Breaking News
Home / Mechanical Knowledge / හෙඩ් ගැස්කට් යාමේ රෝග ලක්ෂණ
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

හෙඩ් ගැස්කට් යාමේ රෝග ලක්ෂණ

මේ ලෙඩේට නම් දරාපු සමහර වාහන පවා තිබෙනවා. උදාහරණයක් විදියට නිසාන් සෙරීනා එක, ඩොක්ටර් සනී එකේ ඩිසල් වර්ෂන් එක එහෙම ගැස්කට් නිතර නි යනවට පදක්කම් හිමි වෙන්න ඕන වාහන. ඇත්තටම මොකක්ද මේ ගැස්කට් එකක් කියන්නේ?

ගැස්කට් එකක් කියන්නේ සීල් එකක්. හෙඩ් ගැස්කට් එක තියෙන්නේ එන්ජිමේ සිලින්ඩර තිබෙන බ්ලොක් එක සහ ඒ මත තිබෙන හෙඩ් එක අතර. මේ හෙඩ් එක සහ බ්ලොක් එක එකිනෙකට ඉතා හොඳින් තද වෙලා හිටින්න ඕන නිසා ඒ දෙක අතරට ගැස්කට් එකක් තියලා තමයි ඇන තද කරන්නේ.

ඔය ගැස්කට් එකේ සිලින්ඩර වලට සහ ඒ අතරින් ගමන් කරන ජල කුටීර වලට වෙන වෙනම  හිල් තියෙනවා. එන්ජිම අධික් උෂ්ණත්වයකට පත් උනාම මේ ගැස්කට් වලට හානි වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක අපි කියනව ගැස්කට් ගිහිල්ල කියල. එතකොට වෙන්නේ අර හෙඩ් එක සහ බ්ලොක් එක අතර තිබෙන සීල් එක නැති වෙලා පිටතින් එන වාතයත්, අර කලින් කියපු ජල කුටීර හරහා ගමන් කරන ජලයත්(කූලන්ට් එක) සිලින්ඩර ඇතුලට යන එක.

ඕක එච්චර හොඳ දෙයක් නෙමෙයි.

blown head gasket signs

ගැස්කට් එකක් රුපියල් දෙදාහක් තුන්දාහක් උනත්, එක මාරු කරන්න ගියාම එන්ජිමම ගලවන්න වෙන නිසාත්, සමහර විට හෙඩ් එක නැවත ඔප මට්ටම් කරන්න වෙන නිසාත් මේක හරිම රස්තියාදුකාර එපාම වෙන වැඩක්.

ඉතින් අද අපි බලමු ගැස්කට් ගියපු වාහනේක මොනවද තියෙන රෝග ලක්ෂණ කියල. ප්‍රධානම වශයෙන් අපිට මේ දේවල් දකින්න පුළුවන්.

  1. එන්ජිමේ ස්පාර්ක් ප්ලග් ආශ්‍රිතව කූලන්ට් පිටතට කාන්දු වී තිබීම.
  2. දුම් බටෙන් සුදු දුම පැමිණීම.
  3. එන්ජිම නිතර නිතර ඔවර්හීට් වීම.
  4. රේඩියේටර් මූඩියෙන් හෝ රෙසර්වොයර් ටැංකියෙන් බුබුළු පිටවීම.
  5. එන්ජින් ඔයිල් කිරි සුදු පාටක් ගැනීම.
  6. වෙනත් කාන්දු වීමකින් තොරව කූලන්ට් අඩු වීම.

