Breaking News
Home / Buses / අරුම පුදුම ගයිරෝ බස්
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

අරුම පුදුම ගයිරෝ බස්

එන්ජිමක් හෝ බැටරියක් හෝ උඩින් දිවෙන විදුලි කම්බි නැති එහෙත් විදුලියෙන් ක්‍රියාත්මක වන අමුතුම ආකාරයක බස් රථ වර්ගයක් මිට වසර ගණනාවකට පෙර ස්විට්සර්ලන්තයේ භාවිතා විය. එය ඉතා පුදුමසහගත බස් රථ වර්ගයක් විය. මෙවා තුල විදුලිය ගබඩා කර තබනු ලැබුවේ එක දිගටම කරකැවෙමින පවතින ජව රෝදයක් ආධාරයෙනි.

ජව රෝදයක් යනු  චාලක ශක්තිය ගබඩා කර තැබීමට යොදා ගනු ලබන උපාංගයකි. මෙය ඉතා වේගයෙන් කරකැවෙන අතර එහි ගම්‍යතාවය නිසා ක්ෂණිකව නැවතීමට ලක් නොවේ. අවශ්‍ය වෙලාවට විවිධ ක්‍රම මගින් මෙහි ඇති ශක්තිය වෙනවත් ආකාර බවට පත් කරගෙන භාවිතයට ගත හැකිය.

පෙට්‍රල් හෝ ඩිසල් වලට වඩා පරිසර හිතකාමී, එමෙන්ම විදුලි කම්බි භාවිතා නොකළ ස්ථානවල යෙදවීමට අලුත්ම වර්ගයේ බස් රථ වර්ගයක් එකල අවශ්‍ය විය. ඒ සඳහා විසඳුමක් ලෙස පැමිණියේ මෙම ගයිරො බස් රථයි. මේවා සාමාන්‍ය ට්‍රෑම් රථ වලින් වෙනස් වන්නේ පාරේ ඉහලින් දිවෙන විදුලි රැහැන් වලට සම්බන්ධ නොවීමත්, මේවා රේල් පීලි මතින් ධාවනය නොවීමත්ය.

අභ්‍යන්තර දහන එන්ජිමක් හෝ බටරියක් වෙනුවට මෙම ගයිරෝ බස් රථ තුළ ගර්ෂණය ඉතා අඩු පද්ධතියක මිනිත්තුවකට වට 3000ක වේගයෙන් කරකැවෙන විශාල ජව රෝදයක් රැගෙන යනු ලැබේ. මෙම ජව රෝදය බස් රථයේ මැද චසියට සවිකර ඇත. එය ටොන් 3ක් පමණ බර, විෂ්කම්භය මීටර් 1.5ක් පමණ වේ. මෙය කරකැවීමේදී ශක්තිය නාස්ති වීම වැලැක්වීම සඳහා වායුගෝල පීඩන .7ක් පමණ අඩු පීඩනයකට යටත්ව, වායු රෝධක කුටියක් තුල අන්තර්ගත කර ඇත. මෙම කුටිය හයිඩ්‍රජන් වායුවෙන් පුරවා ඇත.

මෙම ජව රෝදය කරකැවෙන විට එමගින් බස් රථය තුල ඇති ජෙනරේටරයක් මඟින් විදුලිය නිපදවනු ලැබේ. එම විදුලිය උපයෝගී කරගෙන බස් රථය ධාවනය කරනු ලැබේ. ඉතින්, මෙසේ විදුලිය නිපදවන අතරතුර ජව රෝදයේ ශක්තිය අඩු වන විට එහි කරකැවිල්ලද ක්‍රමයෙන් අඩුවේ.

ඒ නිසා වරින් වර මෙය එහි උපරිම අගය දක්වා කරකැවිය යුතුය. එය සිදු කරන්නේ මාර්ගයේ බස් නවතුම්පොළවල සවි කර ඇති චාජින් පොයින්ට්ස් හරහාය. මේවා මගින් බස් රථයේ වහළයට ඉහළින් තෙකලා විදුලිය ලබා දෙන අතර ජව රෝදය නැවතත් එහි උපරිම අගය දක්වා විදුලිය මගින් කරකවනු ලැබේ.

වේගය අඩු වුණු ජව රෝදයක් එහි  උපරිම අගයකට කරකැවීමට මෙම නැවතුම් පොළවලදී තත්පර 30 ක සිට විනාඩි 3ක් පමණ කාලයක් ගතවේ. වේගයෙන් ආරෝපණය කිරීම සඳහා වෝල්ට් 500ක් වැනි ඉහල අගයක විදුලියක් භාවිතා කළ බව දැක්වේ.

 

වරක් ආරෝපණය කිරීමෙන් බස් රථයට කිලෝ මීටර් 6-10ක් පමණ ප්‍රමාණයක් ධාවනය කර හැකි විය.  සාමාන්‍ය ධාවන තත්වයේදී සම්පුර්ණ අරෝපනයක සිට නැවත ආරෝපණය කරන තත්වය වන විට  බස් රථයේ ජව රෝදයේ වේගය විනාඩියකට වට 3000 සිට 2100 දක්වා අඩු විය.  ට්‍රැෆික් වැඩි අවස්ථාවන්හිදී මෙය 1500 දක්වා අඩුවන අවස්ථාද තිබේ. එවැනි විටෙක නැවත ආරෝපණය සඳහා වැඩි කාලයක් ගත වන බව ද කියවේ.

එමෙන්ම වර්තමාන හයිබ්‍රිඩ් මෝටර් රථ වල භාවිතා වන regenerative break මෙම බස් රථවලද භාවිතා වී තිබේ. බ්රේක් කිරීමේදී වැයවන ශක්තිය නැවතත් ජව රෝදයට යවා එය ආරෝපණය කර ඇත. බ්රේක් වලින් ලැබෙන ශක්තියෙන් පමණක්ම මෙය වැඩිපුර කිලෝ මීටර් 4ක් පමණ ධාවනය කිරීමට හැකි වූ බව පැවසේ.

එමෙන්ම වේගයෙන් කරකැවෙන ජව රෝදයේ ගම්‍යතාවය හේතුවෙන් මෙම බස් රථයේ පාලනය සහ හැරවීම සහ ස්ථායිතාවය ද  ඉතා සිත්ගන්නා සුළු වූ බවද පැවසේ.

ඉතා සීමිත ප්‍රමාණවලින් ස්විත්ළර්ලංථයෙ සහ වෙනත් යුරෝපීය රටවල මෙය භාවිත වී ඇති අතර ඩිසල් සහ පෙට්‍රල් ඉතා ලාබෙට ගත හැකි වීමත්, කාර්මික දෝෂ රැසක් තිබීමත් වැනි හේතු නිසා මේවා ක්‍රමයෙන් ධාවනයෙන් ඉවත් වී ඇත. මේ වනවිට ලොව ඉතුරුව ඇති එකම එක ගයිරෝ බස් රථය බෙල්ජියමේ අන්ටිවාර්ප් නගරයේ ෆ්ලෙමිෂ් දුම්රිය කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

 

 

Facebook Comments

About Admin