Home / Fuel / පෙට්‍රල් ඩීසල් මාරු කරලා ගැහුවොත් මොකද වෙන්නේ?
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

පෙට්‍රල් ඩීසල් මාරු කරලා ගැහුවොත් මොකද වෙන්නේ?

පෙට්‍රල් එන්ජිමකට ඩීසල් දැම්මොත්?

හදිසියට හා නොදැනුවත්කම නිසා බොහෝ දෙනෙකු අතින් වැරදි සිදුවේ. ඩීසල් පෙට්‍රල් මාරු කර ගැසීම මෙවැනි අත්වැරදීමකි. පෙට්‍රල් වලට ඩීසල් ගැසීම, ඩීසල් වලට පෙට්‍රල් ගැසීම තරම් හානිකර නොමැත.  පෙට්‍රල්, ඩීසල් වලට වඩා ඉක්මනින් දහනය වන, ඉතා වාෂ්පශීලි ද්‍රවයකි. එය සිලින්ඩර තුලදී ස්පාර්ක් එකක් මගින් දහනය කරනු ලැබේ.

නමුත් ඩීසල් එසේ ස්පාර්ක් එකක් මගින් දහනය නොවේ. ඒ සඳහා එය අධි සම්පීඩනයකට යටත් කල යුතුය. පෙට්‍රල් එන්ජිමකදී අධික සම්පීඩනයක් ඇති නොවන නිසා  සිලින්ඩර තුල ඩීසල් එකතු වන අතර එමගින් සිලින්ඩර සහ පිස්ටන් වලට හානි සිදු විය හැකිය. එමෙන්ම ක්‍රෑන්ක් ශෆ්ට් එකට හානි සිදු විය හැකිය. එමෙන්ම, සිලින්ඩර තුලින් ඩීසල් ඔයිල් සම්ප් එක තුලට ඇතුළු වී  ද්‍රවකයක් ලෙස ක්‍රියා කර තෙල් වල ලිහිසිකාරක ගුණයට හානි කරවීමට හැකිය. එනිසා එන්ජිම පිරිසිදු කිරීමෙන් පසුව එන්ජින් ඔයිල් මාරු කිරීමට ද සිදු වනු ඇත.  

තවද ඉන්ධන ටැංකියේ සිට ඉන්ධන පොම්පය දක්වා සියලුම පද්ධති පිරිසිදු කිරීමට සිදුවේ. එමෙන්ම ඉන්ජෙක්ටර්  , සිලින්ඩර සහ ස්පාර්ක් ප්ලග්ස් වල කාබන් බැඳීම වැලැක්වීම පිණිස ඒවා   පිරිසිදු කිරීමටත්, අවශ්‍ය නම් මුළු එන්ජිමම ෆ්ලශ් කිරීමටත් සිදු වේ. මෙය ටැංකියට දමන ලද ඩීසල් ප්‍රමාණය මත වෙනස් වේ. අවසානයේ ඉතුරු වී ඇති ඩීසල් තිබේ නම් ඒවා ඉවත් කිරීමට වාහනය දිගු වෙලාවක් ධාවනයේ යෙදවීමටත් සිදු වේ. මෙහිදී දැඩි දුමාරයක් ඒම බලාපොරොත්තු විය යුතු දෙයකි.

යතුර දමා ස්ටාර්ට් කිරීමෙන් එන්ජිම තුල තවදුරත් ඩීසල් පැතිර යනු ඇත. ඒ නිසා ස්ටාර්ට් කිරීමට උත්සාහ නොකර කාර්මිකයෙකු වෙත රථය ඇද ගෙන ගොස් නිසියාකාරව පිරිසිදු කිරීම සිදු කළ යුතුය.

ඩීසල් වාහනේකට පෙට්‍රල් දැම්මොත්.

