Breaking News
Home / Electric System / ECU ගැන දැන ගනිමු
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

ECU ගැන දැන ගනිමු

මිට අවුරුදු සිය ගණනකට කලින් හෙන්රි ෆෝර්ඩ් විසින් සොයා ගන්නා ලද සරල  එන්ජිම නොවේ වත්මන් මෝටර් රථ වල භාවිතා වනුයේ. අවුරුදු ගණනාවක සිට කෙරුණු දහස් සංඛ්‍යාත පරීක්ෂණ වල ප්‍රතිඵල ලෙසට එදා ඒ එන්ජිම අද වඩාත් සංකීර්ණ කාර්යක්ෂම වී ඇත.  මේ සංකීර්ණත්වය පාලනය කිරීම යාන්ත්‍රික කෑලි ගොඩකට තනිව සිදු කිරීම සිතන්නටත් බැරිය. ඒ නිසා නූතන මෝටර රථ වල ECU නමින් හඳුන්වන පරිගණක පද්ධතියක් තිබේ.

මෙය ECM ලෙසද හඳුන්වයි

ECU එක අසීමිත කාර්යයන් රැසක් කරයි. ඒ අතරින් ප්‍රධානතම ඒවාද කිහිපයකි. එන්ජිමේ කාර්යක්ෂමතාවය උපරිම වන අයුරින් විවිධ අංගෝපාංග පාලනය කිරීම ඉන් ප්‍රධානයි.

එමෙන්ම අවස්ථානුරූපීව එන්ජිමට ලබා දිය යුතු ඉන්ධන සහ  වාතය  ප්‍රමාණය තීරණය කරනු ලබන්නේද ECU එක මඟිනි.

ක්‍රෑන්ක් ශෆ්ට් එකට සම්බන්ධ සංවේදක මඟින් ලබාගන්න තොරතුරු වලින් ස්පාර්ක් ප්ලග් දැල්විය යුතු නිශ්චිත වෙලාව තීරණය කර උපරිම බලයක් සහ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දීමද ECU එකේ කාර්යයකි.

ඒ විතරක් නොවේ, එන්ජිමේ අයිඩ්ලින් වේගය ද ECU එක මඟින් පාලනය වන්නා වූ ක්‍රියාවකි.

මීට අමතරව විවිධ පද්ධති සඳහා විවිද ECU පවතී. , රථයේ එයාර් බෑග් පද්ධතිය, ස්වයංක්‍රීය දොරවල් වැසීම, ABS තිරිංග, traction කොන්ට්‍රෝල්, Stability කොන්ට්‍රෝල් ආදී සාම දෙයක්ම ඒවාට අදාළ ECU මගින් පාලනය වේ.   

මේ සෑම දෙයක්ම හරියට කිරීම සඳහා ECU එකට වාහනයේ ක්‍රියාකාරිත්වය ගැන තොරතුරු ලැබිය යුතුය. ඒ සඳහා එන්ජිමේ සහ විවිධ ස්ථානවල ඇති සෙන්සර් විශාල ප්‍රමාණයකින් ECU එකට නිරන්තරයෙන්ම තොරතුරු සැපයේ.  වාහනයේ සිසිලන ජලයේ උෂ්ණත්වයේ සිට දුම් බටෙන් පිටවන දුමේ ඔක්සිජන් ප්‍රමාණය තරම් හැම දෙයක්ම ECU එක දන්නේය. මේ දත්ත වලින් තත්පරයකට මිලියන ගණන් සමීකරණ සිදු කර  ස්පාර්ක් ප්ලග් එක හරියටම පත්තු විය යුතු වෙලාව මෙන්ම  ඉන්ධන ඉන්ජෙක්ටර්ස් විවෘතව පැවතිය යුතු කාලය ද තීරනය කරන්නේ ECU එක මඟිනි.

මේ සෑම දෙයක් මගින්ම එන්ජිමේ කාර්යක්ෂමතාවය වැඩි කරන අතර පිටවන දුම ප්‍රමාණය ද අවම කරවයි.

