Breaking News
Home / Batteries / සීල් බැටරි හෙවත් නඩත්තු අනවශ්‍ය බැටරි වල වාසි
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

සීල් බැටරි හෙවත් නඩත්තු අනවශ්‍ය බැටරි වල වාසි

මෝටර් රථයක බැටරිය කියන්නේ නැතුවම බැරි දෙයක්. වාහනේ ස්ටාර්ට් එකේ පටන් රේඩියෝ එක දාල සින්දුවක් අහන්න පවා බැටරිය ඕනේ වෙනවා. එත් අපට මේකේ වටිනාකම එච්චර තදින් දැනෙනවා අඩුයි. බැටරියේ වටිනාකම තේරෙන්න නම් බැටරි බැහැලාම යන්න ඕනේ. එතකොට තමයි බැටරියේ රඟේ තේරෙන්නේ. ඔය බැටරි කියුවම කාර් වල සාමාන්‍යයෙන් එන වෝල්ට් 12 බැටරියේ තියෙන්නේ ලෙඩ් ඇසිඩ් වර්ගයේ එකක්. මන් කතා කරන්නේ හයිබ්‍රිඩ් බැටරි ගැන නෙමෙයි. මේ ලෙඩ් ඇසිඩ් බැටරියේ ඉස්සර ප්‍රචලිත වෙලා තිබුන සාමාන්‍ය බැටරියේ තැන දැන් අල්ලාගෙන ඉන්නේ සීල් බැටරි වලින්. මේ සීල් බැටරි සාමාන්‍ය බැටරි වලට වඩා ටිකක් ගණන්. නමුත් කරදරයක් නැහැ. මේවට සීල් බැටරි කියල කියන්නේ වෙන මොකවත් හින්ද නෙමෙයි, මේවා හතර වටින්ම හොඳට සීල් වෙලා තියෙන හින්දයි. ඒ කියන්නේ මේවට බැටරි වතුර දාන්න තැනක් නැහැ.

 

සාමාන්‍ය බැටරියක් නම් කාලයත් එක්ක බැටරි වතුර ටික ටික හිඳිලා යනවා. එතකොට ආයේ ආයේ පුරවන්න ඕනේ. නමුත් සීල් බැටරි වල එහෙම ගැටළුවක් ඕනේ නෑ.

ඒ නිසා සීල් බැටරි අද කාලේ ජනතාව අතර සෑහෙන්න ජනප්‍රියයි. අද අපි බලමු මේ සීල් බැටරිවල තිබෙන ඔබ නොදන්නා වාසි මොනවද කියල.

  • උෂ්ණත්වය, දේශගුණය ප්‍රශ්නයක් නැහැ – අවට පරිසරයේ උෂ්ණත්වය අනුව සාමාන්‍ය බැටරි වල නම් ධාරිතාවය අඩු වැඩි වෙන්න පුළුවන්. නමුත් ඔය නුවරඑළියේ හිටියත්, හම්බන්තොට හිටියත් බැටරි ධාරිතාවයේ වෙනසක් වෙන්නේ නැහැ.

 

  • බැටරි වතුර හෝ ඇසිඩ් කාන්දු වීමක් නැහැ – මේවා සම්පුර්ණයෙන්ම සීල තියල තියෙන්නේ. ඒ නිසා ඇතුලේ තියෙන ද්‍රව්‍යන් පිටතට නිරාවරණය වීමක් නැහැ. ඒ නිසා මේවා පරිහරණයේදී ඇසිඩ් අත් වල ගෑවෙයි කියල බය වෙන්න දෙයක් නැහැ.

 

  • ඉක්මනට චාර්ජ් වීම – මේවා සාමන්‍ය බැටරියක් වගේ නෙමෙයි, ඉතා ඉක්මනින් චාර්ජ් වෙනවා. ඇත්තම කියුවොත් සමනය එකකට වඩා මේවා 30% වේගයෙන් චාර්ජ් වෙනවා.

 

  • ඉක්මනට බැටරි බහින්නේ නැහැ – සාමාන්‍ය බැටරියක් නම් සතියක් දෙකක වාහනය භාවිතා කරන්නේ නැතුව තිබුනම නිකන්ම බැහැල යනවා. නමුත් සීල් බැටරි එහෙම නැහැ.. මාසයක් එක දිගට එක තැන තිබ්බත් චාර්ජ් එක අඩු වෙන්නේ සියයට් 3-4කින් වගේ ඉතා කුඩා ප්‍රමාණයකින්.

 

  • බැටරි වතුර අවශ්‍ය නැහැ – කලින් කියුව වගේ මේවට බැටරි වතුර දාන්න අවශ්‍ය නැහැ. ඒ නිසා සාමාන්‍ය බැටරියක වගේ මාස 4-3ට බැටරි වතුර පරික්ෂා කරන්න අවශ්‍යත් නැහැ.

 

  • වැඩියෙන් චාර්ජ් උනාට ගැටළුවක් නැහැ.

 

  • සාමාන්‍ය බැටරියකට වඩා ප්‍රමාණයෙන් කුඩායි.

 

  • ඕන පැත්තකට හරවල තියන්න පුළුවන්.
Facebook Comments

About Admin

Check Also

removing a battery and installing a battery

බැටරියක් ගලවන සහ නැවත සවි කරන නිවැරදි ආකාරය

මෝටර් රථ බැටරියක් යනු නැවත ආරෝපණය කළ හැකි, විශාල විදුලි ධාරිතාවයක් දරා ගෙන සිටින වාහනයක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *