Breaking News
Home / Lights / හැලජන් බල්බ ගැන දැනගනිමු
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

හැලජන් බල්බ ගැන දැනගනිමු

ලොව වැඩිපුරම භාවිතා වන හෙඩ් ලයිට් වර්ගය වනුයේ හැලජන් ලාම්පුය.  සරල නිසාත්, වියදම අඩු වීම නිසාත් හැලජන් ලාම්පු මෙසේ ජනප්‍රියත්වයට පත්ව ඇත. හොඳ වර්ගයේ හැලජන් බල්බයකට පැය දහසක පමණ ආයු කාලයක් තිබේ. එමෙන්ම පිළිස්සුනු ඒවා මාරු කිරීමේදී රුපියල් දහසකට වඩා වැය වන්නේ ද නැත. නමුත් කාර්යක්ෂමතාවය අතින් ගත්තොත් අද කාලේ හැටියට මහා ලොකු වාසියක් මේවායින් නැත. ඒ නිසා වාහන නිෂ්පාදකයින් ගේ සිත් වෙනත් හෙඩ් ලයිට් වර්ග කරා යොමු වෙමින් පවතී.

 හැලජන් බල්බයක් වටා ඉමහත් උෂ්ණත්වයන්ට ඔරොත්තු දෙන වීදුරු ආවරණයක් තිබේ. එහි ඇතුළත ආගන් සහ නයිට්‍රජන් වාලුවලින පුරවා ඇත. බල්බයේ සූත්‍රිකාව තනා ඇත්තේ ටන්ග්ස්ටන් වලිනි. රථයේ බැටරියෙන් එන විදුලි ධාරාවෙන් සෙල්සියස් අංශක 2000කට තරම් රත් වන සූත්‍රිකාව දිලිසීමෙන් ආලෝකය විදහයි. ආලෝකය සේම තාපයත් නිකුත් වන බැවින් වැඩි ශක්ති ප්‍රමාණයක් තාපය ලෙස අපතේ යාම මෙහි ඇති අවාසියකි.

හැලජන් බල්බයක කාලය අවසන් වන්නට ළඟා  වන විට, සූත්‍රිකාවේ ඇති ටන්ග්ස්ටන් කාලයත් එක්ක වාෂ්ප වී ගොස් වීදුරුවේ තැන්පත් වේ. මේ නිසා සූත්‍රිකාව ඉතා ඉක්මනින් බිඳ වැටී බල්බය පිලිස්සී යයි.

බල්බයක් මාරු කිරීම ප්‍රවේසමෙන් කළ යුතුයි. එහි වීදුරුවේ දැඩි තාපයට ඔරොත්තු දෙන ද්‍රව්‍යක් අලේප කර තිබේ. මෙය අතේ ගෑවී ඉවත් විය හැකිය. එමෙන්ම අතේ ඇති තෙල් සහ වෙනත් අපද්‍රව්‍ය බල්බයේ වීදුරුවේ ගෑවී එහි ඒකාකාරී තාප සන්නයනතාව නැති වී යයි. එවිට බල්බය ඉක්මනින් පිළිස්සේ. එබැවින් බල්බය කිසිවිටෙකත් වීදුරුවෙන් නො ඇල්ලිය යුතුයි.  හදිසියේ වත් අතේ ගෑවුනොත් මද්‍යසාර ගාගත් පිරිසිදු රෙදි කැබැල්ලකින් පිරිමැදිය යුතුයි.

හැලජන් ලාම්පු වල වාසි.

  1. මාරු කිරීමට පහසු වීම.
  2. සරල වීම.
  3. විවිධ ප්‍රමාණයන්ගෙන් තිබීම.
  4. ආලෝකය අඩු වැඩි කිරීමට හැකි වීම.
  5. වියදම අඩු වීම.

හැලජන් ලාම්පු වල අවාසි.

  1. ශක්තිය අපතේ යාම.
  2. ප්‍රවේසමෙන් භාවිතා කළ යුතු වීම.
Facebook Comments

About Admin

Check Also

සර්පන්ටයින් බෙල්ට් Serpentine Belts

සර්පෙන්ටයින් බෙල්ට් යනු නුතන වාහනවල දක්නට ලැබෙන එක්තරා බෙල්ට් විශේෂයකි. එන්ජිමේ සියලුම කරකැවෙන කොටස් ක්‍රියාත්මක …