අවපහ වුනු හෙඩ් ලයිට් ගෙදරදීම ඔප දාන එක මහා ලොකු වැඩක් නෙමෙයි. ඒකට  ලොකු දේවල් සහ උපකරණ අවශ්‍ය නැහැ. කොටින්ම කියුවොත් ගෙදර තියෙන උදේ හවා දත් මදින්න ගන්න දන්තාලේප ටිකක් මේකට හොඳටම ප්‍රමාණවත්. තව, පොඩි රෙදි කෑල්ලක්, සබන් ටිකක්  සහ පිරිසිදු වතුර මේකට අවශ්‍යයි.

මුලින්ම කරන්න තියෙන්නේ හෙඩ් ලයිට් දෙක සබන් දාල හොඳට හෝදන එක. ඊට පස්සේ වතුර වේලෙනකන් ටිකක් වෙලා තියෙන්න. 

අවශ්‍ය නම් මාස්කින් ටේප් එකක් අරගෙන හෙඩ් ලයිට් වටේට තියෙන වාහනේ අනෙත් කොටස් ආවරණය කරන්න. එහෙම කරන්නේ දන්තාලේප දාල අතුල්ලන කොට ඒවත් හීරුනොත්  කියල.

දැන් රෙදි කෑල්ලකට දන්තාලේප ටිකක් දාල හෙඩ් ලයිට් වල මැද ඉඳන් පටන් අරන් වටේට රවුමට තදින් අතුල්ලන්න. අවශ්‍ය නම් වතුර ටිකකුත් දාගෙන ඕන ගානට තව  දන්තාලේපත් එකතු කර ගන්න. අඩුම ගානේ එක හෙඩ් ලයිට් එකක් විනාඩි 5ක් වත් හොඳට අතුල්ලන්න ඕනේ.

ඊට පස්සේ වතුර දාල හොඳට හෝදලා අරින්න. ඕනේ නම් ආයෙත් දන්තාලේප දාල මැදලා හෝදලා අරින්න.

ඔහොම කරාට පස්සේ මුල් තත්වෙයි පසු තත්වෙයි අතර සෑහෙන ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙයි. මෙහෙම දන්තාලේප දාල පිරිසිදු කරාම තව මාස 3-4කට හෙඩ් ලයිට් දෙක හොඳට තියාගන්න පුළුවන්. අවශ්‍ය නම් කාර් පොලිෂ් ටිකකුත් හෙඩ් ලයිට් වල ගාගත්ත නම් තවත් සෑහෙන කලක් භාවිත කරගන්න පුළුවන්.

දැන් බලමු කොහොමද දන්තාලේප වලින් හෙඩ් ලයිට් පොලිෂ් වෙන්නේ කියල.

දන්තාලේප අපි භාවිත කරන්නේ දත් මදින්න. දත්  වල පැහැය සහ දිස්නය ආරක්ෂා කිරීම මෙම දන්තාලේප වලින් කෙරෙනවා. දත් වල තිබෙන ඇස් වලට නොපෙනෙන කුඩා ද්‍රව්‍ය  ඉවත් කරල එනමල ආරක්ෂා කිරීම මෙම දන්තාලේප වලින් කෙරෙනවා. එහෙනම් හෙඩ් ලයිට් වල තිබෙන අපද්‍රව්‍ය ඉවත් කරන්නත් මේ දන්තාලේප වලට පුළුවන්. අපි ගෙවල් වල භාවිතා කරන ඕනෑම දන්තාලේප වර්ගයක් මේකට භාවිත කරන්න පුළුවන්. එත් අතට වඩා මෘදු ගතියක් දැනෙන දන්තාලේප තමයි වඩා සුදුසු.

එහෙනම් ඊළඟ දවසේ වාහනේ හෙඩ් ලයිට් පොලිෂ් කරන තැනකට ගෙනියන්න ඉස්සෙල්ලා මේ ක්‍රමේ කරලා බලන්න. අන්තිමට ඔයාම මේක කර ගත්ත කියල ඔයාටම සතුටු හිතෙයි.

About Admin

Check Also

වාහනේ පිවිතුරු බව රැක ගන්න වටිනා ඔවදන් 6 ක්

වාහනේ ලස්සනට තියාගන්න අපි කොච්චර මහන්සි වෙනවද? සර්විස් ස්ටේෂන් වලට දහස් ගණන් සල්ලි දීල, හෝදලා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *