Breaking News
Home / New Vehicles / Pagani Huayra Roadster 2018 Review සිංහලෙන්
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

Pagani Huayra Roadster 2018 Review සිංහලෙන්

https://www.topspeed.com/cars/pagani/2018-pagani-huayra-roadster-ar104468.html

ලංකාව බෞද්ධ රටක් උනාට මොකද හරි හරියට දෙවියෝ ඇදහීම සිදු කෙරෙනවා. සියවස් ගණනාවකට පෙර කාලිඟ මාග එළාර ආක්‍රමණ හමුවේ මේ රටට විවිධ හින්දු දේව ඇදහීම බලපෑ බව සිතන්න හැකියි . දැන් එය අපේ ජන සංස්කෘතියේම අංගයක් බවට පත් වී ලෙඩ රෝග  අපල උපද්‍රව හැම දෙයකදීම දෙවියන් යදිනු දක්නට ලැබේ. ඒ ලංකාවේ ස්වභාවයයි.  ඔය ඉතාලි මිනිස්සුත් සෑහෙන්න දෙවියෝ අදහනව කියනවනේ. කොටින්ම කියුවොත් හා හාපුරා කියල වාහනයක් එළියට දැම්මොත් දේවතවියකගේ නමක් තමයි තියන්නේ.

පගානි කියන්නේ ඉතාලි සමාගමක්. මේකේ අලුත්ම කාර් එකක් තමයි පගානි හුයාරා රෝඩ්ස්ටාර් කියන්නේ. හුයාරා නම හරි අමුතුයි. අද්භූතයි. ඉපැරණි ඉන්කා ශිෂ්ටාචාරයේ එන සුළඟට අධිපති මහානුභාවසම්පන්න හුයාරා දේවතාවියට කරන සැලකීමක් වශයෙන් තමයි, මේ පවනක් බඳු වේගයෙන් ඉගිල්ලෙන අලුත්ම කාර් එක නම් වෙලා තියෙන්නේ.

හුයාරා මාදිලිය එළියට ආවේ ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයකදීයි. ඒ 2012 දී. එදා ඉඳල මේ මාදිලියේ විවිධ වෙනස් කම් ඇති වෙමින් 2018 හුයාරා රෝඩ් ස්ටාර් දක්වාම පරිනාමය වුනා.

හුයාර කූප් මාදිලියට පසුව එලියට දාපු මේ රෝඩ් ස්ටාර් එක ආවට ගියාට කූප් එකේ වහල කපල හදපු බඩුවක් නෙමෙයි. චැසියේ ඉඳන් මුළු බෝඩියම විවිධ වෙනස්කම් සිදු කරලා, කාබන් ෆයිබර් බොඩි කිට් ගහලා කරපු සියුම් නිර්මාණයක්.

රෝඩ් ස්ටාර් එක පිටතින්  හුයාරා BC  කියන කූප් මාදිලියට සමානයි. එත් ඉදිරිපස බම්පර් එක ගොඩක් වෙනස්. විශාල ප්‍රමාණයේ වායු චූෂකත්, day time LED ලයිට්ස් වලින් ද මෙය සමන්විතයි. වහල ක්‍රම දෙකකට එනවා. කාබන් ෆයිබර් වලින් තනා උඩින් අහසේ වලාකුළු බලන්න තියපු වීදුරුවක් සහිතවද, අනෙක තනි රෙද්දෙන් වියපු වහලයක් විදියටත් එනවා. ඔය දෙවැනි විදිහේ වහල ඕන වෙලාවක ගලවල වාහනේ ඇතුළෙන් තියාගන්න පුළුවන්. අඩුපාඩුවකට තියෙන්නේ මේක ස්වයංක්‍රියව විවෘත හෝ වැසීම නොවීමයි. අතින් ගලවලාම අකුලන්න ඕනේ කියන්නේ..

කාර් එකේ එන්ජිම තියෙන්නේ මගී ආසන වලට පිටුපසින්. ඒ එන්ජිම වැහෙන්න තියෙන හුඩ් එක ලස්සන වීදුරුවකින් සමන්විතයි. තේජාන්විත V12 එන්ජිම පිටතට දර්ශනය වන්නට තියෙන මේ වීදුරුව හරිම කලාත්මක නිර්මාණයක් කියුවොත් නිවැරදියි.

පිටතට නොදෙවැනි මෙහි ඇතුළත් හරිම මනස්කාන්තයි. කාබන් ෆයිබර් සහ ඇලුමිනියම් යොදා ගෙන නිර්මාණය කරපු ඇතුළත හරියට නිකන් සුඛෝපභෝගී මගී නැවක ඇතුළ වගේ. එත් මේ ඇතුළත නිර්මාණයන් කාරෙකෙන් කාරෙකට වෙනස් වෙනවා. පාරිභෝගිකයා කියන වර්ණයේ ඉඳල කැමති ඕනෑම ඔප්ෂන් එකක්  අන්තර්ගත කරලා අතුල නිර්මාණය කරන්න පගනී සමාගම බැඳී සිටින නිසා ඇතුළත පෙනුම මේකයි කියල කියන්න අමාරුයි.

මෙයාලගේ එන්ජිම හදන්නේ බෙන්ස් සමාගමෙන්. 6000 cc V12 එන්ජිමක් වන එහි අශ්ව බල ප්‍රමාණය හරියටම එළියට දාල නෑ. නමුත් වහින් ගොඩින් ආරංචි වෙන විදියට එය අශ්ව බල 750ක් වගේ ලු.  මේකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 370 ක් කියල තමයි ආරංචිය.  රේස් ට්‍රැක් වල කප් ගහන ගොඩක් වාහන වලට නිකම් පාරේ දුවන්න අවසර නැති උනාට හුයාරා රෝඩ් ස්ටාර්ට නම් එහෙම ගැටළුවක් නැහැ..

Facebook Comments

About Admin

Check Also

Lamborghini Veneno Roadster – Full Review in Sinhala

ලෝක ප්‍රකට ඉතාලියානු වාහන නිෂ්පාදක ලැම්බෝගිනි සමාගමේ අඩ සියවසක මතකය සමරනු වස් බිහිකළ සුපිරි මෝටර් …