මේ කොපමණ දේවල් කළත්, ECU නම් පරිගණකයේ ඇත්තේ 32 bit, 40 Mhz ප්‍රොසෙසරයකි.   එහි ඇති මෙගා බයිට් 1ක් පමණ වන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එය ඕනෑවටත් වැඩිය වේගවත්ය.

ECU එක භාවිතයේ වාසි රැසක් ද පවතී. ඉන් පළමුවැන්න ලෙස වාහනයේ කාර්යක්ෂමතාවය වැඩිවීමත්, වඩාත් පරිසර හිතකාමී වීමත් දැක්විය හැකිය. එමෙන්ම, වාහනේ දෝෂ පරිගණකයකට සම්බන්ධ කිරීම මගින් පහසුවෙන් හඳුනා ගත හැකිය.  

නූතන වාහනවල පවතින විවිධ ECU එකට සම්බන්ධ කරන සන්නිවේදන  රැහැනක් ද පවතී. එමගින් එක සෙන්සර් එකකින් ලැබෙන තොරතුරු ECU කිහිපයකටම ලබා ගත හැකිය. උදාහරණයක් ලෙසට රෝදවල වේගය ABS පද්ධතිය, ගියර පද්දතිය මෙන්ම ඩෑෂ්බෝර්ඩ් එකේ වේගමාපකයට යන වැනි විවිධ ECU මගින් පාලනය වන දේවල්  සියල්ලටම එක විටෙක ලබා ගත හැකිය. එමගින් එක් සෙන්සර් එකක සිට විවිධ උපකරණ වලට වෙන වෙනම වයර් යැවීමේ අවශ්‍යතාවය නැති ව ගොස් තිබේ.

නමුත් මෙහිදී එම දත්ත සපයන එක රැහැනක් හෝ බිඳ වැටුනොත් ඒ ECU සියල්ලම බිඳ වැටීමේ හැකියාවක්ද පවතී. නමුත් එම දෝෂය හඳුනා ගැනීමට පහසුය. ඒ සඳහා එක් එක් ECU එකට දත්ත පැමිණෙයි දැයි වෙන වෙනම පරීක්ෂා කළ යුතු නැත.

වර්තමානයේ ඇතැම් ECU නැවත ක්‍රමලේඛ ගත කල හැකිය. එන්ජිමට විවිධ උපකරණ සවි කර නවීකරණය කල විට එසේ කල යුතුය.  පරිගණයක් හා විශේෂ වූ මෘදුකාංගයක් පමණක් එයට අවශ්‍ය වේ. උදාහරණයක් ලෙස ටර්බෝ චාජරයක් සවි කළ විට, ඉන්ටර්කූලරය වෙනස් කළ විට හෝ වෙනත් ඉන්ධන වර්ගයක් භාවිතයට සලස්වූ විට, පැරණි ECU දත්ත මඟින් ඒවා නිසි ලෙස ක්‍රියා නොකරනු ඇත. එහිදී ඒවාට අදාළ වන ලෙස ECU එක නැවත ක්‍රමලේඛ ගත කළ යුතුය.

ECU පැමිණීමට පෙර ඉන්ධන-දහන මිශ්‍රණය, ඉග්නිෂන් ටයිමින්, අයිඩ්ලින් වේගය ආදී සියලුම දේවල් පාලනය වූයේ යාන්ත්‍රික ක්‍රම ඔස්සේය. නමුත් දියුණු වන විට වඩාත් සංකීර්ණ වූ එන්ජින් වලින් යාන්ත්‍රිකව පාලනය වන කොටස් ගණන ඉතා සීමිතයි. දොරක ජනේලයක් වැසීම මෙන්ම පැති කණ්නාඩියක දිශාව පවා වෙනස් කිරීමට ඔබ ඔබන බොත්තමක තොරතුරු ECU හරහා ගොසිනි ක්‍රියාත්මක වනුයේ.

Facebook Comments

About Admin

Check Also

alternator problems - leading automobile magazine sri lanka

ඔල්ටර්නේටරයේ දෝෂ ලක්ෂණ

ඩෑෂ්බෝර්ඩ් එකේ දැක්වෙන සරල සංඥාවකින්, ඩිම් වුනු හෙඩ් ලයිට් එකකින් හෝ පන ගැන්වීමට අපහසු අවස්ථාවකින් …