Breaking News
Home / Mechanical Knowledge / Cam Shaft කැමි දණ්ඩ
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

Cam Shaft කැමි දණ්ඩ

වාත්තු යකඩින් හෝ වානේවලින්  තනා ඇති කැමි දණ්ඩ (cam shaft) සිලින්ඩර වලින් උඩට වන්නට හෙඩ් එක තුල ඇත. ඒවා

  1. SOHC
  2. DOHC

යන දෙවර්ගයකින් පවතී. සිලින්ඩර් වල ඇති වෑල්ව විවෘත කරනු ලබන්නේ මෙම කැමි දණ්ඩ එක මඟිනි. සිවු පහර එන්ජිමක සිලින්ඩරයක් ගතහොත්, එහි එක චක්‍රයක් සම්පූර්ණ වන විට ශූෂණ සහ පිටාර වෑල්ව එක වරක් බැගින් වැසිය යුතුය. ඒ සිලින්ඩර තුලට වාතය ලබා ගැනීම සඳහාත්, දහනය් වූ වාතය ඉවත් කිරීම සඳහාත්ය. එම වෑල්ව සිවු පහර චක්‍රයේ නියමිත ස්ථානවලදීම විවෘත විය යුතුය.

SOHC වර්ගයේ කැමි දණ්ඩක් මඟින් චූෂණ සහ පිටාර වෑල්ව යන දෙකම විවෘත කරනු ලැබේ. නමුත් DOHC වර්ගයේ දී චූෂණ වෑල්ව සඳහා එක කැමි දණ්ඩකුත්, පිටාර වෑල්ව සඳහා තවත් දණ්ඩකුත් බැගින් ඇත.

මේ සඳහා කැමි දණ්ඩේ කැමි  නමින් හඳුන්වන කොටස් ගණනාවක් ඇත. එක වෑල්වයකට එක බැගින් මේවා ඇත. මෙම කැමි  බිත්තරයක හැඩින් යුක්තව එක කෙළවරක් උස උලක් ලෙසද අනෙක් පැත්ත මිටි වන ලෙස ද තනා ඇත. උල් වූ පැත්ත උස් බැවින් එය කරකවීමේදී වෑල්ව වල රෝකර් ආර්ම් ඉහලට ඔසවයි. එවිට වෑල්ව විවෘත වේ. පසුව මිටි පැත්ත එහි ස්පර්ශ වන විට ඒවා නැවත පහත් වේ.

වෑල්ව විවෘත කරනු ලබන්නේ කැමි ශෆ්ට් එක මගින් වුවද, ඒවා ස්වයංක්‍රීයව ස්ප්‍රින්ග් එකක් ආධාරයෙන් වැසෙනු ලැබේ.

කැමි දණ්ඩ කරකවනු ලබන්නේ ක්‍රෑන්ක් ශෆ්ට් එක මගිනි. ක්‍රෑන්ක් ශෆ්ට් එකේ වේගයෙන් අඩක් වූ වේගයකින් කැමි දණ්ඩ කරකැවෙ. එය කරනු ලබන්නේ ක්‍රෑන්ක් ශෆ්ට් එකේ ඇති දැති රෝදයක් මඟින් කැමි දණ්ඩ ඉදිරිපස ඇති දැති රෝදයක් කරකැවීමෙනි. මෙම දැති රෝද දම්වැලක් මගින් හෝ, එකට ස්පර්ශව තිබීමෙන් හෝ කරකැවේ.

වෑල්ව නියමිත වේලාවන්හිදී විවෘත වීමට නම් කැමි දණ්ඩේ හා ක්‍රෑන්ක් ශෆ්ට් එකේ ඇති දැති රෝද නිසි ලෙස ස්ථානගත ව පැවතිය යුතුය. ඒ සඳහා එම දැතිරෝදවල නිෂ්පාදකයින් විසින් සලකුණු යොදා ඇත.

Facebook Comments

About Admin

Check Also

සර්පන්ටයින් බෙල්ට් Serpentine Belts

සර්පෙන්ටයින් බෙල්ට් යනු නුතන වාහනවල දක්නට ලැබෙන එක්තරා බෙල්ට් විශේෂයකි. එන්ජිමේ සියලුම කරකැවෙන කොටස් ක්‍රියාත්මක …