Breaking News
Home / Mechanical Knowledge / රේඩියේටරය
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

රේඩියේටරය

රේඩියේටරය යනු ජල සිසිලන පද්ධතියක් සහිත වාහනවල පමණක් ඇති, එහි අත්‍යාවශ්‍යම අංගයකි. එමගින් කෙරෙනුයේ, එන්ජිම තුල සංසරණය වී අධික උෂ්නත්වයකට පත් වී ඇති ජලය ඉහල වර්ගඵලයක පතුරුවා හැර ඒ හරහා වාතය සංසරණය වීමට ඉඩදී එම ජලය සිසිල් කිරීමයි. රේඩියේටරය ඉහල සහ පහල ඇති ටැංකි දෙකකින්ද, ඒ අතර ඇති කෝරයකින් ද සමන්විත වේ. ඉහල ටැංකිය සම්බන්ධ වනුයේ එන්ජිමේ සිට ජලය පැමිණෙන කවුලුවටය. පහල ටැංකිය එන්ජිම වෙත සිසිල් ජලය යවන ජල පොම්පයට සම්බන්ධ වේ. එන්ජිමේ සිට පැමිණෙන ජලය ඉහල ටැංකියට පැමිණ රේඩියේටරයේ කෝරය තුළින් පහලට ගලා බැස සිසිල්වි වීමෙන් අනතුරුව පහල ටැංකියට පැමිණ නැවත ජල පොම්පය හරහා එන්ජිම තුළට ගලා යයි. මෙවිට ජලය සිසිල් වනුයේ කෝරය හරහා යන වාත ධාරාව මඟිනි.

රේඩියේටර් කෝර වර්ග දෙකකි. ඒවා නම්,

  1. නල ආකාර කෝර
  2. කෝෂ ආකාර කෝර

නල වර්ගයේ කෝර වල ඉහල සහ පහල ටැංකි සම්බහ්ධ වනුයේ සිරස් බට ගණනාවකිනි. එම බට වටා තුනී තහඩු යොදා ඇත. බට දිගේ පැමිණෙන ජලයේ ඇති තාපය මෙම වර්ගඵලය වැඩි තහඩු වලින් උරාගෙන ඉවතට පිට කරයි. වර්තමානයේ වාහනවල යොදා ගැනෙනුයේ මෙම වර්ගයේ රේඩියේටර්ය.

නමුත් කෝෂ වර්ගයේ රේඩියේටර් වල කෝරවල කෝෂ ගණනාවක් ඇත. එම කෝෂ හරහා වාතයට ගමන් කළ හැකිය. එමෙන්ම එම කෝෂ තුළින් ජලය පහලට වැස්සේ. මෙහිදී ජලයට පහලට ගලා යාමට යම් නිශ්චිත මාර්ගයක් නොමැත. මෙම රේඩියේටර් පෙනුමෙන් ඉතා අලංකාර වන අතර මී වදයක පෙනුම ගනී. කාර්යක්ෂමතාවයෙන් අඩු මේවා  භාවිත වුයේ පැරණි වාහනවලය.

වර්තමානයේ රේඩියේටර් වල කෝරය නිපදවනුයේ ඉතා හොඳින් තාපය සන්නයනාය කරන  පිත්තල හා තඹ යන ලෝහ යොදාගෙනය. පැරණි රේඩියේටර් ටැංකි ලෝහයෙන් නිෂ්පාදනය වුනත් වර්තමානයේ බොහෝ රේඩියේටර් ටැංකි ප්ලාස්ටික් වලින් නිෂ්පාදිතය.

Facebook Comments

About Admin

Check Also

Mitsubishi Pajero 2014 V88W

Facebook Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *