Breaking News
Home / New Vehicles / Lamborghini Veneno Roadster – Full Review in Sinhala
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

Lamborghini Veneno Roadster – Full Review in Sinhala

ලෝක ප්‍රකට ඉතාලියානු වාහන නිෂ්පාදක ලැම්බෝගිනි සමාගමේ අඩ සියවසක මතකය සමරනු වස් බිහිකළ සුපිරි මෝටර් රථය නම් වූයේ  වූයේ ලැම්බෝගිනි වෙනෙනෝ ලෙසිනි. ලැම්බෝගිනි මෝටර් රථ නිතරගයෙන්ම සුපිරි    වුවත් මෙය එම කිසිදු ලැම්බෝගිනි රථයකට දෙවැනි නොවේ. එය සුවිශේෂී රථයකි. මෙය ප්‍රථමයෙන්ම මහජනයාගේ ප්‍රදර්ශනයට විවෘත වූයේ කවදත් වගේ ජිනීවා නුවරදීය. ඒ 2013 වර්ෂයේ දීය. වෙළඳපොළට දාන්නත් කලින් සියල්ල විකුණලා අවසන් උනත්, ඒවා හැදුවේ අතේ ඇඟිලි ගන්නටත් අඩුවෙනි.හරියටම කාර් 3යි මේ වර්ගයෙන්ම හැදුනේ. එකක මිල උනේ ඩොලර් මිලියන 3.9 කි.

නමුත් එන්න එන්නම තව තව හදන්න කියල මහජනයා කෑකෝ ගසන්න වූ බැවින් යාන්තම් තව ඒ ජාතියෙන්ම 9ක් හදල ඩොලර් මිලියන 3.3 කට අඩු කරලා විකුනනන් ලැම්බෝගිනි සමාගම කටයුතු කළා. ඒ ජාතියෙන්ම කියුවට ඒ ජාතියේම නොවේ! පස්සේ හදපු ඒවා හැඳින්වූයේ “වෙනෙනෝ රෝඩ් ස්ටාර්” කියල.. ඒවා වහලක් කියල නාමයක් නැති කාර් එකක්. සියල්ලම පිටතට විවෘතයි. අඩුම ගානේ අකුලන්න පුළුවන් වහලක්, වීදුරුවක්  හෝ, රෙද්දෙන් හදපු රැග් ටොප් එකක්වත් නෑ. වැස්සකට වාහනේ නවත්වල අහල තියෙන කඩේකට ගොඩ වෙනවා ඇරෙන්න මේ කාර් එකෙන් කිසිම සෙවනක් බලාපොරොත්තු වෙන්න බැහ. නමුත් පැයට කිලෝමීටර් 355ක උපරිම වේගෙන් යද්දී හමන සුළඟත්, එන්ජිමේ ගොරහැඩියාවත්  සියල්ල කැටි වී අලුත්ම තාලේ මිහිරක් ලැබෙන එක නම් ෂුවර් කියලයි සමාගම කියන්නේ.

පෙරලුනොත් ඉවරයි නේද කියල කාටවත් අංශු මාත්‍රයක බයක් සැකක් තියාගන්න ඕනේ නැහැ. මොකද පෙරලීමකදී උපරිම ආරක්ෂාවක් තහවුරු කරන, roll-over barදෙකකින් මෙය සමන්විතයි.

වායුගතික විද්‍යාවේ මෙතෙක් සොයාගෙන ඇති සියලුම සිද්ධාන්ත භාවිතා කරල වායු රෝධකතාව අවම කිරීමටත්, වාහනය හොඳින් පොළොවට බඳලා තියාගන්නත් හැකි වෙන ලෙසටයි වෙනෙනෝ එක සම්පූර්ණයෙන්ම නිර්මාණය කර තිබෙන්නේ.

ඇලෝයි වීල් පවා නිර්මාණය කරලා තියෙන්නේ වායුරෝධකතාවය අවම වන ආකාරයට. රීම් එක වටේ තියෙන කාබන් ෆයිබර් වළල්ල ටර්බයින් එකක් විදියට වැඩ කරලා ඩිස්ක් බ්රේක් සිසිල් කරනවා.

එමෙන්ම මේ රථය වෙනුවෙන්ම “රෝස්සෝ වෙනෙනෝ”නමින් රතු පාට විශේෂිත තීන්ත වර්ගයක්ද සමාගම නිර්මාණය කරලා තියෙනවා. එහෙත් පාරිභෝගිකයාට ඕනෑම වර්ණයකින් සහ විශේෂාංගයකින්  රථය සරසලා දෙන්නත් සමාගම කටයුතු කරනවා.

