Breaking News
Home / Batteries / බැටරි වතුර පරික්ෂාව සහ නැවත පිරවීම
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

බැටරි වතුර පරික්ෂාව සහ නැවත පිරවීම

ඔබ සතුව පවතින්නේ සීල් නොවන  සාමාන්‍ය  බැටරියක් නම් වරින්වර එහි බැටරි වතුර ප්‍රමාණය පරීක්ෂා කිරීම සහ අඩු නම් නිසි මට්ටමට නැවත පිරවීම හේතු දෙකක් නිසාවෙන් අනිවාර්යෙන් සිදු කළ යුතුය, ඉන් පළමුවැන්න නම්, ස්වාභාවිකවම බැටරි වතුර කාලයත් සමග වාෂ්ප වීම නිසා අඩු වීමයි. අනෙක නම්, බැටරිය ආරෝපණය වීමේදී සිදු වන රසායනික විපර්යාසයන් නිසා බැටරි වතුර ඔක්සිජන් සහ හයිඩ්‍රජන් බවට පත්වීම නිසා අඩු වීමයි. මෙනිසා බැටරි වතුර පරික්ෂා කිරීම සහ නැවත පිරවීම මෝටර් රථ නඩත්තුවේදී අනිවාර්යෙන්ම දැන සිටිය යුතු දෙයකි.

එනිසා අද රෝදහතර තුළින් මේ සම්බන්ධව ඔබේ දැනුම ඔප නංවා ගනිමු.

පියවර 1: බැටරිය පිරිසිදු කිරීම සහ මූඩි විවෘත කර ගැනීම.

බොහෝ කාර් රථ වල බැටරිය පවතින්නේ ඉස්සරහ බොනට් එක තුලය. BMW සහ Benz වැනි රථවල පිටුපස ඩිකිය තුලද වොල්ක්ස්වැගන් බීටල් රථ වල පිටුපස අසුන යටද බැටරිය තිබේ. මෙසේ බැටරියට පවතින ස්ථානය කෙසේ වෙතත් එය නිතර දෙවේලේ පිස නොදැමීම නිසා විවිධ අපවිත්‍ර ද්‍රව්‍ය, බැටරිය මතුපිට සහ එහි කේබල් වල තිබෙන්නට පුළුවන. එනිසා ප්‍රථමයෙන්ම අපවිත්‍ර ද්‍රව්‍ය තිබේ නම් ඒවා හොඳින් පිරිසිදු කර ගෙන සිටිය යුතුය. නැතහොත් බැටරිය විවෘත කිරීමේදී ඒවා, බැටරිය තුලට වැටීමට ඉඩ ඇත. එමෙන්ම කේබල්  මළ කෑමෙන් වලක්වා පිරිසිදුව තබා ගැනීමද වැදගත් දෙයකි.

බැටරියේ මතුපිට පිරිසිදු කිරීම සඳහා වින්ඩ්ස්ක්‍රීන්න් පවිත්‍රකාරකයක් ටිෂූ කැබැල්ලකට ගෙන එයින් හොඳින් පිස දමන්න. බැටරි ටර්මිනල්ස් සහ කේබල් වල පවතින මලකඩ ඉවත් කිරීමට බේකින් පවුඩර් ටිකක් ගෙන ජලයෙන් තෙත් කර එයින් ඉතා තදින් පිස දමන්න. අවශ්‍ය නම් වයර් බ්‍රෂ් එකකින් පිරිමැදීම ද කළ හැකිය.

මෙසේ හොඳින් පිරිසිදු කරගත් පසුව බැටරියේ ජලය දමන සිදුරු වසා ඇති මූඩි විවෘත කරගත යුතුය.

මෙසේ කල යුත්තේ සීල් නොකළ (maintenance free නොවන) සාමාන්‍ය බැටරි වල පමණි. සීල් බැටරි වල (maintenance free ) මේවා සීල් තබා ඇති අතර ඒවාට ජලය දැමීමට නොහැක.

ඇතැම් බැටරි වල සිදුරු සියල්ලම තනි ප්ලාස්ටික් තහඩුවකින් වසා ඇති අතර ඇතැම් බැටරි වල එක් එක් සිදුර සඳහා මූඩියක් බැගින් ඇත. ප්ලස්ටික් තහඩුව ගැලවීම සඳහා ඉස්කුරුප්පු නියනක් භාවිත කර හැකිය. එමෙන්ම මූඩි ගැලවීම සඳහා සාමාන්‍ය පරිදි ඒවා වාමාවර්තව කරකැවිය යුතු වේ.

