Breaking News
Home / Fuel / බොහෝදෙනා පටලවා ගන්න ඔක්ටේන් අංකය
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

බොහෝදෙනා පටලවා ගන්න ඔක්ටේන් අංකය

මොකක් ද මේ ඔක්ටේන් අංකය? සමහරු තම තමන්ගේ වාහනවලට හයි ඔක්ටේන් පෙට්‍රල් ගහනවා කියන්නේ හරි උජාරුවට. හයි ඔක්ටේන් පෙට්‍රල් සාමාන්‍ය ඒවාට වඩා ගණන්. ගොඩක් අයගේ දුර්මතයක් තිබෙනවා හයි ඔක්ටේන් පෙට්‍රල් ගැහුවම වාහනේ හොඳට තෙල් වැඩ කරනවා සහ ලොකු බලයක් එනව කියල. ඒක ඇත්තටම වැරදි මතයක් කියල මේක කියවනකොට ඔයාටම තේරේවි. 

ඔය ඉලෙක්ට්‍රික් වාහන හැරුනම මේ රටේ තියෙන වාහන අති බහුතරයකම තියෙන්නේ පිස්ටන් ක්‍රියාකාරීත්වයෙන් වැඩ කරන එන්ජිමක්. මේ එන්ජිමේ පිස්ටන් එක පහර 4කට තමයි වැඩ කරන්නේ. ඔයින් එක පහරක් කියල කියුවේ පිස්ටන් එක, එක පාරක් උඩට හෝ ආපහු යටට යන එකට. ඕකෙන් එක පහරකදී  පිස්ටන් එක මඟින් පෙට්‍රල් සහ සාමාන්‍ය වාතය මිශ්‍රණය තදින් සම්පිණ්ඩනයකට ලක් කරවනවා. උපරිමේටම සම්පිණ්ඩනය උනාම ස්පාර්ක් ප්ලග් එක පත්තු වෙලා ඔතනට ගිනි පුපුරක් දානවා. ඔන්න එතකොටම හොඳටම තෙරපෙලා තෙරපෙලා තියෙන පෙට්‍රල් වාතය මිශ්‍රණය එක පාරට ගිනි අරන් පුපුරලා ඒ බලේට පිස්ටන් එක ආපහු පහලට යනවා. ස්පාර්ක් ප්ලග් එක පත්තු වෙනකම්ම ඔය කියන පෙට්‍රල් ටික ගිනි ගන්නේ නැතුව හොඳට තිබෙන්න ඕනේ. හදිස්සියේ සම්පිණ්ඩනයට ලක් කරන අතරමගදී එහෙම ගිනි ගන්න බෑ. එහෙම උනොත් තමයි එන්ජිම නොක් වෙනවා කියන්නේ. එතකොට අවශ්‍ය බලය සහ කාර්යක්ෂමතාවය ලැබෙන්නේ නැහැ.

සාමාන්‍ය වාහනවල නම් පෙට්‍රල් වාතය මිශ්‍රනය 8:1 අනුපාතෙට සම්පිණ්ඩනය වුනාම තමයි ස්පාර්ක් ප්ලග් එක පත්තු වෙන්නේ. තාක්ෂණයේ දියුණුවත් සමග මිනිස්සු සොයා ගත්ත පිස්ටන් වල විස්ථාපනය වැඩි නොකර වැඩි අශ්ව බල ප්‍රමාණයක් නිපදවන්නේ කොහොමද කියල. ඒ තමයි පෙට්‍රල් වාතය මිශ්‍රණය තව තව සම්පිණ්ඩනය කරන එක. ඒ නිසා එත් වැඩි බලයක් නිපදවන ලොකු තද එන්ජින් වල 8 :1 ට වඩා වැඩි සම්පිණ්ඩනයක් ඇති කරනවා.

