Breaking News
Home / Mechanical Knowledge / එන්ජින් මවුන්ට් Engine Mounts
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

එන්ජින් මවුන්ට් Engine Mounts

එන්ජින් මවුන්ට් ප්‍රමාණයෙන් ඉතා කුඩා වුවත් එයින් වාහනේ හදවත බඳු එන්ජිමට සිදු කරන සේවාව අති විශාලයි. රබර් සහ වානේ වලින් සාදා ඇති මේවා මගින් එන්ජිමත්, ගියර් පද්ධතියත් වාහනයේ සැකිල්ලට  සවි කරනු ලබයි.  එමෙන්ම ඒවා මගින් එන්ජිමේ දෙදරීම අවම කරන අතර එම දෙදරීම මෝටර් රථයේ මගීන්ට හා සෙසු කොටස් වලට සම්ප්‍රේෂණය වීම අවම කරයි. තවත් එන්ජින් මවුන්ට් වර්ගයක යම් ද්‍රවයක් පුරවා ඇති අතර ඒවා ෂොක් ඇබ්සෝබර් ලෙස ද ක්‍රියා කරයි. හොන්ඩා සහ ටොයෝටා වර්ගයේ ඇතැම් වාහනවල වැකියුම් එකක් මගින් පාලනය වන එන්ජින් මවුන්ට් භාවිත වේ. එමෙන්ම පෝශේ වැනි ඉහළ ගණයේ නිෂ්පාදකයින් විද්‍යුත් චුම්බක ශක්තිය යොදා ගනිමින් එන්ජිමේ ගැස්ම අඩු කරන අවස්ථා ද ඇත.

එන්ජින් මවුන්ට් වෙනත් උපකරණ මෙන් නඩත්තු කිරීම අවශ්‍ය නැත. ඒවා නරක් වූ විට මාරු කිරීම පමණක් සෑහේ.

නරක එන්ජින් මවුන්ට් තිබීම හේතුකොටගෙන පහත දෝෂ තත්වයන් වාහනයේ ඇති විය හැකිය.

එන්ජිමේ දෙදරීම වැඩි වීම – එන්ජිමේ හට ගන්න දෙදරීම මවුන්ට් සවුත්තු වූ විට ඉතා දරුණු වේ. මගීන්ගේ හා වාහනයේ සියලුම කොටස් වල දෙදරීම කෙරේ එය ඍජුවම බලපායි. මේ දෙදරීම නිසා විවිධ ශබ්ද ද හට ගත හැකිය. එන්ජිමේ ඉදිරිපස මගී අසුනට අත තබා පරීක්ෂා කිරීමෙන් එහි යම් නුපුරුදු දෙදරීමක් තිබේ දැයි පරික්ෂා කල හැකිය.

එන්ජිම හරියාකාරව කෙලින් නොපිහිටීම – එන්ජිම නිසියාකරව ක්‍රියා කිරීම සඳහා එය හරි කෙලින් දෙපසට තුලිතව තිබිය යුතුයි. නරක එන්ජින් මවුන්ට් වලින් මෙම සමමිතිකතාවය බිඳ වැටෙන අතර එන්ජිමේ චලනය වන කොටස් වල සමමිතිකතාවය ද නැති වී යයි. මෙමගින් එන්ජිම සීස් වීමක් පවා ඇති විය හැකිය.

එන්ජිමට හානි වීම – මවුන්ට් එකක් සම්පූර්ණයෙන්ම කැඩීදී ගියහොත් එන්ජිම වාහනයෙන් වෙන් වී යා හැකි අතර අධික වේගයෙන් ගමන් කර සිටින අවස්ථාවක නම් මෙය ඉතා භයනාක තත්වයක් වේ. මෙහිදී එන්ජිම එක් පසකට පහත් විය හැකි අතර සෑම කොටසකටම හානි වන අයුරින්  ඉතා වැරෙන් බවුන්ස් වීම සිදු වේ.

බෙල්ට්ස් සහ හෝස් වලට හානි වීම – එන්ජිමේ වෙනත් කොටස් වලට හානි වන ආකාරයටම බෙල්ට්ස් සහ හෝස් වලටත් මෙමගින් හානි සිදු වී. අධික දෙදරීම නිසා හෝස් බුරුල් වීම, කරකැවෙන බෙල්ට් අදාළ කප්පි වලින් පිටතට පැනී ඉරී යාම වැනි හානි ඇති වේ. ඒ කෙසේ වුවත්, රේඩියේටර් හෝස් සහ ඵ් බෙල්ට් වලට හානි සිදු විය හැක්කේ අධික වේගයෙන් ගමන් කරන අවස්ථාවේදී පමණයි.

විවිධාකාරයේ ශබ්ද  මතු  වීම – එන්ජිම නියමාකාරව සැකිල්ලට සවි වී නැත්නම් දෙදරීමත් සමග විවිධ හඬවල් ඇතිවිය හැකිය. විවිධ කොටස් එකිනෙක ගැටීමේදී නැගෙන හඬ වැනි ශබ්දයන් මෙහි දී මතු විය හැකිය. වෙනදා නොවූ අලුත් අලුත් හඬවල් එන්ජිමේ දෙදරීමක් සමග ඇති වී නම් එන්ජින් මවුන්ට් දෝෂයක් යයි ද සැක සිතිය හැකිය.

 

Facebook Comments

About Admin

Check Also

සර්පන්ටයින් බෙල්ට් Serpentine Belts

සර්පෙන්ටයින් බෙල්ට් යනු නුතන වාහනවල දක්නට ලැබෙන එක්තරා බෙල්ට් විශේෂයකි. එන්ජිමේ සියලුම කරකැවෙන කොටස් ක්‍රියාත්මක …