Breaking News
Home / General Knowledge / මැනුවල් පදින අය මෙහෙම කරන්න හිතන්නවත් එපා
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

මැනුවල් පදින අය මෙහෙම කරන්න හිතන්නවත් එපා

මේක අදාල වෙන්නේ මැනුවල් වාහනයක් පදින අයට පමණයි. මැනුවල් වාහනයක ගියර් මාරු කරලා අපිට ඕන විදියට පාලනය කරන්න පුළුවන් කම ලොකු වාසියක්. ඒ වාසිය නිසාම සමහර අය ඔටෝමැටික් ඒවාට එච්චර කැමැත්තකුත් නැහැ. ගියර් දැමිල්ල කාටත් කරන්න පුළුවන් උනත් ඒක හරි පරිස්සමට කරන්න ඕන දෙයක්. අපි නොදන්න සමහර වැරදි නිසා අපි නොදැනුවත්වම වහනයට හානි වෙන්න පුළුවන්. අන්න ඒ වැරදි වලින් බහුලවම කෙරෙන 5ක් ගැන කියන්න තමයි අපි අද සුදානම් වුනේ. බලමු මේ දේවල් ඔයාලත් කරනවද කියල.

ගියර් එක උඩ අත තියාගෙන යාම.

 

 

අපි හරියටවත් කරන දෙයක් තමයි වාහනය පදවන කොට ගියර් ලිවර් එක උඩ අත තියාගෙන යන එක. ආරක්ෂාව අතින් නරක දෙයක් උනාට, අපි ගොඩක් අය පුරුදු වෙලා තියෙන්නේ දකුණු අතින් ස්ටියරින් විල් එක අල්ලාගෙන වම් අත  කොහේ හරි තියන් යන එකනේ.. කොහේ හරි කියල පවසුවට ඇතැම් අයට මේ ගියර් ලිවර් එක හොඳ සැප පහසු වාරුවක්.. 

නමුත් ඇත්තටම බැලුවොත් මේක වාහනයේ ගියර් පද්ධතියේ කල් පැවැත්මට බොහොම නරක දෙයක්. සමහර වෙලාවට ඔයාල දැකල ඇති ගියර් ලීවර් එක  දෙදරන වගේ අවස්ථා තියෙනවා. මේ දෙදරීම නිදහසේ වෙන්න ඕන දෙයක්. අපි අත තියාගෙන ඉන්න ගියාම මේක ස්ථාවර වෙන්න හදනවා. එතකොට ගියර් ලීවර් එකට සම්බන්ධ අභ්‍යන්තර කොටස් නිරන්තරයෙන්ම ගර්ශනයට ලක් වෙලා තමයි තියෙන්නේ. එතකොට ඒවා ඉක්මනටම ගෙවෙන්න බලනවා. අනෙක තමයි ගියර් ශිෆ්ටර් එකේ තියෙන්නේ ලීවර් ක්‍රමයක්. අපේ අතේ තියෙන බර විශාල ගුණයකින් වැඩි වෙලා තමයි ඇතුලට යන්නේ. එතකොට ඇතුලේ කොටස් වලට වැඩි බලයක් යෙදෙනවා.. එවිට ගෙවීම වැඩියි.

 ක්ලච් එකට කකුල තියාගෙන යාම.

අනෙක තමයි, ගියර් නොදමන අවස්ථා වල ක්ලච් එකට කකුල තියාගෙන යාම. ක්ලාෂ් එකෙන් කෙරෙන්නේ, එන්ජිමෙන් එන බලය තාවකාලිකව නවත්වල ගියර් මාරු කරන්න අවස්ථාව ලබා දෙන එක. එහෙම බලය නවත්වන්නේ, ක්ලච් ප්ලේට් එක එන්ජිමත් එක්ක කැරකිලා.. අපි කකුලෙන් පාගන්න පාගන්න, ක්ලච් ප්ලේට් එක එන්ජිමත් සමග ගෑවෙනවා. අපි කකුල යාන්තම් පාගාගෙන හිටියොත්, යාන්තම් ගෑවෙනවා. නමුත් මේක දීර්ග කාලීනව වෙනකොට ක්ලච් ප්ලේට් එක අපි නොහිතන විදිහට ගෙවෙන්න බලනවා. 

 ක්ලච් එකෙන් බ්රේක් කරන් සිටීම.

