Breaking News
Home / Reviews / BMW i3s රථයේ විශේෂ ලක්ෂණ Auto Expo 2018 හිදී හෙළි වේ
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

BMW i3s රථයේ විශේෂ ලක්ෂණ Auto Expo 2018 හිදී හෙළි වේ

මෑතකදී ඉන්දියාවේ නව දිල්ලි නුවර පැවැත්වුණු Auto Expo 2018 මෝටර් රථ ප්‍රදර්ශනයේ ආකර්ෂණීයම අංගයක් වූයේ එහි වූ විදුලි මෝටර් රථ පෙළයි. ඒ අතරින් BMW i3s රථයට හිමි උනේ ප්‍රධානතම තැනක්. BMW i3s කියන්නේ BMW i3 කියන හැච්බක් වර්ගයේ විදුලි මෝටර් රථයේම අලුතින් හදාපු, අධි බල වර්ගයේ එකක්. පැරණි, BMW i3 රථයට ටිකක් සමාන උනත්, මේකේ තිබෙන  විශේෂිත ලක්ෂණ කිහිපයක් ගැන අපි විමසා බලමු.

අධිබලසම්පන්න එන්ජිම

මේ අලුත් මෝටර් රථයේ එන්ජින් බලය අශ්වබල 174 සිට 184 දක්වා ඉහළ දැමීමට BMW සමාගම කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම උපරිම ව්‍යවර්තය(torque) 250Nm සිට 270Nm දක්වා ඉහළ දැමීමටත් ඔවුන් වග බලාගෙන තිබෙනවා.

ස්පෝර්ට්ස් සස්පෙන්ෂන් පද්ධතිය

අලුත් BMW i3s එකේ එන්නේ ස්පෝර්ට්ස් වර්ගයේ සස්පෙන්ෂන් පද්ධතියක්. මේ නිසා වාහනයේ උස පැරණි BMW i3 එකට වඩා 10mm කින් අඩු වෙලා තිබෙනවා. ඒ වගේම මේකට එන විශේෂිත ඇලෝයි වර්ගයකින් සාදපු අඟල් 20 ඩබල් ස්පෝක් වර්ගයේ රෝද හතර  කලින් තිබුණු ඒවාට වඩා 20 කින් පළලින් වැඩියි. මේ දේවල් නිසා රථයේ පාලනය කලින් එකට වඩා ගොඩාක් පහසුයි වගේම සුමටත් වෙනවා.

ඉහළ ක්‍රියාකාරීත්වය

විශේෂිත බෙයාරින් වර්ග යොදාගෙන තිබීම, විදුලි මෝටරය ඉහල වේගයකට අනුගත වීම සහ ඉතා ඉහල RPM අගයන්ට ඔරොත්තු දෙන ආකාරයට සාදා තිබීම නිසා පැරණි i3 රථයට සාපේක්ෂව අලුත් BMW i3s  රථය 40% ක ඉහළ ක්‍රියාකාරීත්වයකින් යුක්ත වෙනවා. ඒවගේම, මේකට පැයට 100km/h වේගයකට ළඟා වෙන්න යන්නේ තත්පර 6.9ක් වගේ පොඩි කාලයක්. පරණ i3 එකට මේ සඳහා තත්පර 7.3ක් ගත වුනා.

පූර්ණ LED ආලෝකකරණය

අලුත් BMW i3s රථයේ හෙඩ්ලයිට් වලට යොදාගෙන තිබෙන්නේ වැඩිදියුණු කළ LED වර්ගයක්. මේකේ හයි බීම්. ලෝ බීම්, හයි බීම සහ දහවල දැල්වෙන බල්බ යන සියලුම ඒවා සඳහා තිබෙන්නේ LED බල්බ.  ඒවගේම සිග්නල් ලයිට් වලටත් මෙවැනිම LED යොදාගෙන තිබෙන අතර ඒවා, සම්ප්‍රදායින් ඔබ්බට ගිහින් සිහින් පටි ආකාරයට  ඉස්සරහින් සකස් කරලා තිබෙනවා.

රියදුරු උපකාරක පද්ධති

අලුත් BMW i3s රථයේ තිබෙන  රියදුරු සහයකරන පද්ධතිය මගින්, විවිධ මාර්ග තත්වයන් යටතේ, රියදුරාට ධාවනයේදී සහය වන්නට පුළුවන්. මෙහි, වාහනය ස්වයංක්‍රියව ගාල් කිරීමේ සේවාවක් මෙන්ම, ධාවනයේදී සිදු විය හැකි ගැටුම් සහ පදිකයින් ඉදිරියට පැනීම ආදී අනතුරුදායක දේවල් පිළිබඳව කලින් හඟවන්න පුළුවන්. ඒවගේම, ඉදිරියෙන් යන රථ සමග ආරක්‍ෂිත දුරක් පවත්වා ගැනීමටත්, රථය එකම මං තීරුවේ තබා ගැනීමටත් මේ රථයට  ස්වයංක්‍රීය හැකියාවක් තිබෙනවා. මේ සඳහා වාහනයේ තිබෙන සෙන්සර් මගින්, මග සලකුණු, මාර්ගයේ පළල මෙන්ම ඉදිරියෙන් යන රථ පිළිබඳවත් නිතරම සංවේදනය කරනු ලැබෙනවා.

දේශාන් වලල්ලාවිට, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

 

මෙම ලිපිය හෝ වෙබ් අඩවියේ සඳහන් කර ඇති කිසිදු දෙයක් උපුටා ගැනීම හෝ මොන යම් ආකාරයකින් වෙනත් මුද්‍රිත හෝ ඉලෙක්ටොනික මාධ්‍යයක වෙබ් අඩවියේ අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම් වේ. එසේ කරන්නන් හට තරාතිරම නොබලා බුද්ධිමය දේපළ පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගනු ලැබේ. සියලු හිමිකම් RodaHathara.com වෙබ් අඩවිය සතුය.

Facebook Comments

About Admin

Check Also

ඩොක්ටර් සනී Nissan B13 Review

නිසාන් සනී  යනු  ඔබට හුරුපුරුදු නමක් වනු නිසැකයි. දශක ගණනාවක  සිට ලොව පුරා  ජනතාවගේ ආදරය …