Cfrp (Carbon fiber reinforced polymer) නම් බහුඅවයවික යොදාගෙන අඩුබර සැකිලි නිර්මාණයේ ලම්බෝර්ගිනි වල නිපුණත්වය කියාපාන තවත් හොඳ සාක්ෂියක් තමා වෙනෙනෝ කියන්නේ. ඒ සඳහා  වෙනෙනෝ වල අධි ශක්තිමත් අභ්‍යන්තර සැකිල්ල කාබන් ෆයිබර් වලින් සවි ගැන්වුණු එකක්. එමෙන්ම සෑම පිටත කොටසක්ම ද cfrp වලින් නිර්මිතයි. ඔය කාබන් වලින් හැදුවට මේකේ ආරක්ෂාව ගැන අබ මල් රේණුවක බියක් සැකක් තියාගන්න ඕනේ නෑ. ඒ තරමටම ලොව මොන රටක උනත් තියෙන්න ඕන ආරක්‍ෂිත සම්මුති වලින් මෙය අනූනයි. එයාර් බෑග් වල ඉඳන් ඉලෙක්ට්‍රොනික ස්ටැබිලිටි කොන්ට්‍රෝල් හිටං මේකේ තියෙනවා.

ඇතුළත් බලන් ගියාම මදි නොකියන්න කාබන්ම තමයි. කාබන් ෆයිබර් සැකිල්ල ඇතුළෙන් බැලුවාම ඔය ජනෙල් ගාවින් එහෙම පේන්න තියෙනවලු. වෙනෙනෝ එකේ තියෙන්නේ බකට් සීට්. ඒ බකට් සීට් විශේෂිත පේටන්ට් බලපත්‍රයකුත් හිමි විශේෂිත සංයෝගයකින් හදලා තියෙන්නේ. එමෙන්ම මුළු රියදුරු කුටියමත් කාබන් ස්කින් කියල හඳුන්වන දේකින් සරසල තියෙනවා..

මේ කාබන් ෆයිබර් වල රස තේරෙන්නේ කාර් එකේ බර බැලුවම තමයි. කිලෝ 1490යි මුලු කාර් එකම. බලයට බර අනුපාතේ ගත්තොත් අශ්ව බල එකකට කිලෝ 1.99 ක් තමයි වෙන්නේ. ඒ කියන්නේ ඉතාම ඉහල ක්‍රියාකාරිත්වයක්.  වෙනෙනෝ එකට පැයට කිලෝ මීටර් 100 ට යන්න ගත වෙන්නේ තත්පර 2.9 යි. එහි උපරිම වේගය පැයට කිලෝ මීටර් 355 යි.

බලන්  ඉන්නවුන් විශ්මයෙන් කුල්මත් කරන්න පුළුවන් මේ අධිබල වෙනේනෝ එකේ තියෙන්නේ ඉස්සර ආපු ඇවවෙන්ටාඩර් එකේ එන්ජිමමයි. එය 6500cc  ධාරිතාවක් සහිත  V12 එන්ජිමක්. එත් අශ්ව බල ප්‍රමාණය 750 දක්වා වැඩි කරලා තියෙනවා. ගියර් පද්ධතිය ගත්තොත්මෙය එය සෑම රෝදයකටම බලය ලබා දෙන ISR වර්ගයේ එකක්. ඉතා අධික වේගයෙන් ගියර් මාරු කිරීමට මෙම ගියර් පද්ධතියට පුළුවන්.

මේ කොයි කොයි විශ්මය ජනක හැකියාන්ගෙන් අනූන උනත් වනේනෝ වල එක අඩුපාඩුවක් තියෙනවා.. ඒ තමයි මේ ජාතියෙන් මුළු ලෝකෙටම 9යි තියෙන්නේ. මෙයින් එකක් ගන්න බල පුළුවන්කාර ඇත්තෝ දහස් ගානක් ලෝකේ වටේ බලන් සිටියත් ඒ වාසනාව හිමි උනේ අතලොස්සකට විතරමයි…

Facebook Comments

About Admin

Check Also

Pagani Huayra Roadster 2018 Review සිංහලෙන්

https://www.topspeed.com/cars/pagani/2018-pagani-huayra-roadster-ar104468.html ලංකාව බෞද්ධ රටක් උනාට මොකද හරි හරියට දෙවියෝ ඇදහීම සිදු කෙරෙනවා. සියවස් ගණනාවකට පෙර …