අනෙක තමයි, ක්ලච් එක තිරිංග ක්‍රමයක් ලෙස භාවිත කිරීම. අපි දන්නවනේ, ක්ලච් එකෙන් සහ  අක්සලේටරයෙන් බැලන්ස් කරගෙන හිටියම කාරෙක පිටිපස්සට යන්න නොදී තියාගන්න පුළුවන් කියල. උදාහරණයක් විදියට පොඩි කන්දකදී, බ්රේක් නොකර, ඔය දෙකෙන් විතරක් වාහනේ රිවර්ස් වෙන්න නොදී අල්ලන් ඉන්න පුළුවන්. නමුත් එතනදි, වෙන්නෙත් ක්ලච් ප්ලේට් ගෙවෙන එක. හැකි සෑම අවස්ථාවකදීම, වාහනය නියුට්‍රල් කරලා බ්රේක් කරගෙන ඉන්න. අවශ්‍යම විටෙක විතරක් ක්ලච් බැලන්ස් පාවිච්චි කරල වාහනය නතර කරගෙන ඉන්න.

 ට්‍රැෆික් එකේ ක්ලච් එක පාගගෙනම සිටීම. 

ට්‍රැෆික් වලදී අපි සමහර අය කරන දෙයක් තමයි, වාහනය ගියර් එකක තියාගෙන ක්ලච් එක පාගාගෙන ඉන්න එක. පිටුපස ඉන්න අය කෝප නොකර ඉක්මනට වාහනය ඉස්සරහට ගන්න බලපොරොත්තුවෙන් තමයි ගොඩක් අය මෙහෙම ඉන්න. කලින් කියුව වගේ මෙතනදීත් වෙන්නේ ඉක්මනට ක්ලච් ප්ලේට් ගෙවෙන එක. ඇත්තටම  ගත්තොත්, ක්ෂණිකව ක්ලච් ප්ලේට් එක පාගල, ගියර් එක දාන්න යන්නේ තත්පරයකටත් අඩු කාලයක්නෙ. මෙහෙම පාගගෙන ඉන්න ඉන්න ක්ලච්න ප්ලේට් එක ගෙවෙනවා. එනිසා හැකි සෑම විටෙකම වාහනය නියුට්‍රල් කරලා හෑන්ඩ් බ්රේක් දාල නවත්වල තියන්න. එතකොට ක්ලච් ප්ලේට් එක ගොඩක් කල් හාවිතා කරන්න පුළුවන් වේවි.

අනවශ්‍ය ගියර් වල ධාවනය කිරීම. 

 

 

ඔයාලට අත්දැකීම් ඇති සමහර වාහන ඉහළ ගියර් එකකට, අඩු වේගයකදී මාරු උනොත් දෙදරන්න ගන්නවා කියල. එක බොහොම හානිදායක දෙයක්. ඔයාල ගියර් බයිසිකල් පැදලා තියෙනවනම් දන්නවා ඇති ලොකුම දැති රෝදවලට දාල බයිසිකලය හෙමින් පදින්න ගියාම ඇඟට දැනෙන අමාරුව. කකුල එක වටයක් පෑගුවම බයිසිකලය ගොඩාක් දුර යන බව ඇත්ත, නමුත් එකට අපි ඇඟේන් දෙන්න ඕන මහන්සිය කොච්චර විශාල ද? වාහනේටත් ඒ වගේ තමයි, උඩ  ගියර් එකකදී (3,4 වගේ) ඒකට දරන්න බැරි තරම් අඩු වේගයකින් ගියාම එන්ජිමට බර වැඩි වැඩියි. ඒක එන්ජිමට බොහොම හානි දායක දෙයක්,

 නිසි කලට ගියර් නොදැමීම.

තවත් දෙයක් තමයි, අඩු ගියර් එකක, එකේ වේග සිමාව පැනලත් ගොඩක් වෙලා යනකන් ධාවනය කරන එක. ගියර් එකකින් යන්න පුළුවන් එක එක වේග සිමාවන් තියනවා. RPM එක තියෙන වාහනයක නම්, රතු කට්ට පනින්න කලින් ගියර් මාරු කරන්න ඕනේ. නැත්තනම් එකත් හොඳ නැහැ. නිකමට වත් පොඩි කාලේ කාර් ගේම් වල drag race ගිහින් තියෙනවා නම් දැකල ඇති යම් ගියර් එකක ඒකට දරන්න බැරි වේගයකින් ගියාම එන්ජිම බ්ලාස්ට් වෙන හැටි. ඒ වර්චුවල් ලෝකේ උනාට එක ඇත්ත ලෝකෙත් වෙන්න පුළුවන්.

 

ඔන්න ඕක තමයි මේ වැරදි කියල කියුවේ. ගියර් පද්ධතියයි ක්ලච් එකයි සෑහෙන කලක් පාවිච්චි කරන්න ආස නම් ඒ නරක පුරුදු වලින් ඈත් වෙන එක ගොඩක් හොඳයි.
Facebook Comments

About Admin

Check Also

how to change radiator coolant

රේඩියෙටර් සිසිලනකාරකය ගෙදරදීම මාරු කරමු.

වාහනයක එන්ජිම ඕනවට වඩා රත් වෙන්න නොදී හරි උෂ්ණත්වයේ පවත්වාගෙන යන්න දායක වන ප්‍රධානම උපාංගය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *