Breaking News
Home / Tyres & Wheels / පළල් ටයර් යෙදීමේ වාසි සහ අවාසි
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

පළල් ටයර් යෙදීමේ වාසි සහ අවාසි

මොනවද මේ පළල් ටයර් කියුවේ? ඒ කියුවේ සාමාන්‍යයෙන් අපි දකින ටයර් වලට වඩා පළලින් වැඩි වූ ටයර් වලටයි. සාමාන්‍ය ටයර් එකක් නම් අඟල් 8ක් වගේ පළලකින් තමයි යුක්ත වෙන්නේ. මේ පළල ටයර් ඊට වඩා බොහෝමයක් පළල්. ගොඩක් වෙලාවට මේවා දකින්න පුළුවන් වෙන්නේ මොඩිෆයි කරපු ජීප් සහ කැබ් වගේ රථවල. කාර් වලත් ඉඳල හිටලා මේවා දකින්න පුළුවන්. තව පාරක් පස්ස හැරිලා බලන්න හිතෙන තරමට මේව යනකොට ටයර් වලින් මහා ලොකු සද්දයකුත් එනවා. ඉතින් ඔන්න ඔය ටයර් ගැන කතා කරන්න තමයි අද ලිපිය වෙන් වන්නේ.

advantages of wide tyres

වාහනයක් හදල එවන්නේ එහි අංගෝපාංග සියල්ලක්ම ඊටම හරියන ලෙස සකස් කරලා. ටයර් සහ රෝදත් එහෙමයි. ඒවායේ නිශ්චිත පළලක් වගේම ගනකමකුත් තිබෙනවා. ඒ දේවල් හරියට නොතිබුනොත් වාහනයේ තිරිංග ක්‍රියාකාරිත්වය, සැපපහසුව, පිකප් එක ආදී බොහෝ කාරනා සඳහා ඍජුවම බලපානවා. සමහර අය කැමතියි තමන්ගේ වාහනයට පළල ටයර් සෙට් එකක් දාගෙන සද්දෙට යන්න. එත් පොතේ හැටියට නම් අලුත් ටයර් සහ රීම් එක, ඔරිජිනල් ටයර් සහ රීම් වල පළලින්ම සහ විෂ්කම්භයෙන්ම තියෙන්න ඕන. නැත්නම් කලින් කියුව වගේ වාහනේ ක්‍රියාකාරිත්වයට ඒක ඍජුවම බලපානවා. 

මේ පළල් ටයර් වල ඒවාටම අවේනික වුනු වාසි සහ අවාසි කිහිපයක්ම තිබෙනවා. ඒ නිසා ඔබත් පළල ටයර් සෙට් එකක් දාන්න කල්පනාවෙන් ඉන්නවා නම් මේ ගැනත් සිතන්න. 

පළල් ටයර්  වල වාසි.

1. පෙනුම අතින් වැඩිවීම.

පළල ටයර් දාපුවම වාහනයට අමුතුම සිතඇදගන්නා සුළු පෙනුමක් එන එක කාටවත් නවත්වන්න බැහැ. නමුත් ඔය ටයර් සහ වීල්ස් වලත් විවිධ මෝස්‌තර තිබෙනවා. ඒ නිසා අතට අහුවෙන මුල්ම පළල වීල් සෙට් එක ගන්නේ නැතුව හොඳට හොයල බලල ලස්සන උපරිමයෙන්ම තියෙන එකක් ගන්න. ෆොටෝෂොප් වගේ සොෆ්ට්වෙයාර් එකකින් වැඩ ගන්න දන්නවනම්, ෆොටෝ එඩිටින් පාරක් දාල එම ටයර් දැම්මම වාහනය  පෙනෙන හැටි පරිගණකයෙන් නිර්මාණය කරගත්ත නම් ඇත්තටම ඒ වීල් සෙට් එක වටිනවද එහෙමත් නැත්නම් වෙනත් වීල් සෙට් එකක් තෝරා ගන්නවද කියල කලින්ම  බලාගන්න පුළුවන්.

