Breaking News
Home / Fuel / Direct Injection ගැන දැන ගනිමු
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

Direct Injection ගැන දැන ගනිමු

Direct Injection කියන දේ අහල තිබුනට ඇත්තටම මොකක්ද කියල දන්නේ නෑ කියල අපේ පාඨකයින් රැසක් අපට කියල තිබුනා. ඒ නිසා අද අපි කියන්න සුදානම් වුනේ මේ Direct Injection තාක්ෂණය සම්බන්ධව. ඇත්තටම Direct Injection කියන්නේ ඉන්ධන සිලින්ඩරය තුලට මුදා හැරීමේ තාක්ෂණයක්. මේ තාක්ෂනය මඟින් වැඩි ඉන්ධන කාර්යක්ෂමතාවයක්, ඉහල බලයක් සහ අඩු වායු දුෂණයක් ලබා දේ.

දැන් තියෙන ඉලෙක්ට්‍රික් කාර් හැරුනාම අනිත් ඔක්කොම එන්ජින් වල පෙට්‍රල් හෝ ඩිසල් කියන ඉන්ධන වර්ගය භාවිත වෙනවා. මේ පෙට්‍රල් හෝ ඩිසල් ඉන්ධනය වාතයත් එක්ක මුසු වෙලා සිලින්ඩරය තුලට උරා ගෙන පිස්ටන් මඟින් දැඩි පීඩනයකට ලක් කරලා ස්පාර්ක් ප්ලග් එකෙන් පුලිගුවක් නිකුත් කරලා දහනය උනාම තමයි එන්ජිම විසින් බලය නිපදවන්නේ. සරලව කිවුවට ලොකු කතාවක්.

සාමාන්‍ය පෙට්‍රල් එන්ජිමක නම් වාතය සහ ඉන්ධන සිලින්ඩර වලට නිකුත් කරන්න කලින් intake manifold කියන කුටීරයක් තුලදී එකට කළවම් වීමක් වෙනවා. එතකොට ඉන්ධන සහ වාතය මිශ්‍රනයක් තමයි සිලින්ඩර වලට මුදා හරින්නේ.  නමුත් Direct Injection වලදී එහෙම නෑ. එහිදී වාතය සහ ඉන්ධන මිශ්‍රණයක් වෙනුවට  intake manifold එක හරහා  වාතය පමණක් සිලින්ඩරයට ලබා දේ. ඒ අතර injectors මගින් ඉන්ධන සිලින්ඩරය තුලට කෙලින්ම විදිනු ලැබේ.

Direct Injection හි වාසිය.

Direct Injection ක්‍රමය පරිගණක තාක්ෂනය සමග මුසු කර ගැනීමෙන්, හරිම විදියට ඉන්ධන නිකුත් කිරීම කළ හැකිය. උදාහරණයක් ලෙස, අවශ්‍යම ඉන්ධන ප්‍රමාණය පමණක් නිකුත් කිරීම සහ  අවශ්‍ය වෙලාවට  තීරණය කිරීම පරිගණක මඟින් සිදු කළ හැකිය. Injectors තිබෙන තැනද මෙහිදී වැදගත් වේ. මන්ද, injectors මගින් ඉන්ධන කුඩා අංශු වලට කඩා දැමීම සිදු කරනු ලැබේ. මෙහි ප්‍රතිපලය වනුයේ ඉන්ධන සියල්ලම දහනය වී වැඩි බලයක් ලබා දීම සහ පරිසර දුෂණය අඩු කිරීමයි.

Direct Injection හි අවාසිය.

Direct Injection හි නිෂ්පාදන පිරිවැය වැඩිවීම සහ සංකීර්ණතාව ඉහළ වීම ප්‍රධාන අවාසියකි. මේවා InDirect Injection වල‍ට සාපේක්ෂව ඉතා ඉහල පීඩන තත්වයන් වල ක්‍රියා කරයි. ඒ නිසා සිලින්ඩර තුල ඇති ඉහල පීඩනයන් සහ උෂ්නත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයට සෑදීමට විශාල පිරිවැයක් අවශ්‍ය වේ. 

Direct Injection වල කාර්යක්ෂමතාවය.

මෙය කාර්යක්ෂමතාවයෙන් ඉහල ලෙස සැලකුණද, උදාහරණයක් ලෙස කැඩිලැක් වැනි වාහන නිෂ්පාදකයින් Direct Injection සහ InDirect Injection යන තාක්ෂණ දෙවර්ගයෙන්ම CTS ලීටර 3.6 V6 වාහනය නිෂ්පාදනය කරයි. එහි InDirect Injection වර්ගය අශ්ව බල 263ක් නිපදවන විට, එහිම Direct Injection වර්ගය අශ්ව බල 304ක් නිපදවයි. එමෙන්ම Direct Injection රථය අනෙකට වඩා ලීටරයට කිලෝ මීටර් .5ක් පමණ වැඩි දුරක් ගමන් කරයි.  

ඩිසල් රථ සහ Direct Injection තාක්ෂණය

සාමාන්‍යයෙන් සෑම ඩිසල් රථයකම Direct Injection ක්‍රමය භාවිත වේ. නමුත් පෙට්‍රල් රථ වල Direct Injection ක්‍රමයට වඩා වෙනස් වූ ක්‍රමයක් ඒවායේ යොදා ගැනේ. උදාහරණයක් ලෙසට ඒවායේ, වාතය පමණක් සම්පීඩනයට ලක් කර ඉන්ධන විදීමක් ඒවායේ සිදු වේ. 

1980 ගණන්වල ප්‍රචලිත වී තිබුනේ කාබියුරෙටරයයි. එහෙත් ඒවායේ වූ අකාර්යක්ෂමතාව නිසා ඉලෙක්ට්‍රොනික ක්‍රමයක් මඟින් පාලනය වූ ඉන්ධන මුදා හැරීමේ InDirect Injection ක්‍රමය බිහිවිය. නමුත් සාපේක්ෂව එහි පැවති අකාර්යක්ෂමතාවය නිසාත්, ඉහල යන ඉන්ධන මිලත්, විවිධ රටවල පරිසර දුෂණයට එරෙහි නීති තදින් ක්‍රියාත්මක වූ නිසාත් ඉතා ඉහල කාර්යක්ෂමතාවයකින් යුක්ත Direct Injection ක්‍රමය බිහි වූ බව පැවසිය යුතුයි.

Facebook Comments

About Admin

Check Also

පෙට්‍රල් ඩීසල් මාරු කරලා ගැහුවොත් මොකද වෙන්නේ?

පෙට්‍රල් එන්ජිමකට ඩීසල් දැම්මොත්? හදිසියට හා නොදැනුවත්කම නිසා බොහෝ දෙනෙකු අතින් වැරදි සිදුවේ. ඩීසල් පෙට්‍රල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *