Breaking News
Home / Batteries / බැටරියක් ගලවන සහ නැවත සවි කරන නිවැරදි ආකාරය
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

බැටරියක් ගලවන සහ නැවත සවි කරන නිවැරදි ආකාරය

මෝටර් රථ බැටරියක් යනු නැවත ආරෝපණය කළ හැකි, විශාල විදුලි ධාරිතාවයක් දරා ගෙන සිටින වාහනයක තිබෙන අත්‍යවශ්‍යම අංගයකි. විවිධ හේතුන් මත අපට මේ බැටරිය ගලවා ඉවත් කිරීමටත් නැවත සවි කිරීමටත් සිදු වේ. නමුත් එය සිදු කල යුතු නිශ්චිත ක්‍රමයක් තිබේ. එසේ නොකළහොත්, ස්පාර්ක් වීම, බැටරි පිපිරීම ආදී විවිධ භයානක තත්වයන් රැසක් ක්ෂණිකව උද්ගත විය හැකියි.

බැටරිය විශාල විදුලි ධාරිතාවයක් දරා සිටිනවා සේම විවිධ වූ ආම්ලික භයානක දේවල් රැසක් බැටරිය තුළ අන්තර්ගත වේ. එනිසා බැටරිය ගැලවීමට මත්තෙන් පහත සඳහන් ආරක්‍ෂිත ක්‍රමෝපායන් වලින් සූදානම් විය යුතුයි. එනම්,

  1. යතුරෙන් විදුලි පද්ධතිය ක්‍රියා විරහිත කර තැබීම.
  2. ගොගල්ස්(goggles) වලින් ඇස් ආරක්‍ෂිත උපාංග පැළඳ සිටීම.
  3. අත් ෂර්ට් එකක් සහ දිග කලිසමකින් සැරසීම.

removing a battery and installing a battery

බැටරියක් ගැලවීම

ප්‍රථමයෙන් ඔබ විසින් බැටරියේ ඍණ අග්‍රය සොයා ගත යුතුය. සාමාන්‍යයෙන් එය කළු පාට කේබල් එකට සම්බන්ධ කර ඇති අග්‍රයයි. එමෙන්ම කුඩා (-) සලකුණක් මඟින් එය බැටරිය මත දක්වා තිබේ.

දැන්  බැටරි අග්‍රයේ ඇති බෝල්ට් ඇණයට සරිලන (බොහෝ විට 10 හෝ 11 වූ) යතුරක් ගෙන ඍණ අග්‍රයට සම්බන්ධ කේබල් එක ප්‍රථමයෙන් ගලවා ගන්න. තරමක් බුරුල් කර අග්‍රය දෙපසට කරකවකින් ඉහලට එසවීමෙන් ඔබට මෙය පහසුවෙන් ගලවා ගත හැකිය. නමුත් කිසි විටෙකත් බැටරි අග්‍රයට තද දෙයකින් තට්ටු කිරීම නොකළ යුතුය.

මීළඟට ධන අග්‍රය  ද මේ ආකාරයෙන්ම ගලවා ගන්න. එය ගලවා ඉවත් කිරීමෙන් පසුව වාහනයේ කිසිම ලෝහ කොටසක එය ගෑවීමට ඉඩ නොතබන්න. මන්ද යත් බැටරියෙන් ගැලෙවුවත්, විදුලි පද්ධතියේ යම් විද්‍යුත් ධාරාවක් ඉතිරි වී තිබේ. ධන අග්‍රය වාහනයේ ලෝහ කොටසක ගෑවුනොත් එහි විදුලි පරිපථයක් සම්පුර්ණ වී වාහනයේ අනෙකුත් සර්කිට් වලට හානි විය හැකිය.

දැන් ඔබට වාහනයේ අවශ්‍ය නඩත්තු කටයුතු සිදු කර ගත හැකිය. ඔබ අලුත් බැටරියක් වාහනයට දමන්නේ නම් එය ද පහත  සඳහන් පියවර අනුගමනය කිරීමෙන්  සිදු කරගත හැකිය.

අලුත් බැටරියක් සවි කිරීම 

  • බැටරි කේබල් ගලවා ගැනීමෙන් පසුව, බැටරියට සම්බන්ධ බ්‍රකට් එකේ ඇණ බුරුල් කර ගන්න. ඉන්පසු බ්‍රකට් එක ඉවත් කර බැටරිය එහි හැන්ඩ්ල් වලින් අල්ලා කෙලින්ම ඉහලට ඔසවන්න. සාමාන්‍යයෙන් බැටරියක් කිලෝ 15ක් පමණ බර වේ. එබැවින් මෙහි දී තවත් කෙනෙකුගේ උදවු උපකාර ලබාගන්න.
  • දැන් අලුත් බැටරිය සවි කිරීමට පෙර, බැටරි කේබල් වල අග්‍ර දත් බුරුසුවක් සහ ජලයෙන් තෙත් කල බේකින් සෝඩා මිශ්‍රණයකින් පිසදා පිරිසිදු කරගන්න. මෙවිට අග්‍ර වල බැඳී ඇති අපද්‍රව්‍ය සහ මලකඩ ඉවත් ව යනු ඇත.
  • මීළඟට අලුත් බැටරිය නිසි ලෙස අග්‍ර මාරු නොවන සේ ට්‍රේ එකෙන් තබා බ්‍රකට් එක නැවත සවි කරගන්න.
  • දැන් ප්‍රථමයෙන්ම ධන අග්‍රයත්, දෙවනුව  ඍන අග්‍රයත් (ගලවන විටදී ර්හින අග්‍රය ප්‍රථමයෙන්වි) සවි කරගන්න. අග්‍ර නොසෙල්වී තිබීමට යතුරු වලින් තද කරගන්න.
  • දැන් බොනට් එක වසා හෝන් එක නාද කර බැටරිය නිසි ලෙස සවි වී තිබේදැයි සැක හැර දැනගන්න.

ඍණ අග්‍රය මුලින් ගලවන්නේ ඇයි?

මෝටර් රථයේ බඳට බැටරියේ ඍණ අග්‍රය ඍජුවම සම්බන්ධ කර ඇත. ඍණ අග්‍රයට වාහනය සම්බන්ධ කර තිබියදී ධන අග්‍රය ගලවන්න උත්සාහ කරන්නේ යයි සිතන්න. එය ගැලවීමේදී යතුර ධන අග්‍රයටත්  සම්බන්ධ වී ඇති විටෙක යම් ලෝහ කොටසක ද ගෑවුනේ යයි සිතන්න. එවිට ධන ඍණ පරිපථය සම්පුර්ණ වී එතැන ස්පාර්ක් වීමට ඉඩ තිබේ. නමුත් ඍණ අග්‍රයෙන් මෝටර් රථය විසන්ධි කර ඇති විටෙක, යතුර ධන අග්‍රයේ ද වාහනයේ වෙනත් ලෝහ කොටසක්ද එකවර ගෑවුනත්, එතැන පරිපථයක් සම්පුර්ණ නොවීම නිසා ස්පාර්ක් වීමක් සිදු නොවේ.

Facebook Comments

About Admin

Check Also

battery maintenance

බැටරි නඩත්තුව නිසි ලෙස කිරීමට උපදෙස්

කාර් බැටරිය කියන්නේ වාහනේක තියෙන නැතුවම බැරි අංගයක්. වාහනය පන ගන්වන්න, පිස්ටන ක්‍රියාවේදී අවශ්‍ය දහනය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *