Breaking News
Home / Electric System / ඔල්ටර්නේටරයේ දෝෂ ලක්ෂණ
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

ඔල්ටර්නේටරයේ දෝෂ ලක්ෂණ

ඩෑෂ්බෝර්ඩ් එකේ දැක්වෙන සරල සංඥාවකින්, ඩිම් වුනු හෙඩ් ලයිට් එකකින් හෝ පන ගැන්වීමට අපහසු අවස්ථාවකින් හෝ යන ඉතාම සරල විදියකට ඔල්ටර්නේටරයේ ලෙඩක් ඔබ හමුවට ඒමට හැකිය. එමෙන්ම බොනට් එක ඇතුලෙන් එන ටක ටක සද්දයකින්, රබර් පිච්චෙන ගඳකින් වුව ද මෙය දැක්විය හැකිය.

සරල කොටස් කිහිපයකින් යුක්ත අංගයක් වුවද ඔල්ටනේටරය විසින් විශාල මෙහෙයක් ඉටු කරනු ලැබේ. යාන්ත්‍රික ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පෙරළමින් වාහනයේ සියලුම විදුලි උවමනාවන් සපුරනු ලබන්නේ ඔල්ටර්නේටරය මඟිනි. රේඩියෝව, හෙඩ් ලයිට්, වයිපර් ආදී සියලුම දේ වැඩ කරන්නේ ඔල්ටර්නේටරේට පින් සිද්ද වන්නටයි. එමෙන්ම බැටරිය සම්පුර්ණයෙන් ආරෝපණය කර පන ගැන්වීමට අවශ්‍ය ශක්තිය ලබා දෙනුයේද ඔල්ටර්නේටරය මගිනි.

  1. ඩෑෂ්බෝර්ඩ් ලයිට්

ඩෑෂ්බෝර්ඩ් එකේ  තිබෙන බැටරියක සලකුණක්, ALERT යන වදන් සහිත සලකුණක් දැල්වීම මඟින් හෝඔල්ටර්නේටරය ලෙඩ බව හඟවයි. දෝෂ වල ප්‍රථම අවධියේදී මෙම ලයිට් එක වාහනය පන ගැන්වූ පසුවත් විවිධ අවස්ථාවන්හිදී වරින් වර දැල්වීමත සිදු විය හැකිය. නමුත් දෝෂය ක්‍රමයෙන් උත්සන්න වන විට ලයිට් එක දිගටම දැල්වෙමින් පවතින තත්වයක් ද, එමෙන්ම ඇතැම් විදුලි උපකරණ ක්‍රියාත්මක කළ වන විට එම බල්බය  දැල්වෙන ස්වභාවයක්ද ඇති වේ.

ඔල්ටර්නේටරයෙන් සාමාන්‍යයෙන් වෝල්ඩ් 13-14.5 ක් විදුලියක් සෑම විටෙකම ජනනය කරයි. එම වෝල්ටීයතාවය මෙම අගයට වඩා අඩු වූ විට දශ්බෝර්ඩ් ලයිට් එක දැල්වෙනු ඇත. රේඩියෝව, හෙඩ් ලයිට් වගේ නොයෙක් උපාංග ක්‍රියාත්මක වන විට, ඔල්ටර්නේටරය වැඩියෙන් වැඩ කර ඒ ශක්ති අවශ්‍යතාවය සැපිරිය යුතුය. නමුත් එහි දෝෂයක් නිසා එම විදුලිය ලබා දීමට නොහැකි වූ විට එම වෝල්ටීයතාවය තබා ගනු නොහැකිව ඩෑෂ්බෝර්ඩ් ලයිට් එක දැල්වේ..

  1. ඩිම් ලයිට්.

ඔල්ටර්නේටර් දෝෂ වල තවත් එක් ලක්ෂණයක් වනුයේ ලයිට් වල එලිය අඩු වීමයි. එමෙන්ම වයිපර් සෙමෙන් වැඩ කරන්නට පටන් ගන්න අතර, රේඩියෝ එක, පවර් ශටර් ආදිය ද නිසි ලෙස වැඩ නොකර යාමට පටන් ගනී. ඩෑෂ්බෝර්ඩ් එකේ විවිධ මීටර් ක්‍රියා විරහිත විය හැකිය. ඔල්ටර්නේටරයෙන් කොපමණ විදුලියක් තවමත් ජනනය කරයි ද සහ එහි දෝෂයේ තරම මත මෙම ලක්ෂණ වෙනස් විය හැකිය.