2. රථයේ ස්ථායිතාවය වැඩිවීම.

සාමාන්‍ය ටයර් හොඳයි කියල හිතුනත් ඒව හොඳම ඒවා නෙමෙයි. වාහනයේ හැසිරවීම සහ ස්ථායිතාවය අතින් ගත්තහම පළල් ටයර් තමයි ඉස්සරහින්ම ඉන්නේ. ටයර් වල වැඩි වර්ගඵලයක් පොළොවේ ගැවෙන නිසා, පළල ටයර් ගොඩාක් ස්ථාවරයි. ඔය හිතපු නැති විදියට වාහනේ හැසිරවීම වඩාත් පහසු සහ ගොඩාක් හොඳ වේවි. ඒ වගේම තමයි ස්පෙසර් කිට් එකක් දාල රෝද ටිකත් එලියට ඇද ගත්තනම් කොන්ට්‍රෝල් එක අදහගන්න බැරිතරමට වැඩි වේවි. 

3. බ්රේක් කරන්න පහසු වීම.

පළල් රෝද වල වැඩි වර්ගඵලයක් පොළොවේ ගැවෙන නිසා පොළොවත් සමග ඇතිවන ඝර්ෂණය වැඩියි. ඒ නිසා, බ්රේක් කරාම වාහනේ ඉතා ඉක්මනින් සහ අඩු දුරකදී නවත්වගන්න පුළුවන් වීම මේකේ තිබෙන ඉතා වටිනා වාසියක්.

පළල් ටයර්  වල අවාසි

4. පිකප් එක අඩු වීම.

 

පළල් ටයර්  බරින් ගොඩක් වැඩියි. ඒ නිසා පොඩි එන්ජිමක් තිබෙන වාහනේකට නම්, එහි පිකප් එක සෑහෙන්න අඩු වෙන්න පුළුවන්. එක නිසා තමයි ලොකු බලගතු එන්ජින් තියෙන ඔෆ්රෝඩ් වාහනවලට මේවා වැඩි වශයෙන් දමන්නේ. පිකප් එක අඩු උනාට, තව මුදල් ටිකක් වැය කරොත් ඒව යථා තත්වයට හදා ගන්න පුළුවන්. එමෙන්ම දියුණු කරපු exhost සිස්ටම් එකක් සහ එයාර් ෆිල්ටර් වගේ දේවල් දාල පිකප් එක වැඩි කරගන්නත් පුළුවන්. ඒ වගේම ටර්බෝ චාජරයක් සෙට් කරගන්නත් ඕනේ නම් පුළුවන්. නමුත් මේවා සැහෙන්න වියදම් යන වැඩ. දරන්න පුළුවන් නම් කමක් නැහැ.

5. සැපපහසුව අඩු වීම.

පළල ටයර් වල වැඩි වර්ගඵලයක් පොළොවේ ගෑවෙන නිසා, සැපපහසුව ටිකක් අඩුයි. මෙව දැම්මම වාහනය වළ ගොඩලි උඩින් යනකොට ගොඩක් ගැස්සෙන්න පුළුවන්. ඒ නිසාම වාහනේ තිබෙන සස්පෙන්ෂන් පද්ධතියත් ඉක්මනින්ම ගෙවෙන්න පුළුවන්.

6. ඉන්ධන පරිභෝජනය වැඩි වීම.

බරින් වැඩි වීම සහ වැඩි වර්ගඵලයක් ඇති නිසා ඝර්ෂණය වැඩි වීම ආදී හේතු නිසා මෙම ටයර් යෙදු රථයක ඉන්ධන පරිභෝජනය සාමාන්‍ය රථයකට වඩා බොහෝ වැඩි වෙන්න පුළුවන්. 

7. මිල අධික වීම.

මේ ටයර් පළලින් වැඩි සේම මිලෙනුත් වැඩියි. ඒ වගේම ටයර් මාරු කරන්න සිද්ද වුනු වෙලාවක විශාල මුදලක් වියදම් කරන්න බලාපොරොත්තුවෙන් යන්න ඕනේ. 

 

 

Facebook Comments

About Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *