Home / Fuel / මඩවල උපාලි තෙරුන්ගෙන් ලොව මවිත කළ විදුලි මෝටර් රථයක්
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

මඩවල උපාලි තෙරුන්ගෙන් ලොව මවිත කළ විදුලි මෝටර් රථයක්

මේ  රත්තරන් භූමියෙන් ඉපදෙන ලක්වාසීන් කියන්නේ බොහොම දක්ෂ මනුස්ස කොට්ටාසයක්. මේ පොළොවේ පය ගහලා හිටපු අය අද ලෝකේ ලොකුම තැන්වල වැජඹේනවා. ඒ මොළ නැතුව ලෝකේ සමහර දේවල් කරන්නත් බැරි වෙලා තිබෙනවා. ඒත් ඒ මිනිස්සු ගැන කියවෙන්නේ හරිම අඩුවෙන්.

මඩවල උපාලි හාමුදුරුවො කියන්නෙත් එවැනි මහා බුද්ධිමතෙක්.  මුළු ලෝකයටම පුදුම හිතෙන අපූර්ව නිර්මාණයක් උන්වහන්සේ සොයාගෙන තිබෙනවා. ඒ කිසිම භෞතික ඉන්ධනයකින් තොරව ධාවනය කරවන්න පුළුවන් සූර්යය බල ශක්ති මෝටර් රථයක්.

මේක හරිම අපූරු නිර්මාණයක්. මේක ධාවනය කෙරවෙන්නේ සූර්ය ශක්තියෙන්.  රථයේ තිබෙන සූර්ය පැනල භාවිතයෙන් රථය බලගන්වන බැටරිය ආරෝපණය වෙනවා.  ඒ නිසා පෙට්‍රල් ඩීසල් කිසිම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. විශේෂම දේ තමයි,  රථය තිරිංග තද කරනකොට වැය වෙන චාලක ශක්තියත් ආපහු විද්යුතු ශක්තියට පරිවතයනය කරලා  බැටරිය ආරෝපණය කරන්න යොදා ගන්න එක.

සාමන්‍යයෙන් මේ ක්‍රමය අපිට දකින්න පුළුවන් වෙන්නේ ප්‍රියස්, ඇක්වා, ලීෆ් වගේ රථවල. ජපනා කෝටි ගානක් වියදම් කරලා සොයා ගත්තු ඒ දේවල් ලංකාවේ බොහොම සරල හිමි නමක් තමන්ගේ නිර්මානයකට යොදා ගෙන තිබීම අදහගන්නත් බැරි තරම් දෙයක්.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මේ රථය බොහොම පිරිසිදු එකක්.   ලෝකයේ බරපතළ ප්‍රශ්නයක් වන ගෝලීය වායු දූෂණයට හා උණුසුමිකරණයට සෘජුව බලපාන කාබන්ඩයොක්සයිඩ්, සල්ෆඩයොක්සයිඩ් ආදී කිසිම වායුවක් මේ රථයෙන් පිට වෙන්නේ නෑ.

දැන් කවුරු හරි කියයි නිසාන් ලීෆ් එකත් ඉතින් මෙහෙම නේද කියල. නැහැ, ලීෆ් ඒක සූර්ය ශක්තියෙන් චාජ් වෙන්නේ නෑ. ඒක ආරෝපණය කරන්නත් ගෙදර තියෙන විදුලියට ගහන්න ඕනේ. ඒ විදුලිය හදන්නත්, රටේ කොහේ හරි තැනක ගල් අඟුරු ටිකක්, ඩීසල් ටිකක් පුච්චනන ඕන වෙනවා. අන්තිමේදී බලනකොට ලීෆ් ඒක දුවන්නත් ඩීසල් හරි ගල් අඟුරු හරි බොහොම සුළු ප්රාමාණයක් වත් දායක වෙලා තිබෙනවා.

මේ මෝටර් රථය නිපදවන්න, උපාලි හිමියන් යොදාගෙන තිබෙන්නේ සූර්යය ශක්තිය, විභව ශක්ති, ප්‍රතිප්‍රාප්තිය මූලධර්මය හා විද්‍යුත් ප්‍රතිගාමක බලය යන මූලධර්මයි. මේ රථයට මේ වනවිට පේටන්ට් බලපත්‍රයත් හිමි වෙලා තිබෙනවා.