අලුත් වාහන වල නම්  හෙඩ්ලයිට්, වයිපර් වැනි අත්‍යවශ්‍ය උපාංග වියැකී යාම ප්‍රමාද  කර  රේඩියෝ එක, ඒසී එක වැනි උපාංග ප්‍රථමයෙන් ඇන හිටින ලෙස පරිගණක මඟින් පාලනය කර ඇත. 

  1. බුරුල් වුනු බෙල්ට් සහ විවිධ ශබ්දයන්

ඔල්ටර්නේටරය කරකවනු ලබන්නේ බෙල්ට් එකක් මඟිනි. මෙම බෙල්ට් එක බුරුල් වී ඇත්නම් හෝ පැන ඇත්නම් ඔල්ටර්නේටරය නිසි ලෙස වැඩ කරයි. බොනට් එක විවෘත කර එහි නියමිත තද ස්වභාවය තිබේද යන්න  පරික්ෂා කිරීමෙන් බොහෝ ගැටළු නිරාකරණය කර ගත හැකිය.

එමෙන්ම ක්‍රිස් ක්‍රිස් යන සද්දයක් ද පැමිණිය හැකිය. ඔල්ටර්නේටරය හා සම්බන්ධ කප්පිය බෙල්ට් එකත් සමග නිසි  ලෙස සීරුමාරු වී නැත්නම් මෙසේ සද්දයක් පැමිණිය හැකිය. එමෙන්ම මෙවිට බෙල්ට් එක දැඩි සේ රත් වී රබර් කරවෙන ගඳක්ද පැමිණේ.  මෙම කප්පිය සම්බන්ධ කර ඇති ශෆ්ට් එකේ බෙයාරින් සහ බුෂ් ගෙවී ඇත්නම් ද සද්දයක් පැමිණිය හැකිය.

  1. බැටරිය බැස යාම

වාහනය පණ ගන්වන විට  ස්ටාර්ට් නොවී  ටක ටක සද්දයක් පමණක් පැමිණේ නම් බැටරිය බැස  තිබිය යුතුය. නමුත් බැටරියක් ලෙහෙසියෙන් බහින්නේ නැති නිසා බොහෝ විට ඔල්ටර්නේටරයේ ලෙඩක් ඇති සිතිය හැකිය. දෝෂය ඇත්තටම  කල් පැනපු බැටරියක්ද, නැත්නම් ඔල්ටර්නේටරේද යන්න මෙසේ පරික්ෂ කළ හැකිය.

වාහනය තල්ලු කර හෝ වෙනත් වාහනයක් උපයෝගී කර ගෙන ස්ටාර්ට් කර  විනාඩි 5ක්  පමණ ස්ටාර්ට් එකේ තබන්න. වාහනය ඉබේම එන්ජිම නතර වී යයි නම් ඔල්ටර්නේටරයේ දෝෂයක් තිබේ. එසේ නැතුව එන්ජිම දිගටම ස්ටාර්ට් එකේ තිබේ නම් දෝෂය බැටරියේ විය යුතුය.

  1. වයර් බුරුල් වී තිබීම

බැලූ බැල්මට වෙනත් දෝෂයක් සොයා ගැනීමට නොහැකි නම්, ඔල්ටර්නේටරයට සම්බන්ධ වයර් හා කේබල් බුරුල් වී හෝ නිසි ලෙස සම්බන්ධව නොතිබිය හැකිය. එවිට ඔල්ටනේටරය හරියට වැඩ කරත් නිපදවෙන විදුලිය බැටරියට හා අනෙකුත් පද්ධති වලට රැගෙන යාමට නොහැකි වනු ඇත. එමෙන්ම, කේබල් සවුත්තු වූ විට ඒවායේ ප්‍රතිරෝධය වැඩි වී අධිකව රත් වීමටත්, පසුව පිලිස්සී යාමටත් හැකිය.

මෙවැනි කේබල් තිබෙන විට බල්බ් වලින් අධික විදුලියක් නිපදවනු ඇත. මීට හේතුව නම්, ඇතිවන ප්‍රතිරෝධය මැඩ පවත්වාගෙන යාමට ඔල්ටර්නේටරයෙන් වැඩි විදුලියක් එවීමයි.

 

Facebook Comments

About Admin

Check Also

වාහන වලින් එන සද්ද බද්ද

වාහනයක් කියන්නේ එහාට මෙහාට අරන් යන්න පුළුවන් යන්ත්‍රයක්. ඒ වගේම යකඩ ගොඩක්. මේකේ කොහේ හරි …