ඒවාට සාමාන්‍ය පෙට්‍රල් ගැහුවොත්, එකේ සම්පිණ්ඩනය සම්පුර්ණ වෙන්න කලින්ම පෙට්‍රල් ටික ගිනි අරන් එන්ජිම නොක් වෙන්න ගන්නවා. එතකොට වැඩක් වෙන්නේ නැහැනේ.. ඒ නිසා ඕවට ඔක්ටේන් වැඩි පෙට්‍රල් දානව. ඔක්ටේන් වැඩි පෙට්‍රල් ගොඩාක් ලොකු සම්පින්දනයකට ලක් කරනකම් ගිනි ගන්නේ නැහැ. 

බැරි වෙලාවකින් හරි සාමාන්‍ය එන්ජිමකට හයි ඔක්ටේන් ගැහුවොත් ඒවා ගිනි ගන්න වෙලා යනවා. මොකද ඒවා ගිනි ගන්න නම් විශාල පීඩනයකට ලක් කරන්න ඕනේ නිසා. ඒ නිසා සමහර අය බලාපොරොත්තු වෙන කාර්යක්ෂමතව්‍ය හෝ තෙල් වැඩ කිරිල්ල බොරුවක් කියල ඔප්පු වෙනවා.

ඔක්ටේන් වල ක්‍රියාව..

ඔක්ටේන් කියල කියන්නේ හයිඩ්රොකාබන් දාමයක්.. ඒ කියන්නේ කාබන් පරමාණු 8කින් හැදිලා තියෙන දාමයක්. ඔය වගේම තමයි කාබන් පරමාණු 4ක් සහිත දාම බියුටේන් ද, කාබන් 5 පෙන්ටේන් ද, කාබන් 6 හෙක්සේන් ලෙසද වගේ හඳුන්වනවා. පොලොව යටින් ගන්න ඔය තෙල් හැදිලා තියෙන්නේ මේ කියුව විවිධාකාරයේ හයිඩ්රොකාබන් දාම රැසකින්. තෙල් පිරිපහදු කරන තැන් වලදී ඔය දාම එකිනෙකට වෙන් කරලා අපට අවශ්‍ය තෙල් ජාති හදා ගන්නවා.

අපි සාමාන්‍යයෙන් භාවිතා කරන ඉන්ධන වල ඔක්ටේන් කියන හයිඩ්රොකාබන් 87%ක් ද, හෙප්ටේන් 13% ක් ද තිබෙනවා. ඔය කියන ඔක්ටේන් වැඩි වුනාම ඉන්ධන දහනය කරන්න ගොඩක් තෙරපන්න ඕනේ. ඒ නිසා අවශ්‍ය ගානට ඔක්ටේන් වැඩි කරලා ලොකු බලගතු එන්ජින් වලට අවශ්‍ය ඉන්ධන හදා ගන්න පුළුවන්. 

මේකට තව ඊයම් (ලෙඩ්) දැම්මමහමත් සම්පිණ්ඩන හැකියාව වැඩි කරගන්න පුළුවන්. නමුත් ඊයම් වලින් සිදු වෙන පරිසර විනාසයත්, එන්ජීමේ අනෙකුත් කොටස් වලට හොඳ නැති වීමත් යන කරුණු හේතු කොට ගෙන ඊයම් සාමාන්‍ය වාහනවලට යොදාගන්නේ නැහැ. නමුත් ගුවන් යාන වගේ දේවල් වලට නම් ඊයම් යොදාගන්නවා.

ඔන්න ඕක තමයි ගොඩක් දෙනා නොදන්නා ඔක්ටේන් වල කතාව. ඔයත් මෙච්චර දවසක් හයි ඔක්ටේන් පෙට්‍රල් ගැහුවනම්, අයෙත් පාරක් කාර් එකේ මැනුවල් එක බලල හරියටම දැන ගන්න වාහනයට දාන්න ඕනේ හයි ඔක්ටේන් ද සාමාන්‍ය ඔක්ටේන් ද කියල..

Facebook Comments

About Admin

Check Also

පෙට්‍රල් ඩීසල් මාරු කරලා ගැහුවොත් මොකද වෙන්නේ?

පෙට්‍රල් එන්ජිමකට ඩීසල් දැම්මොත්? හදිසියට හා නොදැනුවත්කම නිසා බොහෝ දෙනෙකු අතින් වැරදි සිදුවේ. ඩීසල් පෙට්‍රල් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *