Breaking News
Home / Mechanical Knowledge (page 2)

Mechanical Knowledge

ECU ගැන දැන ගනිමු

මිට අවුරුදු සිය ගණනකට කලින් හෙන්රි ෆෝර්ඩ් විසින් සොයා ගන්නා ලද සරල  එන්ජිම නොවේ වත්මන් මෝටර් රථ වල භාවිතා වනුයේ. අවුරුදු ගණනාවක සිට කෙරුණු දහස් සංඛ්‍යාත පරීක්ෂණ වල ප්‍රතිඵල ලෙසට එදා ඒ එන්ජිම අද වඩාත් සංකීර්ණ කාර්යක්ෂම වී ඇත.  මේ සංකීර්ණත්වය පාලනය කිරීම යාන්ත්‍රික කෑලි ගොඩකට තනිව සිදු කිරීම සිතන්නටත් …

Read More »

ටර්බෝචාජර් Turbochargers ගැන දැන ගනිමු

ටර්බෝචාජරයක් යනු එන්ජිමේ පිටාර වාතය මඟින් ක්‍රියාත්මක වනු ලබන එන්ජිමේ බලය වැඩි කිරීමට උපයෝගී කරගන්නා උපකරණයකි. පිස්ටන් වලින්  වැඩ කරන එන්ජිමක සිලින්ඩර් තුලට වාතය උර ගන්නේ පිස්ටන් පහලට ගමන් කරන විටයි. ඇක්සලේටරය පෑගීමෙන් මෙසේ ලබා ගත හැකි වාතය ප්‍රමාණය වැඩි කිරීමෙන් එන්ජිම වැඩි වේගයකින් ක්‍රියාත්මක වීමට සලස්වයි. එනම්, ඇක්සලේටරය පාගන …

Read More »

සුපර්චාජර් ගැන දැන ගනිමු

  පෙට්‍රල් හෝ ඩිසල් හෝ මොන එන්ජිමක් වුවත් දුවන්නේ ඉන්ධන-වාතය මිශ්‍රණයක් දැවීම තුලින් නිදහස් වන ශක්තිය උපයෝගී කරගෙනයි.   සුපර්චාජරයක් කියන්නේ සරලවම බැලුවොත් එයාර් කොම්ප්‍රෙෂර් එකක්. මේකෙන් කරන්නේ එන්ජිමට වැඩි පිඩනයකින් සහ ඝනත්වයකින් යුතු වාතය ලබාදීමයි. පීඩනයත්, ඝනත්වයත් වැඩි වීමෙන්  ඒකක පරිමාවක් තුළ තිබෙන වායු අනු ගණන වැඩි වේ. එවිට …

Read More »

Xenon HID සෙනොන් ලයිට්

අඳුරු රාත්‍රියක මූසල ගුප්ත බව මකා දමා පැහැදිලි දසුනකට මඟ කියන්න නම් ඊටම ඔබින ලාම්පුවක් රියෙහි තිබිය යුතුය. විවිධ වර්ගයේ ලාම්පු සියවස් ගණන් පුරා ගණදඳුරු මැකුවත්, සෙනොන්(xenon) ලාම්පුව ඇවිත් වැඩි කලක් නැත. High-Intensity Discharge Headlamps (HIDs) ලෙස ව්‍යවහාරයේ ඇති සෙනොන් ලාම්පු ඉතා කාර්යක්ෂම වර්ගයක් ලෙස දැක්වේ. මේවා 1991 දී BMW …

Read More »

නොශ් (NOS) හෙවත් නයිට්‍රස් ඔක්සයිඩ්

ඔබ fast and furious චිත්‍රපට පෙළ නරඹා ඇත්නම් හෝ කාර් රේසින් වීඩියෝ ගේම්ස් කර ඇත්නම් ඒවායේ හමුවන නොශ්(Nos) ගැන අසා ඇතුවට සැකයක් නැහැ. නොශ් යනු නයිට්‍රස් ඔක්සයිඩ් නම් වායුවට කෙටියෙන් කියන නමයි. වාහනවලට නයිට්‍රස් ඔක්සයිඩ් උපකරණ සාදන ප්‍රමුඛ පෙලේ  Nitrous Oxide Systems යන සමාගමක් නිසා මේ නොශ් කියන නම ආවා …

