Breaking News
Home / Auto Gear / ඔටෝගියර් OD බට්න් එක දැනගනිමු
Mountain View

ඔටෝගියර් OD බට්න් එක දැනගනිමු

ඔටෝගියර් වාහන පැද්දට මොකද, ගොඩක් අයට ඕවර්-ඩ්‍රයිව්(over-drive) කියන බට්න් එක ගැන ඒ හැටි දැනුමක් නැහැ. එත් මේක, ඔටෝගියර් වාහනයකට ඉතාමත්ම ප්‍රයෝජනවත් දෙයක්. ඔටෝගියර් වාහන පිකප් නැහැ, පල්ලම් බහින්න අමාරුයි කියල කෑ ගහන අය සමහර විට එහෙම කියන්නේ මේ OD බට්න් එක ගැන දැනගෙන නොවෙන්න පුළුවන්. ඉතින් මේ ලිපියෙන් ඔටෝගියර් වාහනේක තියෙන OD බට්න් එක ගැන හොඳ දැනුමක් ඔබට ලබාගන්න පුළුවන්.

ටිප්ට්‍රොනික් පහසුකම නැති, ඔටෝගියර් වාහනයක අපට ඕන විදියට ගියර් මාරු කරන්න හැකියාවක් නැහැ. මේ නිසා තවත් වාහනයක් ඉස්සර කරන්න ගියාම සහ පැල්ලමක් බහින් ගියාම කරදර වෙන්න පුළුවන්.  ඒ සඳහා දීල තිබෙන පහසුකම තමයි, ඔඩී බට්න් එකෙන් කෙරෙන්නේ.

මැනුවල් වාහනයක නම් ඕවර් ඩ්‍රයිව් එහෙමත් නැත්නම් ඔඩී ගියර් එක යනුවෙන් හැඳින්වෙන්නේ  4 වැනි, ගියර් එකයි. මේ ගියර් එකට දැම්මම, එන්ජිම කරකැවෙන වේගයෙන්ම, රෝදත් කරකැවෙන්න ගන්නවා. ඒ කියන්නේ 1:1 අනුපාතෙට එන්ජිමෙන් ගියර් වලට, වේගය ලැබෙනවා.

5  වැනි ගියර් එකේදී,   එන්ජිමේ වේගයටත් වඩා වැඩි වේගයකින්, රෝද කරකැවෙනවා.

ඒ නිසා 4 සහ 5 වැනි ගියර් වලදී ඉහල වේගයක් සහ හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා ගන්න පුළුවන්. නමුත් මේ ගියර් වලදී, ලබා ගන්න පුළුවන් බලය සහ පිකප් එක ගොඩක් අඩුයි. ඒ නිසා 4 වැනි ගියර් එකේදී, එහෙම නැත්නම් ඔඩී ගියර් එකේදී වාහනයක් ඉස්සර කරන්න, කන්දක් නගින්න, වෙනත් වාහනයක් ඇදගෙන යන්න, ඉතාමත් අපහසු වෙන්න පුළුවන්.

ඒ වෙලාවට ඉක්මනින්ම තුන් වැනි ගියර් එකට හෝ ඊටත් අඩු ගියර් එකකට දාල, වැඩි පිකප් එකක් සහ වැඩි බලයක් ලබා ගන්න, පුළුවන් කම තිබෙනවා.

ඒත්, ටිප්ට්‍රොනික් පහසුකම නැති, ඔටෝගියර් වාහනයක නම්, එහෙම ගියර් එකක් ආපස්සට දාන්න අපට හැකියාවක් නැහැ. ඒ සඳහා දීල තිබෙන පහසුකම තමයි, ඔඩී බට්න් එකෙන් කෙරෙන්නේ.

ඔඩී බට්න් එක එබුවාම, හතර වැනි ගියර් එකට, ගියර් මාරු වෙන්නේ නෑ. ඒ කියන්නේ උපරිමව 3 වැනි ගියර් එක දක්වා පමණක් ගියර් මාරු වෙනවා. ඒ නිසා ඉතා ඉහල පිකප් එකක් සහ වැඩි බලයක්, අපිට ලබා ගන්න පුළුවන්. ඔඩී බට්න් එක එබුවාම, ඒ බව ඕඩී off යනුවෙන් ඩෑෂ්බෝර්ඩ් එකේ නිරූපණය කෙරෙනවා.

ධාවනය වන අතරතුර ඔඩී බට්න් එකට එබුවොත්, ඒ අවස්තාවේදී ධාවනය වුනේ 4 වැනි ගියර් එකේ නම්, ක්ෂණිකව ගියර් එක 3ට මාරු වෙනවා. ඊට පස්සේ ආපහු ඔඩී බට්න් එක, නැවත අක්‍රිය කරනකම්, උපරිමව 3 වැනි ගියර් එකේ පමණක් වාහනය ධාවනය වෙනවා.

මේක ඔටෝමටික් වාහනයක් පැදවීමේදී ඉතාමත් ප්‍රයෝජනවත් වන දෙයක්. වාහනයක් ඉස්සර කිරීමේදී ඔඩී බට්න් එක එබීම මගින්, ක්ෂණිකව පිකප් එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම, කන්දක් නගිද්දී, ගියරය 3 වැනි සහ 4 වැනි ගියර් අතර, වරින් වර මාරු වීම වැලක්වීමටත් එය උපකාර වෙනවා.

එමෙන්ම, කන්දක් බහිද්දී, එන්ජිමේ බර උපයෝගී කරගෙන, වාහනය සෙමෙන් ධාවනය කරවීමටත් ඔඩී බට්න් එක යොදා ගන්න පුළුවන්. එවිට, නිතර නිතර තිරිංග යෙදීම අනවශ්‍ය වන අතර එන්ජිමේ බර උපයෝගී කරගෙනම වාහනය සෙමෙන් ධාවනය කරවීමට හැකිවෙනවා.

නමුත් ඔඩී බට්න් එක ඔබා ඇති අවස්තාවලදී, එන්ජිමේ ඉන්ධන කාර්යක්ෂමතාවය ඉතාමත්ම අඩුයි. ඒ වගේම RPM එකත් ඉහල අගයක් පෙන්නුම් කරනවා. ඒ නිසා, එන්ජිමෙන් විශාල ශබ්දයක් එන්නත් පුළුවන්.

මේ හේතු නිසා, ඔඩී බට්න් එක අවශ්‍ය අවස්තාවලදී පමණක්, ක්‍රියාත්මක කරන්න, වගබලාගන්න ඕනේ.

ඉතින් Od බට්න් ඒක ගැන දෙයක් ඉගෙනගත්ත නම් අපේ රෝදහතර පේජ් එකටත් ලයික් එකක් දාල ඔටෝ ගියර් පිකප් නෑ, ස්පොර්ටි නෑ කියන අයට පේන්න මේ පෝස්ට් ඒක ෂෙයාර් කරන්න.

මේ ලිපියේ සියලුම හිමිකම් RodaHathara.com වෙබ් අඩවිය සතුයි.

Facebook Comments
Mountain View

About Admin