Breaking News
Home / Mechanical Knowledge / එයාර් සස්පෙන්ෂන් Air Suspension
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

එයාර් සස්පෙන්ෂන් Air Suspension

මෝටර් රථයක සස්පෙන්ෂන් පද්ධතියේ අත්‍යවශ්‍යම අංගයක් ලෙස ෂොක් ඇබ්සොර්බර් හඳුන්වාදිය හැකිය. බොහොමයක් මෝටර් රථ වල සෑම රෝදයකටම එක බැගින් ෂොක් ඇබ්සොර්බරයක් බැගින් තිබේ.

ෂොක් ඇබ්සොර්බරයක් මඟින් ප්‍රධාන වශයෙන් මෝටර් රථයේ බෝඩියේ චලනය සීමා කිරීමක් සිදු කෙරේ. යන මාර්ගයේ ස්වභාවය අනුව බොඩිය උඩට පහලට, හෝ දෙපසට ආදී වශයෙන් සෙලවීමට ඇති හැකියාව ෂොක් ඇබ්සොර්බර් මඟින් අඩු කරවයි. එමෙන්ම අධික වේගයෙන් ගොස් වංගු ගැනිමේදී වාහනය පෙරලීමට හෝ දෙපසට වැනීමට ඇති හැකියාවද අඩු කරවයි. එනිසා ෂොක් ඇබ්සොර්බර් යනු මෝටර් රථ වල සැපපහසුව සහ පාලනය සඳහා පවතින අත්‍යවශ්‍යම අංගයක් ලෙස පැවසිය හැකිය.  

මෝටර් රථ වල ඇති විවිධාකාරයේ ෂොක් ඇබ්සොර්බර් අතරින් වායු ෂොක් ඇබ්සොර්බර් (air shock absorbers) වලට සුවිශේෂී තැනක් හිමිවේ. ඉතා සුඛෝපභෝගී මෝටර් රථ වල බොහොමයක් වෙලාවට දකින්නට ලැබෙන එයාර් සස්පෙන්ෂන් සාමාන්‍යයෙන් මිලෙන් අධික අංගයක් ලෙස සැලකේ. වළ ගොඩැලි සහිත රළු මාර්ගවලදී, සාමාන්‍ය කොයිල් ස්ප්‍රින්ග් වලට සාපේක්ෂව වාහනයේ බොඩිය ඉහල පහල යන ගතිය එයාර් සස්පෙන්ෂන් වල නැත්තටම නැති තරම්ය.

ස්ප්‍රින් එකකට සාපේක්ෂව වායුවක සම්පීඩන හැකියාව ඉතා වැඩිය. එම නිසා වායුවක් මගින් අවශෝෂණය කරගත හැකි ඝට්ටන ප්‍රමාණය වැඩිය. එබැවින් මාර්ගයේ ඇති විවිධ සංකුලතා හමුවේ  රෝද කොතෙකුත් ඉහළ ගියද එයාර් සස්පෙන්ෂන් වලට සවි වී ඇති බොඩිය ඉහල පහල යන්නේ නොසැලකිය හැකි තරම අඩු පමනකිනි.

එමෙන්ම සැපපහසුව බලාපොරොත්තුවෙන අයට ඒ විදියටද, වඩා ක්‍රීඩාශීලී ධාවනයක් බලපොරෝත්තු වන අයට ඒ විදියට ද, මෙම එයාර් සස්පෙන්ෂන් වල නම්‍යතාවය තමන්ට රිසි තරමට රියදුරාට සකසා ගන්නටත් පුළුවන්. ඒ විතරක් නොවේ, මෝටර් රථයේ උස පාලනය කිරීමටද එයාර් සස්පෙන්ෂන් මඟින් හැකියාව ලැබේ. මෝටර් රථ ප්‍රදර්ශන වලදී දක්නට ලැබෙන ඉහලට සහ පහලට එසවීමට සහ පහත්කිරීමට් ඇති හැකියාව ලැබෙනුයේ ද  එයාර් සස්පෙන්ෂන් භාවිතයෙනි.

එපමණක් නොවේ, suv වැනි රථවල ඇදගෙන යාමේ හැකියාව (towing power) ඉතා හොඳින් වැඩි කිරීමටත් මෙම එයාර් සස්පෙන්ෂන් වලට හැකිය.

එයාර් සස්පෙන්ෂන් වල පවතින අවාසියක් නම් එහි මිල අධිකතාවයි. ඉහල ගණයේ වාහන වල වුවද එය ඔප්ෂනල් අංගයක්(optional feature) එකක් ලෙස පැමිණෙන අවස්ථා එමටයි. ඒ අතරින් එය සාමාන්‍ය අංගයක් ලෙස පැමිණෙන්නේ බෙන්ස්  S ක්ලාස් සහ Range Rover රථ වල පමණි.

තව ද ඒවායේ අලුත්වැඩියා කටයුතු ද ඉතා සංකීර්ණ සහ මිලෙන් අධික වේ. යම් පැත්තක එයාර් සස්පෙන්ෂන් වල දෝෂයක් වුවහොත් ඒ දෙසට වාහනය පාත් වීමක් සිදු වේ. මෙය සාමාන්‍ය සස්පෙන්ෂන් වලදී සිදු නොවන දෙයකි.

මෙවැනි හේතු නිසාම එවැනි අලුත්වැඩියා කටයුතු වලදී  එයාර් සස්පෙන්ෂන් ඉවත් කර, සාමාන්‍ය සස්පෙන්ෂන් පද්ධතතියක් සවි කරගන්නා අවස්ථා ද තිබේ.

එයාර් සස්පෙන්ෂන් ක්‍රියාත්මක වීම උදෙසා එය නිසි පීඩනයක් යටතේ ක්‍රියා කල යුතුය.   වායු පීඩනය නියමිත අගයක පවත්වා ගැනීම උදෙසා වායු පොම්පයක් ද තිබේ. මුල්කාලීනව යාන්ත්‍රිකව ක්‍රියා කල මෙය වර්තමානයේ බොහෝ විට ඉලෙක්ට්‍රෝනික ක්‍රමයකට ක්‍රියා කෙරේ. ඉලෙක්ට්‍රෝනික ඒවා වාහනයේ ecu එක මඟින් පාලනය වන අතර, සංවේදක හරහා ලබා ගන්න තොරතුරු අනුව එයාර් සස්පෙන්ෂන් පද්ධතියේ පීඩනය ධාවන තත්ත්ව අනුව වෙනස් කර ගැනීමට මේවාට හැකිය.

 

Facebook Comments

About Admin

Check Also

සර්පන්ටයින් බෙල්ට් Serpentine Belts

සර්පෙන්ටයින් බෙල්ට් යනු නුතන වාහනවල දක්නට ලැබෙන එක්තරා බෙල්ට් විශේෂයකි. එන්ජිමේ සියලුම කරකැවෙන කොටස් ක්‍රියාත්මක …