මෙම මූඩි විවෘත කර ගත පසුවද තවත් අපවිත්‍ර තිබේ නම් ඒවාද බැටරිය ඇතුලට නොයන සේ හොඳින් පිරිසිදු කර ගත යුතුය.

පියවර 2: ජලය ප්‍රමාණය නිරීක්ෂණය

විවෘත කර ගත් එක එක සිදුර තුළින් ඇතුල බැලීමෙන් ඒවායේ ඇති ජලය ප්‍රමාණය නිරීක්ෂණය කරගත හැකිය. මේ සඳහා ටෝර්ච් එකක් භාවිත කර ගත හැකිය.  සිදුරු සෑම එකකම ජලය සම ප්‍රමාණවලින්පැ වතිය යුතු අතර තහඩු සියල්ලක්ම ජලයෙන් යට වී තිබිය යුතුය.

තහඩු බැටරි ජලයේ ගිලී පවතින්නේ නැත්නම්, බැටරියේ ධාරිතාවය අඩු වේ. මෙම තහඩු වාතයට නිරාවරණය වීමෙන් ඒවා දින කිහිපයක් ඇතුලත නරක්වීමට ලක්වේ. තහඩු වලින් අඟල් බාගයක් පමණ ජලය අඩු වී ඇත්නම්, නැවත ජලය පිරවීමෙන් බැටරිය සාමාන්‍ය තත්වයට ගෙන ආ හැකි නමුත් බැටරි ධාරිතාවය අඩු වේ.

බැටරි ජලය අඩු විය හැකි එක් ක්‍රමයක් වනුයේ වැඩියෙන් ආරෝපණය වීමයි. මෙය ඔල්ටර්නේටරයේ දෝෂයක් නිසා සිදු විය හැකි අතර එය විදුලි කාර්මිකයෙකු ලවා පරික්ෂා කරගත යුතුය.

බැටරි ජලය සාමාන්‍යයෙන් තහඩු වල සිට අඟල් බාගයක් පමණ ඉහල මට්ටමකින් තිබිය යුතුය.

පියවර 3: බැටරි ජලය නැවත පිරවීම.

බැටරියේ දක්වා ඇති උපරිම ආරක්‍ෂිත මට්ටමට සෑම සිදුරකටම ජලය දමන්න. (මෙහිදී යොදා ගත යුත්තේ ටැප් වතුර නොව, බැටරි වතුර ලෙස වෙළඳපොලේ මිලදී ගත හැකි ඒ සඳහාම වෙන් වූ ජලයයි.) නැවත සතියකින් පමණ මූඩි විවෘත කර වතුර අඩු වී තිබේදැයි බැලිය යුතුය.

මේ සඳහා පුනීලයක් භාවිත කර ගත හැකිය. බැටරියේ මතු පිට රැඳී ඇති අපවිත්‍ර කිසිවක් බැටරිය තුලට ඇතුළු නොවීමට මෙහිදී වග බලා ගත යුතුය. එමෙන්ම ආසෘත  ජලය වෙනුවට ටැප් වතුර භාවිතා කිරීමෙන් බැටරිය තුලට විවිද රසායනික ද්‍රව්‍ය මෙන්ම අනවශ්‍ය විද්‍යුත් අයන වර්ගද ඇතුළු  වී බැටරි ධාරිතාව ශීග්‍රයෙන් අඩු වීමට ඉඩ ඇත.

හදිස්සියේ එක සිදුරකට හෝ වැඩියෙන් ජලය  පිරිවුනොතින්, නැවත ඒවා ඉවත් කිරීමට හෝ පිරවීමට(අනෙක් සිදුරු පුරවන්න) උත්සාහ නොකර එසේ තබන්න.

ඔබ බැටරි වතුර පුරවන්නේ ආරෝපණය නැති හෝ ආරෝපණය අඩු වී ඇති බැටරියකට නම්, තහඩු යාන්තම් අවරණය වන මට්ටමට ජලය පිරිවීම ප්‍රමාණවත්ය. මන්ද යත්, බැටරිය නැවතත් ආරෝපණය කිරීමේදී බැටරි ජල මට්ටම ඉහල යන බැවිනි. එමෙන්ම බැටරිය රත් වන විටද ජල මට්ටම ඉහල නගී.

මෙසේ නිසි පරිදි ජලය පුරවාගත් පසු නැවතත් ටිෂු කැබැල්ලකින් බැටරිය මතු පිට වැටි ඇති ජලය පිස දා ඉවත් කරන්න. ඉන්පසු නැවතත් මූඩි හෝ ප්ලාස්ටික් තහඩුව ගෙන සිදුරු හොඳින් වසා ගන්න.