එළියෙන් දකින්න පුළුවන් ප්‍රධානතම ලක්ෂණය තමයි හෙඩ් ගැස්කට් එකට පිටතින් කූලන්ට් එක ලීක් වෙලා තිබීම. ගොඩක් වෙලාවට ගැස්කට්එකේ කාන්දු ඇති වෙන්නේ  ජලය ගමන් කිරීමට ඇති කවුළු සහ සිලින්ඩර සඳහා ඇති කවුළු අතරයි. පිස්ටන් එකේ චුෂණ පහරේදී සිලින්ඩරය තුලට වාතය ඇද ගන්නවා වගේම කාන්දු වෙච්ච ගැස්කට් එක නිසා අවට තියෙන ජල කුටීර වලින් කූලන්ට් එක සිලින්ඩර තුලට ඇද ගන්නවා. ඒ වගේම සිලින්ඩරය තුල වාතය දහනය වුනාට පස්සේ ඇති වන දැඩි පීඩනය නිසා ඒ වාතය මේ කාන්දු හරහා අර ජල කුටීර තුලට ගමන් කරනවා. මේ විදියට සෑම පිස්ටන් චලිතයකටම අදාලව කූලන්ට්, සිලින්ඩරය තුලට ඇද ගැනීමත්, ජල කුටීර තුලට වාතය කාන්දු වීමත් සිද්ද වෙනවා. ඇතුළට ඇද ගත්තු කූලන්ට් එක සිලින්ඩරය ඇතුලෙදි වාෂ්ප වෙලා දුමාරයක් බවට පත් වෙනවා. මේක තමයි දුම් බටෙන් සුදු පාටට පිට වෙන්නේ. මේ විදියට චෙක් කරනවා නම්, එන්ජිම හොඳට රත් වෙලා තියෙන වෙලාවක දවල්ට වගේ කරන්න. මොකද උදේට වගේ නම්, ජලය වාෂ්ප වෙලා මේ විදියට සුදු දුම වගේ පිටවෙන්නත් පුළුවන්. ඒ වගේම දුම් බටේට අත තියල බැලුවම වෙනද නැති අමුතු සැර ගඳක් වගේ එන්නත් පුලුවන් ගැස්කට් ගියාම.

කලින් කියුව වගේ ගැස්කට් ගියාම දහනය වුනු වාතය සිලින්ඩර තුළින් පිටතට ඇවිත් ජාල කුටීර තුලට ඇතුළු වෙන්න පුළුවන්. මේ වාතය බුබුළු ලෙස රේඩියේටර් මුඩිය හෝ රෙසවෝයර් ටැංකිය තුලට පිට වෙන්න පුළුවන්. එන්ජිම රත් වෙලා තියෙන කොයිම වෙලාවකවත් රේඩියේටර් මුඩිය එක පාර ගලවන්න එපා. මොකද රේඩියේටරය ඇතුලේ තියෙන ඉහල පීඩනය නිසා උණුසුම් වතුර එක පාර උඩට ගහල ඔබව පිලිස්සෙන්න පුළුවන්.

අනික් දේ තමයි සිලින්ඩර් තුලට කූලන්ට් ගමන් කරන නිසා දිගින් දිගටම කූලන්ට් එක අඩු වෙන්න පුළුවන්. වෙන කිසිම බාහිර කාන්දුවක් රේඩියේටරයේ හෝ එහි ඇති බටවල නොතිබුනත් මේ ආකාරයට කූලන්ට් දිගින් දිගටම අඩු වෙනවා.

සාමාන්‍යයෙන් ගැස්කට් ගිහිල්ලද කියල බලන්න මේ එක කාරණාවක් සම්පුර්ණ වීම විතරක් මදී. එත් ඔන්න කාරණා කිහිපයක්ම හරියනවනම් ගොඩක් වෙලාවට ගැස්කට් ගිහින් වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක වාහනේ වැඩිය පදින්න එහෙම හොඳ නැහැ. මේ වෙලාවට එන්ජිම ඉහල උෂ්ණත්වයකට පත් වෙන්න බලනවා. ඒමගින් තව දුරටත් එන්ජිමට හානි සිද්ද වෙන්න පුළුවන්. ඒ වගේම රේඩියේටර් මුඩිය ලාවට බුරුල් කරලා තියන්නත් වග බලා ගන්න ඕන. මොකද, අධික පීඩනයකින් එලියට පිටවෙන්න හදන රේඩියේටරය හරහා එන වාතය නිසා රේඩියෙටරය තුල පීඩනයත් නිසා රේඩියේටරය පුපුරන්න පවා ඉඩ තියෙනවා. 

Facebook Comments

About Admin

Check Also

සර්පන්ටයින් බෙල්ට් Serpentine Belts

සර්පෙන්ටයින් බෙල්ට් යනු නුතන වාහනවල දක්නට ලැබෙන එක්තරා බෙල්ට් විශේෂයකි. එන්ජිමේ සියලුම කරකැවෙන කොටස් ක්‍රියාත්මක …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *