Breaking News
Home / Batteries / බැටරි නඩත්තුව නිසි ලෙස කිරීමට උපදෙස්
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

බැටරි නඩත්තුව නිසි ලෙස කිරීමට උපදෙස්

කාර් බැටරිය කියන්නේ වාහනේක තියෙන නැතුවම බැරි අංගයක්. වාහනය පන ගන්වන්න, පිස්ටන ක්‍රියාවේදී අවශ්‍ය දහනය සිදු කිරීම මෙන්ම වාහනයේ විදුලි උපාංග ක්‍රියාකාරිත්වයට බැටරිය ලොකු දායකත්වයක් ලබා දෙනවා. බැටරිය බැහැපු වෙලාවට මැනුවල් වාහනයක් නම් තල්ලු දාල ස්ටාර්ට් කරන්න පුළුවන්. එත් ඔටෝමටික් එකක් නම්, එහෙමත් බෑ. එක්කෝ තවත් බැටරියක් ගේන්න ඕනේ, නැත්නම්, තියෙන එක චාර්ජ් කරගන්න ඕනේ. ඔය කොයි දේත් වෙලාව නාස්ති වෙන හෙනම කරදර වැඩ. ඒ නිසා තමන්ගේ වාහනේ තියෙන බැටරියේ තත්ත්වය ගැන හොඳ අවබෝධයක් ඔබට තියෙන්න උවමනායි. ඒ නිසා, බැටරියක් හොඳට නඩත්තු කරන්නේ කෙසේදැයි ඔබව දැනුවත් කරන්නයි අද මේ ලිපිය වෙන් වන්නේ.

battery maintenance

 

බුරුල් වුනු බැටරි අග්‍ර.

බැටරි අග්‍ර ඒවායේ කේබල් වලට ඉතාම හොඳින් සහ තදින් සම්බන්ද වෙලා තිබෙන්න ඕනේ. කාලයත් එක්ක, එන්ජිමේ දෙදරිම වගේ හේතු නිසා, මේ අග්‍ර බුරුල් වෙන්න පුළුවන්. ඒ බුරුල් වුනු වෙලාවක, වාහනයේ ස්ටාර්ට මෝටරය හරියට වැඩ නොකර ඇද ඇද තිබෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක බැටරිය බැහැල කියල වගේ හිතුනත්, බොනට් එක ඇරලා බැටරි කේබල් ටික හොඳට තද කරාම ඔක්කොම හරියන්න පුළුවන්.

පිම්බුණු බැටරි කවර 

සාමාන්‍යයෙන් බැටරිය වහල තියෙන්නේ තද ප්ලාස්ටික් කවරයකින්. ඕවර් චාර්ජ් වීම වගේ හේතු නිසා බැටරිය පිම්බිල මේ බාහිර කවරයට හානි වෙන්න පුළුවන්. ඒ තැන වලින් ඇතුලේ තියෙන බැටරි ඇසිඩ් සහ වතුර එලියට කාන්දු වෙලා බැටරිය ඉක්මනට බහින්න පුළුවන්. ඒ නිසා බොනට් එක ඇරපු වෙලාවක එහෙම වෙලාද කියල සැලකිලිමත් වෙන්න.

බැටරි අග්‍ර සහ කේබල්.

ප්‍රථමයෙන්ම බැටරිය මත තිබෙන විවිධ අපිරිසිදු ද්‍රව්‍ය ඉවත් කරන්න. ඇතැම් වාහන බැටරි මත මීයන් විසින් ගෙනවිත් දමන ලද අපද්‍රව්‍ය බහුලව තිබෙන්න පුළුවන්. බ්‍රෂ් එකක් අරන් මේවා ඉවත් කර, බැටරියේ අග්‍ර දෙකට සවි වී ඇති කේබල් දෙක වයර් බ්‍රෂ් එකකින් අතුල්ලලා මතු පිටින් පිස දමන්න. ඒවා මළ කඩ කා ඇත්නම්, ඒවාද හොඳින් ඉවත් කරන්න.  ඉන්පසුව (ප්‍රථමයෙන් ඍණ අග්‍රය) අග්‍ර වලට සම්බන්ද කේබල් දෙක ද ගලවා  අග්‍ර ද තවදුරටත් පවිත්‍ර කරන්න.

බැටරි අග්‍ර වල ලුණු සහ ඔක්සයිඩ් බැඳීම මඟින් ඒවා අපවිත්‍ර වී, නිසියාකාරව විදුලිය සන්නයනය කරන්න අමාරු වෙන්න පුළුවන්. මාස 3-4 කට සැරයක් ලුණු බැඳෙන එක නම් සාමාන්‍ය දෙයක්. ඒවා පිරිසිදු කිරීමට බේකින් සෝඩා ටිකකට බැටරි වතුර ටිකක් දාල තලපයක් වගේ හදල ඒකෙන් බැටරි අග්‍ර වයර් බ්‍රෂ් එකකින් හොඳට අතුල්ලන්න. එතකොට ලුණු කැඩිලා ලස්සනට පොලිෂ් වේවි.

බැටරි වතුර.

බොනට් එක ඇරපු හැම වෙලාවේම බැටරිය ගැන සැලකිලිමත් වෙන්න පුළුවන් නම් හොඳ දෙයක්. බැටරිය සීල් එකක් නෙමෙයි නම්, එකේ බැටරි වතුර මට්ටම කාලයත් එක්ක අඩු වෙන්න පුළුවන්.  බැටරි වතුර මට්ටම අඩු උනාම බැටරි ධාරිතාවය අඩු වීමත්, බැටරි කෝෂ පිපිරීමත් සහ බැටරියේ ආයු කාලය අඩු වීමත් වෙන්න පුළුවන්. ඒ නිසා අඩුම ගානේ මාස 2,3 කට සැරයක්වත් බැටරියේ වතුර මට්ටම පරික්ෂා කළ යුතුයි. 

වතුර මට්ටම තිබෙන්න ඕනේ Min සහ Max මට්ටම් දෙක අතර. ඊට වඩා අඩුවෙන් හෝ උපරිමව තිබීම හානිකරයි.

නිතරම බැටරි වතුර පමණක්ම දාන්න. සාමාන්‍ය නල ජලයේ තිබෙන විවිධාකාරයේ අපද්‍රව්‍ය සහ ඉලෙක්ට්‍රොනික අයන නිසා බැටරියේ ධාරිතාවය අඩු වෙන්න පුළුවන්.

එමෙන්ම බැටරි ඇසිඩ් අතේ ගාගන්නත් එපා. මොකද මේවට හම යන්න පුළුවන්. ඒවගේම ඇස වල වගේ ගෑවුනොත් ගලා යන ජලයෙන් විනාඩි 10ක් වත් හොඳට හෝදන්න.

ස්ටාර්ට් නොකර රේඩියෝ, ලයිට් දාල තියෙන්න එපා.

සාමාන්‍යයෙන් බැටරියක ක්‍රියාකාරිත්වය තමයි,  විශාල විද්‍යුත් ධාරාවක් කෙටි කාලයකදී ලබා දීම. නැතුව එක දිගට විදුලිය ලබා දීමකට එය නිර්මාණය කර නැත. වාහනය ස්ටාර්ට් කරාට පස්සේ අවශ්‍ය විදුලිය ලබාදෙන්නේ ඔල්ටර්නේටරය මඟින්. මේ ඔල්ටර්නේටරයෙන් බැටරිය නියමිත ප්‍රමාණයට ආරෝපණය කිරීමද කරනවා. ස්ටාර්ට් නොකර රේඩියෝ එක ක්‍රියා කරවීම, හෙඩ් ලයිට් දැල්වීම සඳහා සම්පුර්ණයෙන්ම විදුලිය ලබා දෙන්නේ බැටරියෙන්. නමුත් මෙවැනි ක්‍රියාවක් සඳහා බැටරිය නිර්මාණය කර නැති නිසා බැටරිය ඉක්මනට බැහැල යන්නටත්, එහි ආයු කාලය අඩු වෙන්නටත් පුළුවන්.

ඔල්ටර්නේටරය.

