Breaking News
Home / Mechanical Knowledge / සර්පන්ටයින් බෙල්ට් Serpentine Belts
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

සර්පන්ටයින් බෙල්ට් Serpentine Belts

සර්පෙන්ටයින් බෙල්ට් යනු නුතන වාහනවල දක්නට ලැබෙන එක්තරා බෙල්ට් විශේෂයකි. එන්ජිමේ සියලුම කරකැවෙන කොටස් ක්‍රියාත්මක කරනු ලබන තනි බෙල්ට් එකකි. එමගින් ඒසී එක, පවර් ස්ටියරින් එක, ඔල්ටනේටර්ය ඇතුළු බොහෝ උපකරණ සහ පොම්ප ආදිය එකවිට ක්‍රියාත්මක කරවයි.

 මෙම සර්පන්ටයින් බෙල්ට් එක අක්‍රිය වුවහොත් එම සියලුම පද්ධති එකවර ඇනහිටීම මෙහි ඇති අවාසියකි. නමුත් වරින් වර පරික්ෂා කිරිමකට වඩා වෙනත් සීරුමාරු කිරීම ඇතුළු කිසිදු නඩත්තුවක් මෙම සර්පන්ටයින් බෙල්ට් සඳහා අවශ්‍ය නොවේ. මෙම සර්පන්ටයින් බෙල්ට් ද අනෙකුත් සෑම දෙයක් ම වගේ ගෙවීමට ලක්වේ. එබැවින් ඒවා අක්‍රිය තත්වයට පත් වනතුරුම නොසිට නිසි කලට මාරු කළ යුතුය.

ඔයිල් මාරු කරන අවස්ථාවාදී පරික්ෂා කිරීම සහ  ස්වයං සීරුමාරු දර්ශකයේ ස්ථානය මඟින් ද නරක සවුත්තු වූ බෙල්ට් එකක් සොයා ගත හැකිය.

සර්පන්ටයින් බෙල්ට් එකේ සිනිදු පැත්ත මඟින් සාමාන්‍යයෙන් ජාල පොම්පය ක්‍රියාත්මක කරවනු ලබයි. එම පැත්තේ තෙල් ගෑවී ඇත්නම්, ලිස්සා යාම හේතුවෙන් ජාල පොම්පය නිසි ලෙස ක්‍රියා නොකරයි. එවිට එන්ජිම සිසිල් නොවී රත් වීමට අවදානමක් ඇත. එවිට  අලුත් බෙල්ට් එකක් දැමීමට ප්‍රථම එසේ තෙල් ගෑවී ඇත්දැයි සොයා එසේ තෙල් ගෑවුණු ස්ථානයේ තෙල් කාන්දුව සාදා ගත යුතුය.

එමෙන්ම බෙල්ට් එකේ කෙළවරවල් වල ඉරුණු කෙඳි මතු වුන තැන තිබිය හැකිය. විවිධ කප්පි හරහා කරකැවෙන විට එම කප්පි වල අනවශ්‍ය තැන වල ස්පර්ශ වීම නිසා මෙසේ ඉරීමට ලක් විය හැකිය. එමෙන්ම බෙල්ට් එක පරණ වන විට ද මෙය සිදු විය හැකිය.

එමෙන්ම බෙල්ට් එකේ පෘෂ්ට වල අසමමිත්ක බව තුරන් වී වළවල් හෝ උස් වීම් තිබිය හැකිය. බෙල්ට් එක සහ කප්පි වලට දුවිල්ල සහ විවිධ අපද්‍රව්‍ය මුසු වීම නිසා එම අපද්‍රව්‍ය බෙල්ට් වල තැන්පත් වී එහි පෘෂ්ට වල සමමිතික බව නැති වී යයි.

සර්පන්ටයින් බෙල්ට් වල කුඩා පලුදු වීම් තිබිය හැකිය. නමුත් පිට පැත්තේ ඇති එම පලුදු වීම් සිනිදු ඇතුළු පැත්ත දක්වාම යාම හොඳ නැත. එමෙන්ම බෙල්ට් එක වටේටම හැමතැනම පලුදු තිබීමද හොඳ නැත. එවිට අලුත් බෙල්ට් එකක් දැමීමට සිදු වේ. සාමාන්‍යයෙන් එහි අයුකාලයෙන් අඩක් පමණ වැයවන විට මෙම පලුදු මතු වීම සාමාන්‍ය දෙයකි.

සර්පන්ටයින් බෙල්ට් පරික්ෂා කිරීමේදී ඉහත සඳහන් කළ දෝෂ හමු වුවහොත් හැකි ඉක්මනින් අලුත් සර්පන්ටයින් බෙල්ට් එකකට මාරු විය යුතුය. නැතහොත් වාහනයේ සෑම අංගයක්ම ඇන හිටින තත්වයකට පත් වනු ඇත.

Facebook Comments

About Admin

Check Also

එයාර් සස්පෙන්ෂන් Air Suspension

මෝටර් රථයක සස්පෙන්ෂන් පද්ධතියේ අත්‍යවශ්‍යම අංගයක් ලෙස ෂොක් ඇබ්සොර්බර් හඳුන්වාදිය හැකිය. බොහොමයක් මෝටර් රථ වල …