ඉන්ධන හල් තුලදී බහුලව විය හැකි වැරද්දක් වනුයේ ඩීසල් වාහනයට පෙට්‍රල් ගැසීමයි. මෙය කලින් සඳහන් කළ වැරැද්දට වඩා ඉතා භයානක තත්වයකි. ඇතැම් බස් රථ රියදුරන් එහෙම සයිලන්සර් වල ශබ්දය වෙනස් කිරීම සඳහා පෙට්‍රල් ටිකක් ද ටැංකියට දමනු ලැබේ.

නමුත් පෙට්‍රල් වලින් ඩීසල් එන්ජිමට හානි කරනු ලැබේ. විශේෂයෙන්ම ඩීසල් පොම්පයට මෙය හානිකර වේ. ඩීසල් පොම්පය තුල ලිහිසිකාරකයක් ලෙස ඩීසල්ම යොදා ගැනේ. නමුත් මෙය තුළට පෙට්‍රල් දැමූ පසු පෙට්‍රල් ඩීසල් සමග එකතු වී ලිහිසිකාරක ගුණය නැති වී ද්‍රවකයක් ලෙස ක්‍රියා කිරීමට පටන් ගනී. එවිට එහි චලනය වන ලෝහ කොටස් අතර ගර්ෂණය ඇති වී එම කොටස් වලට හානි වීම සිදු වේ. එමෙන්ම පෙට්‍රල් වලට ඔරොත්තු නොදෙන අනෙකුත් කොටස් වලටද මෙසේ හානි විය හැකිය.

යතුර යොදා ස්ටාර්ට් කිරීමට උත්සාහ කිරීමෙන් වනුයේ පෙට්‍රල් මුළු පද්ධතිය පුරාම පැතිරී හානිය අධික වීමයි.

ඩීසල් එන්ජින් වල පිස්ටන් නොමැත. ඩීසල්, පෙට්‍රල් මෙන් ස්පාර්ක් එකක් ආධාරයෙන් දහනය නොවන ඉන්ධනයකි. ඩීසල්  අධික සම්පින්දනයකට ලක් කර දහනය කරනු ලැබේ. ඩීසල් වලට වඩා පෙට්‍රල් ඉක්මනින් දහනය වේ. සිලින්ඩර තුලට පෙට්‍රල් ඇතුළු වුවහොත්,  පෙට්‍රල් දහනය අවේලාවේ  සිදු වී එන්ජිම තුල විවිධ ගැස්සීම ඇති වේ. මෙමගින් ක්‍රෑන්ක් ශෆ්ට් ආදිය ඇදවීමටත්, වෑල්ව සහ සිලින්ඩර් ලයිනර් වලට හානි සිදු වීමටත් හැකි වේ. 

 ඒ නිසා ස්ටාර්ට් කිරීමට උත්සාහ නොකර කාර්මිකයෙකු වෙත රථය ඇද ගෙන ගොස් පරිසිදු කිරීම සිදු කළ යුතුය. එහිදී ඉන්ධන ටැංකිය,  ඉන්ධන ගෙන යන බට, ඉන්ධන පොම්පය, ඉන්ජෙක්ටර් ආදියෙන් ඩීසල් ඉවත් කිරීමට සිදුවේ. අවසානයේ වෙනත් තැන් වල ඇති ඩීසල් ද දහනය කර ඉවත් කිරීමට වාහනය ඉතා දුර ගමනක් ධාවනය කිරීමට ද සිදු වේ. මෙසේ පිරිසිදු කිරීමක් නොකර නොසැලකිලිමත්ව පෙට්‍රල් සහිතව ධාවනයේ යෙදුනොත් අධික වියදමක් දරා මුළු එන්ජිමම අලුත්වැඩියා කිරීමට සිදු වනු ඇත.

 

About Admin

Check Also

වාහන වලින් එන සද්ද බද්ද

වාහනයක් කියන්නේ එහාට මෙහාට අරන් යන්න පුළුවන් යන්ත්‍රයක්. ඒ වගේම යකඩ ගොඩක්. මේකේ කොහේ හරි …