ප්‍රමාණයෙන් කුඩා මේ රථයේ වරකට ගමන් ගන්න පුලුවන් දෙදෙනෙකුට පමණයි. ඒ වගේම පැයට කිලෝ මීටර් තිහක උපරිම වේගයක් මේ රථයට තිබෙනවා. ඇවිදීමේ අපහසුතාවන් ඇති අයට මෙන්ම ව්‍යාපාරික සමාගම් පරිශ්‍ර තුල එහා මෙහා යන්නත් ඒවායේ නිලධාරීට මේ රථය යොදා ගන්න පුළුවන්.  මේකේ තිබෙන ලොකුම විශේෂත්වය තමයි ටයර් වලට හුලන් ටිකක් ගහගන්න ඒක හැරුනම ෆුට් බයිසිකලයක තරම් වත් වියදමක් නොවීම.

භාවනාව ගැන බෝහෝම ඉහල ප්‍රවීනත්වයක් ලබා සිටින මඩවල උපාලි හාමුදුරුවො, අධ් මානසික විද්‍යාව ගැනත් ලංකාවේ වෙන කිසිම කෙනෙකු නොකරපු තරම්  පරීක්ෂණ කරලා ඒ සම්බන්ධව ප්‍රසිද්ධ පොත පත ලියලත් තිබෙනවා. මඩවල උපාලි හාමුදුරුවෝ පැවිදි වෙන්න කලින් විද්‍යා ගුරුවරයෙක්. ඒ නිසා උන්වහන්සේ තවමත් විද්‍යාවට නැඹුරුයි. එහි ප්‍රතිඵලයක් ලෙසට තමයි මේ සූර්යය බල ශක්ති මෝටර් රථය එලි දකින්නේ.

උන්වහන්සේ වැඩ සිටින්නේ බණ්ඩාරවෙල. කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ. මේ මෝටර් රථය ගැන වැඩිදුර දැනගන්න කැමති අයට එතනට ගිහින් මේක දැකබලා ගන්න පුළුවන්.

මේකේ අමාරු හරිය උපාලි හාමුදුරුවෝ කරලා ඉවරයි. ඊළඟට තියෙන්නේ අඩුපාඩු ටික හදලා වාහනේ මාර්කට් එකට දාන ඒක. ඉතින් රටේ පාලකයෝන්ගෙන් උපාලි හාමුදුරුවන්ට මේ නිර්මාණය වැඩි දියුණු කරගන්න ඇත හිත දීමක් සිද්ද උනොත්, ලංකාවෙත් දවසක හොඳ හොඳ කාර් නිෂ්පාදනය වේවි. රටේ නැතිම දෙයක් වන රැකියා සහ ව්‍යාපාරික අවස්ථා පුළුල් වෙලා දහස් ගණනකට රැකියා හම්බ වේවි.  ඒ විතරක් නෙමෙයි,  රටේ බාල මහලු කොයි කාටත් අපේම රටේ වාහනේක නැගිලා උජාරුවෙන් අවුරුද්දට නෑගම් යන්න, වන්දනාවේ යන්න පුළුවන් වේවි. ලංකාව ජපානයටත් වඩා ඉහල තැනකට යාවි.

ඉතින් මේකට මොකක්ද අපිට කරන්න පුළුවන්? රටේ පාලකයෝන්ගේ ඇස් ඇරෙන්න මේක දන්නා කියන හැමෝම අතරේම ශෙයාර් කරන එක!

About Admin

Check Also

පෙට්‍රල් ඩීසල් මාරු කරලා ගැහුවොත් මොකද වෙන්නේ?

පෙට්‍රල් එන්ජිමකට ඩීසල් දැම්මොත්? හදිසියට හා නොදැනුවත්කම නිසා බොහෝ දෙනෙකු අතින් වැරදි සිදුවේ. ඩීසල් පෙට්‍රල් …