Breaking News
Home / General Knowledge / යතුර කැරකෙන්නේ නැත්තේ ඇයි?
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

යතුර කැරකෙන්නේ නැත්තේ ඇයි?

සමහරක් වෙලාවට යතුර මුළු ඇගේම වීරිය අරන් කැරකුවත් කැරකෙන්නේ නෑ. හරියට නිකන් හෙන ගැහුවා වගේ එහෙම්මම තිබෙනවා. සමහර වෙලාවට බයයි යතුර කැඩිලා අතට එයි කියල. ඒ තරම් තදයි. අපි හැමෝටම මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න සිදු නොවුනට මන් වගේ තව ගොඩක් අය ඉන්න පුළුවන් මෙහෙම වෙලා තියෙන. ඔන්න ඔය නිසයි අද අපි මේ වෙලාවට මොකද කරන්නේ කියල කියන්න යන්නේ. 

මේකයි  කතාව. දැන් වාහනේ ස්ටාර්ට් කරන්න කියල හිතල යතුර දාල කරකවන්න හදනවා. එත් යතුර කරකවෙන්නේ නෑ. යතුර හරියට දාලත් කියල හොඳටම ෂුවර්. ඒත් කරකැවෙන්නේ නෑ.  ඇත්තටම මොකද මෙහෙම වෙන්නේ?

ඔයාල දන්නවා ඇති වාහනවල තියෙනව ස්ටියරින් වීල් ලොක් එකක්. ඒ කියන්නේ යතුර එලියට අරන්  ස්ටියරින් වීල් එක කරකවුවම ඒක ලොක් වෙනවා පොඩි ක්ලික් සද්දෙකුත් එක්ක. මේක වෙන්නේ යතුර ගත්තහම එතනට ලොක් එකක් ඇවිත් සෙට් වෙන නිසා. ආපහු යතුර දැම්මහම ලොක් එක එතනින් ඉවත් වෙලා ස්ටියරින් ලොක් එක ඉවත් වෙනවා.

සමහරක් වෙලාවට ස්ටියරින් වීල් එක පොඩ්ඩක් විතර කරකැවිල අර යතුරු හිලට මුලින් වැටෙනවයි කියපු ලොක් එක තද වෙලා තියෙනවා. එතකොට යතුර දැම්මට ලොක් එක එතනින් ඉවත් වෙන්නේ නෑ. ඔය වෙලාවට යතුර කරකවන්නත් බැරි වෙනවා. ඔන්න ඕක තමයි අපි මේ කතා කරන ගැටලුව.

ඉතින් දැන් මේකට මොකද කරන්නේ?

විසඳුම හරිම ලේසියි. ස්ටියරින් වීල් එක වමට හෝ දකුණට පොඩ්ඩක් ආපහු කරකවලා තියා ගන්න ගමන් යතුර හරි පැත්තට කරකවන්න බලන්න. එතකොට ඔන්න යතුර පුරුදු විදියට කරකැවෙන්න බලයි. දැන් ස්ටියරින් වීල් එක අතාරින්න. එතකොට සුපුරුදු පරිදි වාහනේ ස්ටාර්ට්ඔ වෙන්න බලයි. ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.

මේක වෙන්නේ මොකද කියන එක මටත් ඉස්සර තිබුණු ලොකු ප්‍රශ්නයක්. මන් හිතාගෙන හිටියේ මගේ වාහනේ තිබුණු අවුලක් නිසා මෙහෙම වෙනවා ඇති කියල. එත් පස්සේ තමයි ඇත්ත තේරුනේ.

ඇත්තටම මේක වැදගත් වන්නේ සාමාන්‍ය විදියට යතුර කරකවල වාහනේ ස්ටාර්ට් කරන යට. බට්න් එකක් ඔබල වැඩේ කරගන්න අයට මේක කොහෙත්ම අදාල වෙන්නේ නෑ. ඒ අයටත් එහෙම උනොත් නම් අනිවාර්යෙන්ම මිකැනික් කෙනෙක්ට කතා කරන්න ඕනේ. මොකද ඒවායේ එහෙම වෙන්නේ වෙන ප්‍රශ්නෙකට මිසක් මේ උඩ කියපු දේ නිසා නම් නෙමෙයි.

Facebook Comments

About Admin

Check Also

how to change radiator coolant

රේඩියෙටර් සිසිලනකාරකය ගෙදරදීම මාරු කරමු.

වාහනයක එන්ජිම ඕනවට වඩා රත් වෙන්න නොදී හරි උෂ්ණත්වයේ පවත්වාගෙන යන්න දායක වන ප්‍රධානම උපාංගය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *