Breaking News
Home / Mechanical Knowledge / පිස්ටන් වළලු Piston Rings
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

පිස්ටන් වළලු Piston Rings

සිලින්ඩරයක් තුළදී ඉන්ධන වාතය මිශ්‍රණය දැවුණු පසු ඉතා අධික පීඩනයක් ඇති වේ. මෙම පීඩනය නිසා දැවුණු වාතය පිස්ටනය සහ සිලින්ඩරය අතරින් පිටතට කාන්දු වීමට පුළුවන. මෙම කාන්දු වීම වැළක්වීම සඳහා පිස්ටනය හා සිලින්ඩරය අතර දශමයක හෝ හිඩැසක් නැතිව පිස්ටනය සිලින්ඩරයට 100% ක්ම ගැලපෙන සේ සෑදිම ප්‍රයෝගික නොවේ. එසේනම් මේ හිඩැස අතරින් වාතය කාන්දු වීම වැළක්වීමට ඒ අතරට මුද්‍රාවක් තැබිය යුතුයි. ඒ මුද්‍රාව ලබා ගැනීම සඳහා පිස්ටන් වළලු යොදා ගැනේ. මේ වළලු පිස්ටන් එකේ ඇති කුඩා කට්ටා වලට සවි කරනු ලැබේ.

පිස්ටන් වළලු වල ප්‍රධාන වශයෙන් කාර්යයන් 4ක් තිබේ.

  1. පෙට්‍රල් වාත මිශ්‍රණය දහන කුටීරයෙන්  පිටතට කාන්දු වීම වැලැක්වීම.
  2. පිස්ටන් එකේ ඇති අධික තාපය සිලින්ඩරයේ බිත්ති වලට සම්ප්‍රේෂණය කිරීම.
  3. පිස්ටන් එක සහ සිලින්ඩර් බිත්තිය අතර ස්නේහක තෙල් නියමිත ප්‍රමාණවලින් පවත්වාගෙන යාම.
  4. අමතර ස්නේහක තෙල් සිලින්ඩර් බිත්ති වලින් සූරා තෙල් දෙනට වැටීමට සැලැස්වීමෙන් එන්ජින් තෙල් පිළිස්සීම වැලැක්වීම.

පිස්ටන් වළලු 4ක් පමණ සාමාන්‍යයෙන් යොදනු ලැබේ. මින් ඉහළ දෙක සම්පීඩන වළලු ලෙසත් පහළ දෙක තෙල් පාලන වළලු ලෙසත් හඳුන්වයි.

තෙල් පාලන වළලු වලත් වෙන වෙනම  කට්ටා තිබේ.

සම්පීඩන වළලු වලින් කෙරෙනුයේ වාතය කාන්දු වීම වලක්වීමයි. තෙල් පාලන වළලු වලින් ස්නේහක තෙල් යාමනය කිරීම සිදු කරයි. නමුත් සම්පීඩන වළලු වලින්ද ස්නේහක තෙල් දහන කුටීරයට යාමද, තෙල් වළලු වලින් වාතය කාන්දු වීම ද වලක්වනු ලබයි.

මේවාට වළලු කියුවත්, මේවා එක තැනකින් හිඩැසක් පවතියි. එම නිසා වළලු ඇද පිස්ටනයට ඇතුළු කිරීමට හැකි වේ.

සම්පීඩන වළලු ඉහලින් ඇති නිසා දැඩි උෂ්ණත්වයන්ට ලක් වේ. එම නිසා ඒවා වාත්තු යකඩින් සාදනු ලැබේ. පැරණි වාහනවල සම්පීඩනය වළලු 3ක් තිබිය හැකි මුත් නූතන වාහනවල බොහෝ විට ඇත්තේ දෙකක් පමණි.සම්පීඩන වළලු වල ගෙවීම අඩු කිරීම සඳහා ග්‍රැෆයිට්, අයන් ඔක්සයිඩ් සහ ක්‍රෝමියම් යන ද්‍රව්‍ය අලේප කරනු ලැබේ.

පිස්ටන් වළලු සහ සිලින්ඩර අලුත් අවස්ථාවේදී ඒවායේ පෘෂ්ට  අතර රළු ගතියක් තිබේ. නමුත් ධාවනයත් සමග ඒවා ගෙවී සුමට වී එකිනෙක හොඳින් මුද්‍රා වේ. මේ රළු ගතිය නිසාත්, ස්නේහක තෙල් නිසි ලෙස නොලැබීම නිසාත් ඒවා ඉතා තදින් රත් වී එකිනෙක පෑස්සේ. නමුත් පිස්ටන් චලනය මගින් මෙම පෑස්සුනු කොටස් නැවතත් කඩා දැමෙන අතර එවිට සිලින්ඩර බිත්ති වලටද හානි වේ.

එන්ජිම ක්‍රියාකාරී අවස්ථාවේ ස්නේහක තෙල් සිලින්ඩර් බිත්ති වලට විසි වී ඒවා ස්නේහනය වෙයි. එන්ජිමේ වේගයත් සමග මෙම තෙල් ප්‍රමාණය ද වැඩි වේ. එවිට වැඩිපුර තෙල් සූරා දමා තෙල් ප්‍රමාණය අවම අගයක පවත්වා ගන්නේ තෙල් වළලු මගිනි. වැඩිපුර තෙල් දහන කුටීර වලට ගියොත් ඒවා පිළිස්සී සිලින්ඩර වල කාබන් තැන්පත් වේ. එමගින් ඉන්ධන වාතය මිශ්‍රණය නිසි ලෙස දහනය වීමට බාධා එල්ල වන අතර ස්පාර්ක් ප්ලග් වල තැන්පත් වීමද සිදු වේ.  එවිට එම කාබන් ඉවත් කිරීමට විශාල මුදලක් යට කර එන්ජිම අලුත්වැඩියා කිරීමට සිදු වේ.

තෙල් වළලු පහලින් පිහිටා ඇති බැවින් ඒවා සම්පීඩන වළලු තරම් අධික උෂ්ණත්වයකට පත් වන්නේ නැත. ඒ නිසා ඒවා වානේ වලින් ද සාදනු ලැබේ.

Facebook Comments

About Admin

Check Also

සර්පන්ටයින් බෙල්ට් Serpentine Belts

සර්පෙන්ටයින් බෙල්ට් යනු නුතන වාහනවල දක්නට ලැබෙන එක්තරා බෙල්ට් විශේෂයකි. එන්ජිමේ සියලුම කරකැවෙන කොටස් ක්‍රියාත්මක …