පිරවීමේදී, උතුරා ගියේ නම් ඒවා ආම්ලික බැවින්  එම ජලය අතින් නෑල්ලිය යුතුය. ඒවා රෙදි කැබැල්ලකින් හෝ ටිෂූ එකකින් පිස දමා වාහනයේ අනෙක් කොටස් වල නොගෑවෙන සේ බැහැර හැරිය යුතුය. මෙහිදී අත් වැසුම් පැළඳිය හැකි නම් අත හම යාමෙන් වලක්වා ගත හැකිය. මෙසේ බැටරියෙන් අම්ලය යම් තරමක් ඉවත් වුවද, එයින් බැටරියේ ක්‍රියාකාරිත්වයට සැලකිය යුතු ගැටළුවක් ඇති නොවේ. ඒ නිසා නැවත අම්ලය පිරවීමට කටයුතු  නොකළ යුතුය.

ආරක්‍ෂිත ක්‍රමෝපායන්

බැටරිය තුල පවතින්නේ තනුක කළ  සල්ෆියුරික් අම්ලයයි. එය ප්‍රභල අම්ලයකි. ඒවා ඇස් වල හෝ හමේ ගෑවුනොතින් ඉතා භයානකය. ඒ නිසා හැකි සෑම විටෙකම ඉන් වැළකීමට ආරක්‍ෂිත ක්‍රමෝපායන් භාවිත කළ යුතුය.

ඇස් වල ආරක්ෂාව සඳහා ගොගල්ස්(goggles) භාවිත කල හැකිය. සාමාන්‍ය කණ්නාඩි වලින් පැත්තෙන් ආරක්ෂාවක් නොලැබෙන අතර සිවි කාච වලින් නම් කිසිදු ආරක්ෂාවක් නොලැබේ. ඒ නිසා ගොගල්ස් දෙකක් මේ වගේ වැඩකදී උපයෝගී කරගැනීමට ළඟ තබා ගැනීම ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

අත් වල අම්ලය ගෑවීම වැලක්වීමට අත් වැසුම් භාවිත කල යුතුය. ඒ සඳහා රබර් ග්ලවුස් භාවිත කල හැකි නමුත් අම්ලය ගෑවී ටික වෙලාවකින් එම අත් වසුමටද හානි සිදුවේ. ඒ නිසා ගණකම වැඩි රබර් ග්ලොව්ස් දෙකක්  භාවිතා කල යුතුය.

එමෙන්ම සමේ අනිකුත් කොටස් ආරක්ෂා කරගැනීමට, අත් දිග ෂර්ට් එකක් සහ දිගු කලිසමකින් සැරසීම කල හැකිය. නමුත් අම්ලය ගෑවුණු පසු රෙදි වල කුඩා පිලුස්සුම්  හිල් ඇති විය හැකි බැවින් මේ වේලාවකදී ඉවත දැමිය හැකි පැරණි ඇඳුම් ඇඳීම නුවනට හුරු දෙයකි.

හදිස්සියේ හෝ අම්ලය ටිකක් අන්ගේඇඟේ ගෑවුනොත් ගලා යන ජලයෙන් සබන් යොදා  එය හොඳින් සේදිය යුතුය. (සබන් භාෂ්මික බැවින් අම්ලයේ ක්‍රියාව වැලක්වීමට සබන් වලට හැකිය) අම්ලය වැටුණු විට පිලිස්සිය හැකි බැවින්, එවැනි දෙයක් ඔබ නොදැනුවත්වම සිදු වී ඇති බවට ඔබට සැක හිතුනොත්, කරන වැඩේ පැත්තක තබා එම ස්ථානය හොඳින් සෝදා ගත යුතුය.

එමෙන්ම කාර්යය නිම කල පසු අම්ලය ගෑවී ඇති අත් වැසුම් සහ ටිෂු සියල්ල අන් කිසිවක නොගෑවෙන සේ ආරක්ෂිතව බැහැර කල යුතුය.

 

 

Facebook Comments

About Admin

Check Also

battery maintenance

බැටරි නඩත්තුව නිසි ලෙස කිරීමට උපදෙස්

කාර් බැටරිය කියන්නේ වාහනේක තියෙන නැතුවම බැරි අංගයක්. වාහනය පන ගන්වන්න, පිස්ටන ක්‍රියාවේදී අවශ්‍ය දහනය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *