Breaking News
Home / Interesting / ගෑස් ටර්බයින් වාහන
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

ගෑස් ටර්බයින් වාහන

වාහන ලෝකයේ නිෂ්පාදකයින් විවිධාකාරයේ පරීක්ෂණ වල යෙදී සිටී. විවිධ ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉතා ඉහළ දියුණුවක් ලබා ඇති කිව හැකි වුවද, ගෑස් ටර්බයින් බලය මෝටර් රථ වලට  යොදා ගැනීම සම්බන්ධව තවමත් මහා ලොකු දැනුමක් ලබා ඇතැයි කිව නොහැක.

ගෑස් ටර්බයින එන්ජින් වල සාමාන්‍ය වාහන සඳහා යොදා ගන්න පිස්ටන් එන්ජින් වලට සාපේක්ෂව විශාල වාසි ප්‍රමාණයක් තිබේ. විශාල බලශක්ති අවශ්‍යතා සඳහා ඉතා හොඳින් ගැලපෙන මේවා පොළොවෙන් ඉහළ උන්නති වල (altitudes) ඉතා හොඳින් ක්‍රියා කරයි. එමෙන්ම පෙට්‍රල් හෝ ඩිසල් වලට සීමා නොවී දහනය කර හැකි ඕනෑම ඉන්ධනයකින් ක්‍රියා කරවීමට හැකි වීම මෙහි  ඇති තවත් වාසියකි.

මෙය එන්ජිමේ බරට සාපේක්ෂව විශාලම බලයක් ලබා ගත හැකි තාක්ෂණයක්‌ ද වේ. තවද සමාන වූ බලයක් නිපදවන අභ්‍යන්තර දහන එන්ජිමකට සාපේක්ෂව එම බලයම නිපදවන ගෑස් ටර්බයින් එන්ජින් ප්‍රමාණයෙන් කුඩා වන අතර සැහැල්ලු ද වේ.

මේවයේ ප්‍රධාන අවාසි කිහිපයක්ද තිබේ. මේවා ඉතා ඉහල වේගවලින් ක්‍රියා කිරීමත්, අධිකව රත් වීමත් නිසා නිෂ්පාදන සහ නඩත්තු වියදම ඉතා අධික වේ. එමෙන්ම ලැසි වේගයෙන් සහ ත්වරණය කිරීමේදී මෙහි කාර්යක්ෂමතාවය ද ඉතා අඩුය.

එනිසාම විශාල ප්‍රමාණයේ නැව්, යුධ ටැංකි සහ හෙලිකොප්ටර් වැනි ගුවන් යාන සඳහා  ගෑස් ටර්බයින තාක්ෂණය බහුලව යොදා ගැනේ.

ගෑස් ටර්බයින් එන්ජිමක ඉතා ඉහල පීඩනයකින් පිටවන වාතය මඟින් ටර්බයිනයක් කරකවනු ලැබේ. සෑම නූතන ටර්බයින් එන්ජිමකම, මේ අධි පීඩිත වායුව ලබා ගන්නේද එන්ජිම තුළින්මයි. ඒ ප්‍රෝපේන් හෝ භූමිතෙල් වැනි ඉන්ධනයක්  දහනය කිරීම තුලිනි. ඉන්ධන දහනයෙන් ලැබෙන අධික තාපය නිසා වාතය ප්‍රසාරණය වී වේගයෙන් පිටවීමට ගනී. එම වේගවත් වාතය මගින් ටර්බයිනය කරකවනු ලැබේ.

2010 වර්ෂයේ පැරිස් මෝටර් ෂෝ හිදී ප්‍රදර්ශනය කෙරුණු ජගුවර්  C-X75 රථය ගෑස් ටර්බයින් තාක්ෂණය යොදා ගන්න හයිබ්‍රිඩ් විදුලි රථයකි. එහි බැටරි බලය අඩු වූ විට ඒවා ආරෝපණය කිරීම සඳහා යොදා ගන්නේ කුඩා ප්‍රමාණයේ ගෑස් ටර්බයින් දෙකකි. මෙමගින් අඩු වේගයකින් ගෑස් ටර්බයින් ක්‍රියා කිරීමේදී ඇතිවන අඩු කාර්යක්ෂමතා දෝෂය ඉවත් කරගැනීමට හැකි වන අතර සෙමෙන් ධාවනයේදී බැටරි බලයෙන් එම රථය ක්‍රියා කරවීමට හැකි වීම මෙහි වාසියකි. එය අශ්ව බල 778ක් සහිත පැයට කිලෝමීටර් 100ක වේගයක් තත්පර 3.4 කදී ලබා ගත හැකි සුපිරිම මෝටර් රථයකි.

එමෙන්ම වර්ෂ 1979 වන විට අවසන් වරට නිෂ්පාදනය කෙරුණු ක්‍රයිස්ලර් ගෑස් ටර්බයින් රථයක් ගැන ද අසන්නට ලැබේ. නිෂ්පාදනය කළ වාහන 55කින් 9ක් ඉතුරු වන්නට අනෙක් ඔක්කොම විනාශ කළ බවද ඒ පිටුපස සවුදි අරාබියේ තෙල් සල්ලි ඇති බවටත් විවිධ අය මත ප්‍රකාශ කරයි. මෙම ක්‍රයිස්ලර් ගෑස් ටර්බයින් මෝටර් රථය ඉතාමත් සැපපහසු එකක් විය. එහි එන්ජිම මත වතුර වීදුරුවක් තිබ්බත් නොසෙල්වෙන තරමට එන්ජිම කම්පනයන්ගෙන් තොර විය. එමෙන්ම ඕනෑම උෂ්ණත්වයක පණගැන්වීමට හැකි වීම, නඩත්තු වියදම අඩු වීම, එන්ජිමේ බර සියයට 80කින් පමණ අඩු වීම සහ විමෝචක වායුන් පිරිසිදු සහ සිසිල් බැවින් යුක්ත වීම මෙම රථයේ වූ වාසි විය. එමෙන්ම සීත ඍතු වලදී ඇතුලට තාපය ලබාගැනීම  ක්ෂණිකව කළ හැකි විය.

මෙහි පහසුකම් සාමාන්‍ය රථ වල පහසුකම් වලින් අඩු නොවීය. පවර් ස්ටියරින්, පවර් බ්රේක්, පවර් ෂටර්ස්, ස්වය්න්ක්‍රිය ගියර් ආදියද සාමාන්‍ය අංග ලෙස පැමිණෙන ලදී.

නමුත් කිසියම් අභිරහස් හේතුවක් නිසා මෙම රථ නිෂ්පාදනය අතරමග එන හිටින ලදී.  එය එසේ වුවත් පෙර සඳහන් කළ ජගුවර් මෝටර් රථයේ පරීක්ෂණ කටයුතු තවමත් කෙරෙමින් පවතී. එම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් සියලුම මෝටර් රථ නිෂ්පාදකයින් මෙම තාක්ෂණයට අනිවාර්යෙන්ම නැඹුරු වන බව නොඅනුමානයි.

 

 

Facebook Comments

About Admin