Breaking News
Home / Fuel / ඊයම් අඩංගු ඉන්ධන ගැන දැනගනිමු
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

ඊයම් අඩංගු ඉන්ධන ගැන දැනගනිමු

අපි පෙට්‍රල් හරි ඩිසල් හරි ගහගන්න ෂෙඩ් එකට ගියාම අපිට විවිධාරකයේ නම් වලින් පවතින ඉන්ධන වර්ග මිලට ගන්න පුළුවන්. ඒ නම්  වර්ග බොහොමයක් අපට තේරුම් ගන්න පුළුවන් උනාට තවත් ජාතියක් තියෙනවා “ඊයම් රහිත” කියල. එතකොට ඊයම් අඩංගු ඉන්ධනත් තියෙනවද? ඔව්, අද අපි කතා කරන්නේ ඒ ඊයම් සහිත ඉන්ධන ගැනයි.

 

අධික බලයක්  ඇති කරන එන්ජින් එනතුරු සාමාන්‍ය එන්ජින් සඳහා පෙට්‍රල් ලෙස භාවිතා උනේ නිකම්ම නිකම් පෙට්‍රල් ය. නමුත් එන්ජින් වලින් අධික බලයක් ඇති කරවීම සඳහා අධි සම්පීඩනයක් සිලින්ඩර් තුල ඇති කරන්නට පටන් ගත් දා පටන්ම මේ පෙට්‍රල් දාපු එන්ජින් නොක් වෙන්නටත්, ඒ නොක් වීම නිසා ඒවාට විව්ධාකරයේ හානි සිදුවෙන්නටත් පටන් ගැනුනි. ඊට හේතුව වූයේ, පෙට්‍රල් වාත මිශ්‍රණය අධිකව පීඩනයකට ලක් කරද්දී, එය නියමිත වෙලාවට පෙරම දහනය වී අවසන් වූ බැවිනි. මේ නිසා එන්ජින් වලින් බලාපොරොත්තු වූ බලය ලබා ගැනීමට නොහැකි වූ අතර ඒවායේ පිටාර වෑල්ව වලටත් තදබල හානි සිදු විය. මේ නිසා එකල තිබූ ඉන්ධන සමාගම් විසඳුම් සොයද්දී, 1921 දී කෙටරින් නම් වූ රසායන විද්‍යා විද්‍යාඥයා පෙට්‍රල් වලට ඊයම් එකතු කිරීමෙන් ඒ ගැටලුව මග හරවා ගැනීමට හැකි බව සොයා ගත්තේය. එදා පටන් අධි බල මෝටර් රථ එන්ජින් සඳහා ඊයම් කලවම් කරන ලද ඉන්ධන යොදා ගැනුනි.

ඊයම් එකතු කිරීමෙන්, පෙට්‍රල් වලට දැඩි පීඩනවලට ඔරොත්තු දීමට හැකි උනි. ඒවා අධිකව සම්පීඩනයට ලක් කලද, නියමිත් වෙලාවට පෙර අනවශ්‍ය ලෙස දහනය නොවුනි. ඒ නිසා ඊයම් යෙදු පෙට්‍රල් එකල ඉතා ජනප්‍රිය විය.

නමුත් කාලයත් එක්ක ලෝකයේ විවිධ රාජ්‍යන් වලින් ඊයම් සඳහා විවිධ තහංචි පැන වුණි. ඒ ඊයම් අධික විෂ සහිත ද්‍රව්‍යක් වු බැවිනි. බරපතල පරිසර දුෂකයක් වූ ඊයම් නිසා, මෝටර් රථ බහුල නගරාසන්නයේ ජිවත් වුවන්නන් වැඩි වැඩියෙන් රෝගී වන්නට විය. පසුව ඔවුන්ගේ ලේ වල ඊයම් ප්‍රතිශතය ඉතා අධික බව සොයා ගැනුනි. මේ හේතුව නිසා ඊයම් භාවිතය සඳහා ආදේශකාරක භාවිතයටත්, ඊයම් ක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් කිරීමටත් නීති සකස් කෙරුණි. 

එමෙන්ම වෙනත් පරිසර ආරක්ෂණ නීති හමුවේ මෝටර් රථ වල දුමේ අඩංගු විෂ ද්‍රව්‍ය පාලනයට කැටලිටික් කන්වර්ටර්ස් යොදා ගැනුනි. නමුත් ඉන්ධන වල අඩංගු ඊයම් මේ කැටලිටික් කන්වර්ටර්ස් වලට දැඩි ලෙස හානි පැමිණවීය. මේ නිසා වාහන නිෂ්පාදකයින් පවා ඔවුන්ගේ මෝටර් රථ වලට ඊයම් රහිත ඉන්ධන යෙදීමට මිනිසුන් දිරිමත් කරවිය.

ඒ අනුව 1996 සිට සාමාන්‍ය මෝටර රථ සඳහා ඊයම් භාවිතය ලොව බොහෝ රටවල තහනම් කෙරුණි. නමුත් ඊයම් අඩංගු ඉන්ධන භාවිතය ලොව තවමත් සිදු වේ. ඒ සාමාන්‍ය මෝටර් රථ සඳහා නොවුනත්, ගුවන් යානා, ඕෆ් රෝඩ් වාහන, නැවු සහ බෝට්ටු ආදිය සඳහා ඊයම් සහිත ඉන්ධන භාවිතා වේ. 

එලෙස භාවිතය නිසා වාතයට මුදා හරින ඊයම් ප්‍රමාණය, මිට පෙර මෝටර් රථ වලින් මුදා හරි ප්‍රමාණයට සාපේක්ෂව ඉතා අඩුය. 

ඒ අනුව වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවා ඉන්ධන හල වල ඊයම් සහිත ඉන්ධන විකිණීම හෝ ඒවා සාමාන්‍ය වාහවල භාවිතා කිරීම තහනම් වේ. ඒ නිසා ඔබ කොතෙක් සෙවුවත්, ඊයම් රහිත ඉන්ධන මිස, ඊයම් අඩංගු ඉන්ධන ඔබට කිසි දිනක පහසුවෙන් සොයා ගැනීමට නොහැකි වනු ඇත.

Facebook Comments

About Admin

Check Also

සුපර්චාජර් ගැන දැන ගනිමු

  පෙට්‍රල් හෝ ඩිසල් හෝ මොන එන්ජිමක් වුවත් දුවන්නේ ඉන්ධන-වාතය මිශ්‍රණයක් දැවීම තුලින් නිදහස් වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *