Breaking News
Home / Fuel / සුපර්චාජර් ගැන දැන ගනිමු
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

සුපර්චාජර් ගැන දැන ගනිමු

 

පෙට්‍රල් හෝ ඩිසල් හෝ මොන එන්ජිමක් වුවත් දුවන්නේ ඉන්ධන-වාතය මිශ්‍රණයක් දැවීම තුලින් නිදහස් වන ශක්තිය උපයෝගී කරගෙනයි.  

සුපර්චාජරයක් කියන්නේ සරලවම බැලුවොත් එයාර් කොම්ප්‍රෙෂර් එකක්. මේකෙන් කරන්නේ එන්ජිමට වැඩි පිඩනයකින් සහ ඝනත්වයකින් යුතු වාතය ලබාදීමයි. පීඩනයත්, ඝනත්වයත් වැඩි වීමෙන්  ඒකක පරිමාවක් තුළ තිබෙන වායු අනු ගණන වැඩි වේ. එවිට වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් සිලින්ඩර තුළට සැපයෙන අතර ඒවා මගින් වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය කිරීමට හැකි වේ.

එත් ඉන්ධන විතරක් වැඩි කරානම් සුපර්චාජර නැතිව උනත් මේක කරන්න තිබුනනේ කියල ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් ඉන්ධන නිසියාකාරව දවෙන්න නම් ඉන්ධන කොටස් එකකට වාතය කොටස් 14ක් තිබිය යුතුයි. එසේ නම් ඉන්ධන කොතරම් වැඩි කරත් වාතය ප්‍රමාණවත් පරිදි නොතිබුනොත් දහනය නොවූ ඉන්ධන සිලින්ඩර්  තුළ එක්රැස් වෙන්න පුළුවන්. එහෙනම් වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය කරන්න නම් වාතය ද  වැඩි වැඩියෙන් ඕනා වේ. වාතය සීමාකාරී සාධකයකි. එයයි අප විසින් අමාරුවෙන් ලබා ගත යුත්තේ.

සුපර්චාජරයක් මගින් සාමානයෙන් එන්ජිමක අශ්ව බලය 46% කින්ද, ව්‍යවර්තය 31% කින්ද වැඩි කරනු ලබයි. වාතයේ ඝනත්වය අඩු කඳුකර ප්‍රදේශ වල එන්ජින් වල කාර්යක්ෂමතාවය සෑහෙන්න අඩු වන බැවින් එහිදී සුපර්චාජරය මගින් එන්ජින් වලට ඝනත්වය වැඩි වාතය ලබා දී ඒවායේ කාර්යක්ෂමතාවය වැඩි කරනු ලබයි.

ටර්බෝචාජරයකින් කරන්නේ ද මෙවැනි ක්‍රියාවක් වුවත්, සුපර්චාජරය ක්‍රියාත්මක වන්නේ ටර්බෝචාජර් මෙන්  පිටාර වායුව මගින් නොවේ. එය crankshaft එක මගින් කරකැවවේ. ඒ සඳහා බෙල්ට් එකක්, දම්වැලක් හෝ වෙනම දැති රෝද යොදා ගැනේ. 

 

වාතය සම්පීඩනය කිරීමට නම් සුපර්චජරයක් මිනිත්තුවකට වට 50,000ක් තරම් වන අධික වේගයකින් කරකැවිය යුතුයි. මෙසේ වාතය සම්පීඩනය වන විට රත් වීමට භාජනය වේ. රත් වූ වාතය ලබා දීමෙන් එන්ජිමේ කාර්යක්ෂමතාවය නැවතත් අඩුවේ. ඒ නිසා එසේ රත් වූ වාතය, සිලින්ඩර වලට ලබා දීමට ප්‍රථම සිසිල් කිරීමක් සිදු කල යුතුය. එය ඉන්ටර්කූලර් ඒකකය මගින් සිදු වේ. මෙයත් පයිප්ප ගණනාවක් සහිත රේඩියේටරයක් වැනි කොටසකි. සාමාන්‍යයෙන් සුපර්චාජරයක් සවි කිරීම පහසු වුවත් එහි වියදම ටර්බෝචාජරයකට වඩා වැඩි යයි කියනු ලැබේ.

Facebook Comments

About Admin

Check Also

පෙට්‍රල් ඩීසල් මාරු කරලා ගැහුවොත් මොකද වෙන්නේ?

පෙට්‍රල් එන්ජිමකට ඩීසල් දැම්මොත්? හදිසියට හා නොදැනුවත්කම නිසා බොහෝ දෙනෙකු අතින් වැරදි සිදුවේ. ඩීසල් පෙට්‍රල් …