Breaking News
Home / Reviews / Local Cars / Maruti 800 Review- සිංහලෙන්
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

Maruti 800 Review- සිංහලෙන්

ඉස්සර කාලේ විතරක් නෙමෙයි අද ඊයෙක මෙන්ම හෙට අනිද්දටත් ලයිෂන් ගන්න ඉන්න ලංකාවේ ගොඩක් අය ඩ්‍රයිවින් කරන්න අත්පොත් තබන්නේ මෙන්න මේ කාර් එකෙන් තමයි.

මටත් ලයිෂන් ගන්න දවසේ ට්‍රයල් පෙන්නන්න හම්බුනේ මේ කාර් එකක් තමයි.

අපිට මරුටිය මතක් වෙන්නේ ලයිෂන් ගන්න යන දවස් වලට විතරක් නෙමෙයි. ලක්ෂ ගානක් දීල ටිකක් පරණ ජපන් හරි එහෙම නැත්නම් පරණ ෆොක්ස්වැගන් එකක් හරි අරගෙන ස්පෙයාර් පාර්ට්ස් හොයන්න කඩ ගානේ රස්තියාදු වෙන කොට කාගේ කාගේත් ඔළුවලට එන්නේ මේක විකුණලා මරුටියක් වත් ගත්ත නම් කියන එකයි. මේක මගේ අදහසක් නෙමෙයි. මෙහෙම දෙයක් අපේ ඔලුවලට එනවා කියල ලැජ්ජාවකින් තොරව මුලින්ම සඳහන් කරලා තිබුනේ කාර් පිස්සුව කියන බ්ලොග් එකේ.

හදපු දවසේ ඉඳල අවුරුදු විසි ගානක් ගිහිල්ල හැදිල්ල නවත්තපු දා වෙනකන් එකම වගේ පෙනුමකින් ආපු කාර් එකක් විදියට මේ මරුටිය හඳුන්වන්න පුළුවන්.

එදා
අද

මරුටිය මුලින්ම හදන්න අරන් තියෙන්නේ 1983. ඒ දවස්වල ඉන්දියාවේ හදන වාහනවලට බදු සැහෙන්න අඩු කරපු නිසා මදි නොකියන්න මිනිස්සු පෝලින් වල හිට හිට මරුටි ගත්ත. Ambassador එක හැරුණු කොට දීර්ඝ කාලයක් ඉන්දියාවේ නිපදවෙච්ච කාර් එකක් තියෙනවනම් ඒකත් මේ මරුටියම තමයි.

මේ තියෙන්නේ ලෝකේ පළවෙනිම මරුටිය. අයිතිකාරයත් එක්ක ගත්ත ෆොටෝ එකක්.

 

ආගිය තොරතුරු පස්සට කතා කරන්න තියල අපි මේකේ එන්ජිමෙන් වැඩේ පටන් ගනිමු. කාර් එක පොඩියි වගේම එන්ජිමත් පෙනුමෙන් පොඩියි. මේකේ එන්නේ 800cc එන්ජිමක්. එකට අශ්ව බල 53ක් තමයි තියෙන්නේ.

 

මේ එන්ජිම අමුණලා තියෙන්නේ ගියර් 4 බොක්ස් එකකට. මේකේ යන්න පුළුවන් උපරිම වේගය කියල දාල තියෙන්නේ 140kmh, නමුත් ඒ වේගෙන් මේකේ යන එක ගැන දෙතුන් වරක්ම හිතල බලන්න ඕන දෙයක්. මේ තියෙන්නේ මීටර් බෝර්ඩ් එක. මට නම් පේන්නේ 3D ස්වරූපයකට හදලා තියෙන හැඩයි.

මේ තියෙන්නේ රෑට පේන හැටි.

 

මේක සාපේක්ෂව අඩු මිලටම ගන්න පුළුවන් වාහනයක්. දැන් මේ වාහනය brandnew ගන්න බැරි උනත් සෙකන්ඩ් හෑන්ඩ් වාහන නම් ඕන තරම් තියෙනවා. ගන්න මුදලට සරිලන්න උපරිම දේවල් මේකෙ තියෙනවා. ගොඩක් අය දැන් හොයන්නේ ඉංග්‍රීසි නොම්මර. ඉංග්‍රීසි නොම්මර සහිතව ලක්ෂ 10 ට අඩුවෙන් ගන්න පුළුවන් කාර් එකක් ලෙස මරුටිය නම් කරන්න පුළුවන්.

මේ තියෙන්නේ ඩෑෂ්බෝර්ඩ් එක. හැම එකක්ම ප්ලාස්ටික් වලින් හදල තිබුණට කුෂන් කරලා නම් නැහැ. නමුත් කල්පැවැත්ම අතින් බොහොම ඉහළයි.

 

මේකේ වායු සමීකරණ පද්ධතිය පෙනුමෙන් ටිකක් වෙනස්. එකේ පාලක කොටස් තියෙන්නේ ඩෑෂ්බෝර්ඩ් එකේ අපි සාමාන්‍යයෙන් දකින තැන වල නෙමෙයි. ඒවා මේ මීටර් බෝර්ඩ් එකේ පැත්තක කරකවන්න පුළුවන් විදියට සවි කරලා තියෙනවා.

මේ තියෙන්නේ ඒසී කවුළු ටික.

 

මේකේ ඩෑෂ්බෝර්ඩ් එකේ එක එක ජාතියේ බඩු දාන්න පොඩි පොඩි බොක්ස් සෑහෙන්න තියෙනවා.

 

මේ තියෙන්නේ කබි හෝල් එක. ඊට උඩින් තියෙන මේ කුහරය ඇතුලේ මොබයිල් ෆෝන් එකක් කාරිය දාල තියන්න පුළුවන්. ඩෑෂ්බෝර්ඩ් එක මැද්දේ අරින්න වහන්න පුළුවන් තව බොක්ස් එකක් තියෙනවා.

ඩෑෂ්බෝර්ඩ් එකේ මැද පහලට වෙන්න තියෙනවා කප් හෝල්ඩර් දෙකක්. වතුර බෝතලයක්, ප්ලාස්ටික් කෝප්පයක් වගේ මේකේ දාල තියාගන්න පුළුවන්.

මේ වාහනේ සැහැල්ලු හින්ද පවර් ස්ටියරින් එන්නේ නැහැ. එහෙම නැති උනා කියල පුරුදු වෙච්ච කෙනෙකුට නම් ගාණක්වත් නැහැ. ජෙට් එක වගේ විදලා යන මරුටි මන් ඕන තරම් දැකල තියෙනවා.

අලුතෙන් එන සෑම වාහනයකම පවර් ස්ටියරින් තිබෙන හින්ද ඒවා නැති වාහනයක් හොයන්න ඕනේ නම් මේ මරුටියක්ම තමයි.

ගොඩක් ඉන්දියානු වාහනවල පිටුපස සීට් එක පැතලි බෙන්ච් සීට් එකක් උනාට මේකේ පිටුපස සීට් එක, කකුල් වලට හොඳින් සැපපහසුවට තිබෙන පරිදි හදල තියෙනවා.

 

මේකේ පිටුපස සීට් එක මේ විදියට නවන්න පුළුවන්. නමුත් ඒක කොටස් වශයනේ නමන්න හැකියාවක් නැහැ.

 

ඉස්සරහ තියෙන්නේ හෙඩ් රෙස්ට් සහිත බකට් සීට්. දැන් එන සාම ඉන්දියානු වාහනයකම පාහේ එන්නේ සීට් වලටම සවි වූ හෙද රෙස්ට්. එත් මේකේ එහෙම නැහැ. මේකේ හෙඩ් රෙස්ට් ඇජස්ටබල්. ඔලුවේ තරමට කල්පනා කරලා හෙඩ් රෙස්ට් එක හදා ගන්න පුළුවන්. පිටිපස්සටත් හෙඩ් රෙස්ට් තිබුණත් ඒවා ගොඩක් වාහනවල වගේ ඇජස්ටබල් අජස්ටබල් නොවෙයි.

ඒ වගේම ඉස්සරහ සීට් දෙකේ පසුපස කොටසට වෙන්න ෆයිල් එකක් ලියකියවිල්ලක් දාගෙන යන්න පුළුවන් පොකට්ස් අන්තර්ගතයි.

 

මේකේ ඉතාම හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තිබෙනවා කියලත් කියන්න පුළුවන්. දේශාන්ට අනුව නම් ලීටරයට කිලෝ මීටර් 16කට එහා පැත්තේ ඒසී දාගෙන පවා මේක කරනවා. ඒසී ඕෆ් කරලා ගියොත් 20කට එහා පැත්තේ කරනවා කියල තමයි ආරංචිය.

 

නමුත් මේකේ ඒසී එකේ පොඩි මදි ගතියක් තිබෙනවාලු. උදේකට ගොම්මන් වෙලාවකට රෑකට හැරෙන්න ඉර මුදුන් වෙච්ච වෙලාවක එළිපහලියට බහිනවා නම් පොඩි අමාරුවක් දැනෙන්න පුළුවන්.

ඒ වගේම තමයි ඒසී එක දැම්මහම වාහනේ පිකප් එකත් අඩු වෙනවා. ඒ නිසා තවත් වාහනයක් ඉස්සර කරන්න අමාරු වෙන්න පුළුවන්. එත් ඒ වෙලාවට ඒසී එක ඕෆ් කරොත් නම් යකා වගේ වැඩ.

අනිත් දේ තමයි, මේකේ 90 වගේ පනින කොට වාහනේ ස්ථාවර බව නැති වෙලා වගේ හැඟීමක් එනවා. එමෙන්ම වාහනේ ස්ටියරින් වීල් එකත් එක්ක දෙදරුමකුත් එනවා. ඒ නිසා පැයට කිලෝ මීටර් 80-90 ක වේගයෙන් වාහනය තියාගන්න එක කෝකටත් හොඳයි. මේ දෙදරුම ගරාජ් එකට කොතරම් දැම්මත් (වීල් අලයින්මන්ට් ඔක්කොම ඇතුළුව) හදාගන්න බැරි උනා කියන්නේ වාහෙනම ප්‍රශ්නයක් වෙන්න ඕන.

එමෙන්ම මේකේ එන රෝද ප්‍රමාණය අඟල් 12. ඒ නිසා පොඩි වළක වැටුනත් ගැස්සෙන්න තිබෙන හැකියාව වැඩියි. එමන්ම ටයර් ඉක්මණට ගෙවෙන්නත් පුළුවන්.

 

මේ තියෙන්නේ කාර් එකේ දොරවල් හතර ඇරියම තියෙන විදිය. ඉස්සරහ දොර ලොකුවට අරුණට, පිටිඅස්ස එකට නම් කිට්ටු කරන්නවත් බැහැ. ඒ නිසා පිටිපස්සෙන් නගින්න බහින්න ගියාම දශමෙන් පංගුවක අමාරුවක් දැනේවි.

 

සීට් එකේ උස ගත්තහමත් පිටිපස්සේ එකේ නම් පොඩියට පහත් බවක් පෙනෙනවා. වයසක උදවියට නැගිටින්න වාඩිවෙන්න ළඟ පාත ඉන්න කාගේවත් උදවු නැතුව අමාරු වෙන්න පුළුවන්.

මේ තියෙන්නේ ඉස්සරහ සීට් එක ඇදල ඇදල ඉස්සරහට කරහමයි, පිටිපස්සට කරහමයි තියෙන ඉඩකඩ. සාමාන්‍ය වශයෙන් ඇති වගේ.

 

මේ තියෙන්නේ හිරුට මුවා වෙලා සැපට ඉන්න පුළුවන් සන් වයිසර් දෙක. ඒවායේ මුහුණ බලන කන්නාඩි හෝ ලයිට්ස් නැහැ.. ඒ වගේම උඩ තියෙන ග්‍රිප් ඇසිස්ට් තියෙන්නේ මගියාට විතරයි.. ඩ්‍රයිවර්ට ඒවා අඩංගු නැහැ..

 

මේ තියෙන්නේ ගියර් ලිවර් එක.. ඉස්සරහට හතරකුත්, පිටුපසට එකකුත් සහිත මැනුවල් ගියර් පද්ධතියක් තමයි මේකට තියෙන්නේ.. ගියර් ලිවර් එකත්, හෑන්ඩ් බ්රේක් එකත් අතර කුඩා ඉඩක් තිබෙනවා මාරු කාසියක් දෙකක් වගේ දාන්න..

 

මේ තියෙන්නේ දොරවල් හතරේ ඇතුළු පැත්ත. දොරට කියල පත්තරයක්, සඟරාවක්, ටිසු බොක්ස් එකක් දාල තියන්න පුළුවන් ඉස්සරහ මගී අසුනේ විතරයි.

 

වාහනේ බීඩින් වල එහෙම පිළිවෙල අතින් එතරම් සුභදායක නැති විත්තියක් තමයි පෙන්න තියෙන්නේ. මේ තියෙන්නේ හරියට මූට්ටු නොවුණු බීඩින් එකක්.

 

ඒ වගේම තමයි, සුක්කානම පොඩ්ඩක් හැරෙවුවම ඇතුලේ තියෙන කේබල් එහෙම එලියට පෙන්න ගන්නවා මේ විදියට.

 

මේ තියෙන්නේ ඩිකියේ දොර විවෘත කළාම ඇතුළත පෙනෙන විදිහ.. වාහනේ පොඩියි කියල හිතුනට ඇතුලේ නම් සැහෙන්න ඉඩක් තිබෙන පාටයි..

 

මේකේ යට තමයි ස්පෙයර් ව්හීල් එක හංගල තියෙන්නේ..

 

දේශාන් ට අනුව නම් වාහනයේ නඩත්තුව කියල කිසිම වෙනසක් නෑ. ඕනෑම වාහනයක එන රනින් රෙපෙයාර්ස් හැරුණු කොට විශේෂයෙන් සැළකිලිමත් වෙන්න ඕන දෙයක් මේවයේ නැහැ. අමතර කොටස්, බොඩි පාර්ට්ස්, හදන්න දන්නා අය හැම තැනම බහුලයි. ඒවගෙන ආපහු දී ගන්නකොටත් හිතේ ගින්නක් නැතුව අතෙත් ගානක් තියාගෙන ඕනම වෙලාවක දෙන්න පුළුවන්.

ඒ නිසා කවුරු මොනවා කියුවත් මරුටිය කියන්නේ හොඳට පල දෙන වාහනයක්.

 

වාහනයේ හිමිකරු – දේශාන් ලක්ෂිත

රචනය – දේශාන් වලල්ලාවිට

උපුටා ගැනීම හෝ මොන යම් ආකාරයකින් වෙනත් ස්ථානයක වෙබ් අඩවියේ අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම් වේ. සියලු හිමිකම් RodaHathara.com වෙබ් අඩවිය සතුය.

Facebook Comments

About Admin

Check Also

Lamborghini Veneno Roadster – Full Review in Sinhala

ලෝක ප්‍රකට ඉතාලියානු වාහන නිෂ්පාදක ලැම්බෝගිනි සමාගමේ අඩ සියවසක මතකය සමරනු වස් බිහිකළ සුපිරි මෝටර් …