Read More »

ඉග්නිෂන් කොයිල්

ඉංග්‍රීසි බසින් ignition Coil ලෙසත් හෙළ භාෂාවෙන් ජ්වලන දඟරය ලෙසත් හඳුන්වන මෙම උපකරණය ට්‍රාන්ස්ෆොමරයක්ට සමාන වූ ක්‍රියාකාරිත්වයක් ඇති සරල උපකරණයකි. මෙය වාහනයක ජ්වලන පද්ධතියේ වැදගත් කාර්යයක් ඉටු කරයි. සිලින්ඩර වලට සැපයෙන පෙට්‍රල් වාත මිශ්‍රණය දහනය සඳහා අවැසි පුළිඟුව නිපදවීමට නම් වෝල්ට් විසි තිස් දහසක විදුලියක් ස්පාර්ක් ප්ලග් මගින් නිපදවිය යුතුය. …

Read More »

හැලජන් බල්බ ගැන දැනගනිමු

ලොව වැඩිපුරම භාවිතා වන හෙඩ් ලයිට් වර්ගය වනුයේ හැලජන් ලාම්පුය.  සරල නිසාත්, වියදම අඩු වීම නිසාත් හැලජන් ලාම්පු මෙසේ ජනප්‍රියත්වයට පත්ව ඇත. හොඳ වර්ගයේ හැලජන් බල්බයකට පැය දහසක පමණ ආයු කාලයක් තිබේ. එමෙන්ම පිළිස්සුනු ඒවා මාරු කිරීමේදී රුපියල් දහසකට වඩා වැය වන්නේ ද නැත. නමුත් කාර්යක්ෂමතාවය අතින් ගත්තොත් අද කාලේ …

Read More »

හෙඩ් ගැස්කට් යාමේ රෝග ලක්ෂණ

blown head gasket signs

මේ ලෙඩේට නම් දරාපු සමහර වාහන පවා තිබෙනවා. උදාහරණයක් විදියට නිසාන් සෙරීනා එක, ඩොක්ටර් සනී එකේ ඩිසල් වර්ෂන් එක එහෙම ගැස්කට් නිතර නි යනවට පදක්කම් හිමි වෙන්න ඕන වාහන. ඇත්තටම මොකක්ද මේ ගැස්කට් එකක් කියන්නේ? ගැස්කට් එකක් කියන්නේ සීල් එකක්. හෙඩ් ගැස්කට් එක තියෙන්නේ එන්ජිමේ සිලින්ඩර තිබෙන බ්ලොක් එක සහ …

Read More »

රේඩියේටරය

රේඩියේටරය යනු ජල සිසිලන පද්ධතියක් සහිත වාහනවල පමණක් ඇති, එහි අත්‍යාවශ්‍යම අංගයකි. එමගින් කෙරෙනුයේ, එන්ජිම තුල සංසරණය වී අධික උෂ්නත්වයකට පත් වී ඇති ජලය ඉහල වර්ගඵලයක පතුරුවා හැර ඒ හරහා වාතය සංසරණය වීමට ඉඩදී එම ජලය සිසිල් කිරීමයි. රේඩියේටරය ඉහල සහ පහල ඇති ටැංකි දෙකකින්ද, ඒ අතර ඇති කෝරයකින් ද …

Read More »

වාහන සිසිලින පද්ධතිය

එන්ජිමක සිලින්ඩර තුල පෙට්‍රල් වාත මිශ්‍රණය දැවීමේදී විශාල තාපයක් නිපද වේ. මේ තාපය නිසා එන්ජිමේ සියලු කොටස් ඉතා උෂ්ණත්වයකට පත් වේ. ඇතැම් කොටස් සෙල්සියස් අංශක 2000ක් වැනි ඉතා ඉහල උෂ්නත්වයකටත් පත් වන අවස්ථා තිබේ. ඒ උෂ්ණත්වය සිලින්ඩර් බ්ලොක් එක සාදා ඇති වාත්තු යකඩ වල ද්‍රවාංකයටත් වඩා ඉහල වේ.  එන්ජිම කොතරම් …

Read More »