Breaking News
Home / Mechanical Knowledge / දඟර කඳ Crank Shaft
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

දඟර කඳ Crank Shaft

මිශ්‍ර ලෝහ වලින් තනා ඇති දඟර කඳ (ක්‍රෑන්ක් ශෆ්ට්) එක පිස්ටන් සහ සිලින්ඩර වලට පහලින් එන්ජින් බ්ලොක් එක තුල තිබේ. එහි කාර්යය වනුයේ පිස්ටන් වල තිරස් චලනය වඩා ප්‍රයෝජනවත් භ්‍රමණයක් බවට පත් කර එමගින් ජව රෝදය භ්‍රමණ කිරීමයි. ජව රෝදය හරහා මෙම භ්‍රමණය ගියර් පද්ධතියට සම්ප්‍රේෂණය වේ. ක්‍රෑන්ක් ශෆ්ට් එකේ ඇති ක්‍රෑන්ක් පින් (crank pins) පිස්ටන් වලට කෙලින් තිරස්ව ඇති අතර ඒවා මගින් ක්‍රෑන්ක් ශෆ්ට් එකේ ඇති තරප්පු ආකාර පෙනුම ලබාදේ.

ක්‍රෑන්ක් ශෆ්ට් එක සියවස් ගණනාවක සිට පරීක්ෂණ වලට බඳුන් ව  දියුණු වුවද එන්ජිමේ වැඩිම ශක්ති නාස්තියක් සිදු වනුයේ මෙහි දීය. තාපය, කම්පනය, ශබ්දය සහ ගර්ශනය වැනි ආකාර ඔස්සේ ශක්තිය හානි වේ. ක්‍රෑන්ක් ශෆ්ට් එකක් හැකිතාක් කෙටි කර සෑදීම මගින් එය තුලිතව තබා ගැනීම පහසු වේ.

ක්‍රෑන්ක් ශෆ්ට් එක ගතිකව සහ ස්ථිතිකව යන දෙයාකාරයෙන්ම තුලිතව තිබිය යුතුයි. ගතිකව යනු එය චලනය වීමේදී සමමිතිකව දෙදරීමක් නැතිව වන චලනයටයි. ස්ථිතිකව තුලිතව ඇති විට එය දෙපසින් ආධාරක දෙකක් මත තැබූ විට ඕනෑම පිහිටීමක දී එය නිශ්චලව තිබේ.

ක්‍රෑන්ක් ශෆ්ට් එක පිස්ටන් වලට සම්බන්ධව ඇත්තේ පිස්ටන් අත් මගිනි. ක්‍රෑන්ක් ශෆ්ට් එක ද ස්නේහක තෙල් මගින් ස්නේහනය කරනු ලැබේ. ඒ සඳහා ක්‍රෑන්ක් ශෆ්ට් එකේ ඇති සිදුරු හරහා ප්‍රධාන බෙයාරින් වලට තෙල් ලැබේ. මෙම තෙල් කාන්දු වීම වැලැක්වීම සඳහා එහි ඉදිරි පසට සහ පිටුපසට තෙල් මුද්‍රා දෙකක් තබනු ලැබේ.

දඟර කන්දේ පිටුපස කෙලවරට ජව රෝදය සම්බන්ධ වේ. එමගින් දඟර කඳේ වේගය එකකරිව පවත්වා ගැනීමට උපකාරී වේ. දඟර කඳේ සුමට ක්‍රියාකාරිත්වය සඳහා මෙම ජව රෝදයට හොඳින් තුලිත වී තිබිය යුතුයි.

පින්තූර පහලින් ගන්න.

https://www.carthrottle.com/post/camshafts-and-crankshafts-explained-the-simple-way/

Facebook Comments

About Admin

Check Also

සර්පන්ටයින් බෙල්ට් Serpentine Belts

සර්පෙන්ටයින් බෙල්ට් යනු නුතන වාහනවල දක්නට ලැබෙන එක්තරා බෙල්ට් විශේෂයකි. එන්ජිමේ සියලුම කරකැවෙන කොටස් ක්‍රියාත්මක …