Breaking News
Home / Fuel / දැනගෙන ගහමු පෙට්‍රල්
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

දැනගෙන ගහමු පෙට්‍රල්

ලංකාවේ පෙට්‍රල් ලීටරයක් සෑහෙන්න වටිනවනේ. වෙන රටවල පෙට්‍රල් බෝතලයක් වතුර බෝතලයකටත් වඩා ලැබ වෙද්දී ලංකාවේ වෙන්නේ ඒකෙ අනෙක් පැත්ත. අනෙක ලෝක වෙලන්ධපොලේ මිල අඩු උනා කියල මේ රටේ පෙට්‍රල් මිල අඩු වෙන එකක්ද? එහෙමත් නෑනේ.. ඒ නිසා තියෙන පෙට්‍රල් ටික පණ වගේ ආරක්ෂා කරගෙන අන්තිම බින්දුවටම පදින එක තමයි නුවනට හුරු. අපි අතින් පෙට්‍රල් නාස්ති වෙන්නේ වාහනේ පදින කොට විතරක්ම නෙමෙයි.. පෙට්‍රල් ගහනනකොටත් නාස්ති වෙනවා. ඒක නිසා ෂෙඩ් එකට ගියාම හරියට පෙට්‍රල් ටික ගහගන්න ඕනේ. කියවලම බලමු මේ කාරණා ටික සෑහෙන්න වටිනවා නේද කියල..

1. FULL Tank ගහන එක හොඳයිද ?

සමහරු පෙට්‍රල් ගහන්න ගියාම ලෝභ නැතුව කියනවා ෆුල් ටෑන්ක් ගහන්න කියල. එත් ෆුල් ටෑන්ක් ගහන එක හොඳයිද? සමහර අය කියනවා ෆුල් ටෑන්ක්  ගැහුවම වාහනේ හොඳට පෙට්‍රල් වැඩ කරනවා කියල. එත් මේකේ අවාසි කිහිපයක්ම තිබෙනවා.  පෙට්‍ර්ල් කියන්නේ ඉතා වාෂ්පශීලී ද්‍රවයක්. බලන් ඉන්නකොට පෙට්‍රල් වාෂ්ප වෙනවා. පොඩි කාලේ රසායන විද්‍යාව. භෞතික විද්‍යාව කරලා තියෙනවනම් දන්නවා ඇති ද්‍රවයක් වාෂ්ප උනාම එකේ පරිමාව වැඩි වෙනවා කියල. එතකොට පෙට්‍රල් ටැංකිය ඇතුලේ පීඩනය වැඩි වෙනවා. ලංකාව වගේ උෂ්ණත්වය අධික රටක මේක එතරම් හොඳ දෙයක් නෙමෙයි. අධික රස්නයක් ඇති තැනක වාහනය නවත්තල තිබුනොත් එහෙම ගිනි ගන්න එහෙම ලක් වෙන්න පුළුවන්. අනෙක තමයි, ෆුල් ටෑන්ක් ගහල සෑහෙන්න කලක් වාහනය දුවන්නේ නතුවේ තිබෙනවානම්, පෙට්‍රල් කාලයත් එක්ක ටික ටික අපටත් නොදැනෙන්න ටැංකියෙන් වාෂ්ප වෙලා යන්න පුළුවන්.  ඒ විතරක් නෙමෙයි, පෙට්‍රල් ගහන නලයේ තියෙනව return line කියල තව නලයක්. ෆුල් ටෑන්ක් ගැහුවම වැඩිපුර ආපු පෙට්‍රල් මේ නලේ හරහා ආපහු භූගත ටැංකියට යනවා. නමුත් ඔබ ඒ වෙනකොටත් මීටරය හරහා ආපු වැඩිපුර පෙට්‍රල් වලට ගෙවලත් අවසන්. ඉතින් මේක අවාසියක් නෙමෙයිද?

 

2. තෙල් ගහන්න වඩා  සුදුසු මොන වෙලාවටද?

කලින් කියුව වගේ උෂ්ණත්වය වැඩි වෙනකොට ද්‍රවයක පරිමාව වැඩි වෙනවා. එතකොට ගණත්වය අඩු වෙනවා. දවල් වෙන්න වෙන්න උෂ්ණත්වය වැඩි වෙන නිසා පෙට්‍රල් වල පරිමාව තරමක් වැඩි වෙලා. ඒ කියන්නේ ගණත්වය අඩුවෙලා.. එතකොට ඔබට ලැබෙන්නේ නියම ගණත්වයෙන් යුක්ත පෙට්‍රල් නෙමෙයි. එතන පෙට්‍රල් ලීටරයක් තිබුනත් ඉන්ධනයක් වශයෙන් ගත්තොත් ඉන්ධන ප්‍රමාණය අඩුයි.  ඒ නිසා උෂ්ණත්වය අඩු ‍වෙලාවක පෙට්‍රල් ගහන්න. ඒ කියන්නේ පෙට්‍රල් ගහන්න හොඳම වෙලාව තමයි උදේ වරුව.

3. ඉක්මනට තෙල් ටික ගහමුද?

නලය දිගේ තෙල් වේගෙන් එනකොට වාෂ්ප වෙන ප්‍රමාණයත් වැඩියි. මේ නාලයෙන් පෙට්‍රල් මුදාහරින වේගය පාලනය කරන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් හෙමින් පෙට්‍රල් ටික ගහන එක වඩා සුදුසුයි.

4.බවුසරෙන් ආපු අලුත්ම අලුත් තෙල් ගහමුද?

ඕනෑම ඉන්ධන හලක ඉන්ධන ගබඩා කරල තියෙන්නේ පොළොව යට තියෙන ටැංකි වල.. ඕවට තමයි බවුසර වලින් ගෙනෙන ඉන්ධන පුරවන්නේ…. ඕව ඉතින් කල්ප ගානකට හරියට සුද්ද කරන්නේ නැහැනේ. අනෙක බවුසර් ඇතුළේ මොන මොන ජරාව තියෙනවද කියල අපි දන්නේ නෑනේ.. මේ බවුසර් ඇරලා වේගෙන් අර ටැංකි වලට පුරවන කොට ඒවා ඇතුලේ තිබෙන කුණු රොඩු, ඔක්කොම කැලතිලා කැලතිලා එක විකාරයක් වෙන්න ගන්නවා.  මේ වගේ අවස්ථාවක අලුත්ම අලුත් මාළු හොඳයි වගේ පෙට්‍රලුත් හොඳ ඇති කියල හිතල ෂෙඩ් එකට ගියොත් හොඳ කුණු ගොඩක් ගහගෙන එන්න පුළුවන්.

5. හයි ඔක්ටේන් ද සාමාන්‍ය පෙට්‍රල් ද?

ගොඩක් ය හිතන්නේ හයි ඔක්ටේන් පෙට්‍රල් ගැහුවම හොඳට පෙට්‍රල් වැඩ කරනවා කියල. එකේ එතරම් සත්‍යතාවක් නැහැ. හයි ඔක්ටේන් අවශ්‍ය වන්නේ වැඩි සම්පීඩන ධාරිතාවක් තියෙන වේගවත් එන්ජින් වලට.. ඔබේ වාහනය වේගවත් නෙමෙයි කියන එක නෙමෙයි මේකේ අදහස. නිෂ්පාදකයා විශේෂයෙන් සඳහන් කරල තියෙනවනම් විතරක් හයි ඔක්ටේන් භාවිත කරන්න. එහෙම නැතුව සාමාන්‍ය ඔක්ටේන් හෝ හයි ඔක්ටේන් වල කාර්යක්ෂමතාවයේ වෙනසක් නැහැ..

Facebook Comments

About Admin

Check Also

සුපර්චාජර් ගැන දැන ගනිමු

  පෙට්‍රල් හෝ ඩිසල් හෝ මොන එන්ජිමක් වුවත් දුවන්නේ ඉන්ධන-වාතය මිශ්‍රණයක් දැවීම තුලින් නිදහස් වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *