Breaking News
Home / Fuel / නොශ් (NOS) හෙවත් නයිට්‍රස් ඔක්සයිඩ්
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

නොශ් (NOS) හෙවත් නයිට්‍රස් ඔක්සයිඩ්

ඔබ fast and furious චිත්‍රපට පෙළ නරඹා ඇත්නම් හෝ කාර් රේසින් වීඩියෝ ගේම්ස් කර ඇත්නම් ඒවායේ හමුවන නොශ්(Nos) ගැන අසා ඇතුවට සැකයක් නැහැ. නොශ් යනු නයිට්‍රස් ඔක්සයිඩ් නම් වායුවට කෙටියෙන් කියන නමයි. වාහනවලට නයිට්‍රස් ඔක්සයිඩ් උපකරණ සාදන ප්‍රමුඛ පෙලේ  Nitrous Oxide Systems යන සමාගමක් නිසා මේ නොශ් කියන නම ආවා කියල තමයි කියන්නේ.

නයිට්‍රස් ඔක්සයිඩ්  වියෝජනයේදී සෑදෙන්නේ නයිට්‍රජන් සහ ඔක්සිජන් කියන වායුන්. එනිසා අධික උෂ්ණත්වයේදී ඔක්සිජන් වායුව නිදහස් කරන්න මේ වායුමය සංයෝගයට පුළුවන්.  නයිට්‍රජන් දහනයට අවශ්‍ය වන වායුවක් නොවේ.  එන්ජිමකට සැපයෙන වායුවේ 12% ක් පමණ වන්නට ඇති ඔක්සිජන් ප්‍රමාණය සියයට 33%ක් දක්වා වැඩි කරන්නට නයිට්‍රස් ඔක්සයිඩ් වලට පුළුවන්. එමගින් එන්ජිමේ අශ්ව බලය ඉතා අධිකව සහ ක්ෂණිකව වැඩි කිරීමට නොශ්  වලට හැකි වේ.

සාමාන්‍ය වායුගෝල පීඩනය යටතේ නයිට්‍රස් ඔක්සයිඩ් තියෙන්නේ වායුවක් විදියට. නමුත් එය අප භාවිතයට ගන්නේ අධික පීඩනයක් යටතේ ටැංකි වල අසුරපු ද්‍රවයක් විදියට. මේ  ද්‍රවයක් එන්ජිමේ inlet manifold එකට දැමූ විට, එය වාෂ්ප වෙමින් ප්‍රසාරණය වෙනවා. මෙය සිසිලනකාරක ක්‍රියාවක්. ඒ නිසා වැඩි වාතය ප්‍රමාණයක් සිලින්ඩර තුලට ලබා ගනිමින් එහි කාර්යක්ෂමතාවය වැඩි කරන්නත් නයිට්‍රස් ඔක්සයිඩ් වලට පුළුවන්.

ඉන්පසු සිලින්ඩර තුලදී නයිට්‍රස් ඔක්සයිඩ් වියෝජනය වීම තාපදායක ක්‍රියාවක්. ඒ කියන්නේ පිටතට උෂ්ණත්වය නිදහස් කරනවා. මෙය නැවතත් එන්ජිමේ කාර්යක්ෂමතාවය වැඩි කර අධික බලයක් ලබා දෙන ක්‍රියාවක්.  

නොශ් මුලින්ම භාවිතා වී තිබෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලේ අහස් යාත්‍රා සඳහායි. ඉහළ උන්නතතීන් වලදී වාතයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩු නිසා, ඔක්සිජන් ප්‍රභවයක් විදියට තමයි මෙය භාවිතා වී තිබෙන්නේ.

නයිට්‍රස් ඔක්සයිඩ් වලින් එන්ජිමේ බලය වැඩි කරන්නට පුළුවන් සේම, වැරදි විදියට භාවිතා කළොත් එන්ජිම සහමුලින්ම විනාශ කරලා දාන්නත් නයිට්‍රස් ඔක්සයිඩ්  වලට පුළුවන්. නයිට්‍රස් ඔක්සයිඩ්  ලබා දෙන අධික බලයට ඔරොත්තු දීමට එන්ජිමට නොහැකි වීම මෙයට ප්‍රධාන හේතුවක්. වැඩිවන ඔක්සිජන් වලට අනුරූපීව, ඉන්ධන වැඩි කිරීමට නොහැකි වූ විට සිලින්ඩර ඇතුලේ අධික දෙදරීම් ඇති වෙන්න පුළුවන්. නයිට්‍රස් ඔක්සයිඩ් මගින් සිලින්ඩර තුලට ලැබෙන වාතය ප්‍රමාණය වැඩි කරන නිසා සිලින්ඩර තුල පීඩනයත් ඉතා ඉහල වෙනවා. පිස්ටන් සහ වෑල්ව දියවී යන්නට තරම් මේ පීඩනය සහ උෂ්ණත්වයත් ප්‍රබලයි.  එනිසා  අධික උෂ්ණත්වය  පාලනය කිරීමේ සහ පීඩනයට ඔරොත්තු දීමේ හැකියාවක්  ද එන්ජිම සතු විය යුතුයි.

නයිට්‍රස් ඔක්සයිඩ් භාවිතයේ තිබෙන තවත් ගැටළුවක් තමයි එහි විශාල පරිමාව. ද්‍රවයක් බවට පත් කළත් එය රථයක් තුල ගෙනයාමට යම් ඉඩක් ඇහිරෙනවා. එනිසා ධාවන තරග වලදී ගෙන යා හැකි නයිට්‍රස් ඔක්සයිඩ් ප්‍රමාණය ඉතා සීමිතයි. අවශ්‍ය අවස්ථාවලදී බොත්තමක් එබීම මගින් නයිට්‍රස් ඔක්සයිඩ් නිදහස් කිරීම රියදුරා විසින් ප්‍රවේසමෙන් කළ යුතු දෙයක් වෙනවා.

Facebook Comments

About Admin

Check Also

පෙට්‍රල් ඩීසල් මාරු කරලා ගැහුවොත් මොකද වෙන්නේ?

පෙට්‍රල් එන්ජිමකට ඩීසල් දැම්මොත්? හදිසියට හා නොදැනුවත්කම නිසා බොහෝ දෙනෙකු අතින් වැරදි සිදුවේ. ඩීසල් පෙට්‍රල් …