කාර් එක පන ගැන්වුවට පස්සේ අවශ්‍ය විදුලිය ලබා දෙන්නේ ඔල්ටර්නේටරයෙන්. මේකෙන් තමයි බැටරිය ආරෝපණය කරන්නෙත්. ඔල්ටර්නේටරෙයේ අවුලක් තිබුනොතින් බැටරිය නිසි ලෙස චාර්ජ් වෙන්නේ නැහැ. ඩෑෂ් බෝර්ඩ් එකේ බැටරි ලයිට් එක දැල්වෙන්නේ බැටරිය හරියට චාර්ජ් වෙන්නේ නැති උනාම. මේ විදියට හෙඩ් ලයිට්, රේඩියෝ එක, වයිපර් එහෙම ක්‍රියාත්මක කරලා එක දිගට දිවුවොත් බැටරිය බැහැලම යන්නත් පුළුවන්. බැටරි ලයිට් එක දල්වෙනවානම් ඔල්ටර්නේටරයේ ප්‍රශ්නයක් තිබෙන්න ඕනේ.

වැඩියෙන් චාර්ජ් වීම.

බැටරියක තියෙන්න පුළුවන් උපරිම ධාරිතාවය වෝල්ට් 14.5. මීට වඩා වැඩියෙන් බැටරිය චාර්ජ් වීම වාහනයේ විදුලි පද්ධතියට හොඳම නැහැ. මෙය දැනගන්න පුළුවන් රෝග ලක්ෂණය තමයි ෂෙල් ඉක්මනින් වියලීම, ෂෙල් මතුපිට ඇසිඩ් තැන්පත් වීම, බැටරි අග්‍ර වල ලුණු මිදීම වැනි ලක්ෂණ වලින් අපට කියන්න පුළුවන් බැටරිය වැඩියෙන් චර් වෙනවද කියල. මේක හොඳ නැත්තේ ප්‍රධාන වශයෙන් හේතු 2ක් නිසා.

  1. බැටරිය පුපුරන්න පුළුවන්.
  2. බැටරියේ ආයු කාලය අඩු වෙන්න පුළුවන්.

මේක හරියටම පරික්ෂා කරන්න පුළුවන් මල්ටිමිටර් එකක් යොදාගෙන.

ඒ සඳහා වාහනේ ස්ටාර්ට් කරලා හෙඩ් ලයිට් දල්වන්න. 

මල්ටිමීටරේ වෝල්ට් 20 ට කරකවලා බැටරියේ + හා – අග්‍ර දෙකට තියන්න. මේ අවස්ථාවේදී බැටරියේ වෝල්ටීයතාවය  13.8 ත් 14.2 ත් අතර තිබිය යුතුයි.  නමුත් වෝල්ට් 14.5 සීමාව ඉක්මවන්න බෑ.

දැන් කාටහරි ඇක්සලේටරය පාගල 1500 RPM වගේ වෙනකල් රේස්  කරන්න කියන්න. මෙතනදි වෝල්ටීයතාවය  14.2 ත් 14.6 අතර තියෙන්න ඕනේ. ඔතනදි 14.2 ට වඩා අඩු නම් ඕල්ටනේටරයේ ගැටළුවක් තිබෙන්න ඕනේ. ඒ නිසා විදුලි කාර්මිකයෙක්ප ගාවට ගිහින්රී ඔල්ටර්නේටරේ පරික්ෂා කර ගන්න.

දැන් RPM එක 1500 ම  තියෙද්දී හෙඩ් ලයිට් නිවන්න. එවිට  බැටරියේ වෝල්ටීයතාවය 14.8 සීමාව ඉක්ම වන්න බෑ.

වෝල්ට් 14.8 පනිනවා නම් බැටරිය ඕවර් චාර්ජ් වෙනවා.

එහෙනම් ආයෙත් බැටරියේ ඔල්ටර්නේටරේ ලෙඩක් වෙන්න පුළුවන්.

Facebook Comments

About Admin

Check Also

සීල් බැටරි හෙවත් නඩත්තු අනවශ්‍ය බැටරි වල වාසි

මෝටර් රථයක බැටරිය කියන්නේ නැතුවම බැරි දෙයක්. වාහනේ ස්ටාර්ට් එකේ පටන් රේඩියෝ එක දාල සින්දුවක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *