Breaking News
Home / Interesting / ලීටරයට කිලෝ මීටර් 40ක් යන ෂෙල් සිටි කාර්
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

ලීටරයට කිලෝ මීටර් 40ක් යන ෂෙල් සිටි කාර්

Image result for shell city car

ඇමෙරිකාවේ ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ෂෙල් සමාගම ගෝර්ඩන් මරේ නම් සුප්‍රකට මෝටර් රථ නිර්මාණකරුවා සමග එක්ව, සිටි කාර් ලෙස හඳුන්වන කුඩා ප්‍රමාණයේ හුරුබුහුටි මෝටර් රථයක් නිපදවා ඇත. අඩු ඉන්ධන ප්‍රමාණයකින් ඉතා වැඩි දුරක් ගමන් කිරීමට හැකි මෙම මෝටර් රථයේ විශේෂත්වයේ වනුයේ එය සම්පූර්ණයෙන් ඉන්ධන වලින් ක්‍රියාත්මක වන එන්ජිමක් වීමය. කාර්යබහුල නගර මධ්‍යයේ පරිසර හිතකාමීව සහ අඩු පිරිවැයකින් යුතුව ධාවනය කිරීමට හැකි වන සේ සිටි කාර් නිර්මාණය කර ඇත. නමුත් සාමාන්‍ය ජනතාවට මෙම මෝටර් රථයේ සුන්දර අත්දැකීම විඳ ගැනීමට තව කලක් බල සිටීමට සිදුව ඇත්තේ එය වාණිජ වශයෙන් වෙළඳපොළට නිකුත් කිරීමට තවමත් ෂෙල් සමාගමේ සුදානමක් නැති බැවිනි.

මෙම මෝටර් රථය රියදුරා ඇතුළු තිදෙනෙකුට පහසුවෙන් ගමන් කිරීමට හැකි කුඩා ප්‍රමාණයේ එකකි. එය දිගින් මීටර් 1.5ක් ද, පළලින් මීටර් 1.3 ක් ද සහ උසින් මීටර් 1.5ක් ද වේ. මේ නිසා මාර්ග තද බදය උපරිමේටම තියෙන නගරයක පවා එය පහසුවෙන් පරිහරණය කල හැකිය. එමෙන්ම රිවර්ස් කිරීම සහ පාර්ක් කිරීම ලොකු ගැටළුවක් නොවනු නොඅනුමානයි.

 අනෙක් අතට මෙහි ඉන්ධන පාරිභෝජනයේ ඉහළ කාර්යක්ෂමතාවයක් තිබේ. මෙයට කිලෝ මීටර් 100ක් යාමට වය වන්නේ පෙට්‍රල්  ලීටර් 2.5 කි. ෂෙල් සමාගමේ ඉංජිනේරුවකු  කියන්නේ සාමාන්‍ය SUV රථයක් නිපදවීමට යන ශක්තියෙන්, මෙම මෝටර් රථය නිෂ්පාදනය කර කිලෝ මීටර් ලක්ෂයකටත්  වඩා ධාවනය කර හැකි බවයි. මෙහි උපරිම වේගය පැයට කිලෝ මීටර් 110ක් වුවත් පැයට කිලෝ මීටර් 70ක් පමණ වේගයෙන් එය ධාවනය කිරීම වඩා සුදුසු  බව සමාගමේ නිලධාරීහු කියති.

ලොව බොහොමයක් මෝටර් රථ වලට වඩා පරිසර හිතකාමී අතින් සිටි කාර් රථය ඉදිරියෙන්ම සිටියි. අඩුම කාබන් විමෝචක තත්වයක් තිබීම මෙම රථයේ අනෙක් ප්‍රධානතම වාසියකි. එය කෙතරම් ප්‍රශස්ත ද කියතොත්, සාමාන්‍ය හයිබ්‍රිඩ් මෝටර් රථයකින් හතරෙන් එකකටත් වඩා අඩු කාබන් විමෝචක තත්වයක් මෙම රථයට තිබේ. එමෙන්ම මෙම මෝටර් රථය නිපදවා ඇත්තේ ප්‍රතිචක්‍රියකරණය කරන ලද කාබන් තන්තු වලිනි. කාබන් තන්තු ඉතා සැහැල්ලු වන අතර නිෂ්පාදන පිරිවය ද ඉතා අඩුයි. මේවා බොහොමයක් රේසින් කාර් නිපදවීම සඳහා යොදා ගැනේ. කාබන් තන්තු යොදා ගැනීම නිසා  රථයේ බර කිලෝ ග්‍රාම 550ක් තරම් සාපේක්ෂව ඉතා අඩු බරක් දක්වා අඩු කිරීමට බලධාරීහු පවසති.

අනාගතයේ දවසක අපගේ මන් මාවත් වලත් දිවයනු ඇති අපේක්ෂා කළ හැකි ෂෙල් සිටි කාර් වල අනෙක් කාර් වලට වඩා අමුතු විශේෂාංග ඇත. මේවයේ දෙපසට අරින දොරවල් නොමැත. ඒ වෙනුවට වහලය සමග රථයේ ඉදිරිපස කොටස ඉහලට එසවිය යුතුය. දෙපස බලන කණ්නාඩි සිටි කාර් වල නොමැත. ඒ වෙනුවට කැමරා මගින්  වාහනය වටා ඇති තොරතුරු තිරයක් මගින් රියදුරාට පෙන්වයි. එමෙන්ම වායුගතික විද්‍යා සංකල්ප රැසක් යොදාගනිමින් වායු ප්‍රතිරෝධය අවම වන ආකාරයට මෙම රථයේ හැඩය නිපදවා ඇත.

 

එමෙන්ම මෙහි ඇත්තේ 600cc ධාරිතාවයක් සහිත සිලින්ඩර 3නේ  පෙට්‍රල් එන්ජිමකි. එබැවින් මෙම රථය කුඩා වුවත් එහි බලය අතින් නම් එතරම් කුඩා විය නොහැකි බව රහසක් නොවේ.

ලෝක ජනගහනය ගැන පරීක්ෂණ පවත්වන විද්යන්ගයන්ගේ මතය නම්  ඉදිරි අඩසියවස තුල  ලෝක ජනගහනයෙන් 4න් 3ක්ම නගර කරා ඇදෙන බවත්ය. එවිට ඉහල යන ඉඩ පහසුකම් ඉල්ලුමටත්, ඉන්ධන ඇතුළු බලශක්ති අවශ්‍යතා සඳහාත් දැනට වඩා වෙනස්, ඉහල කාර්යක්ෂමතාවයකින් යුතු මෝටර් රථ ප්‍රවාහන ක්ෂේත්‍රයට හඳුන්වා දිය යුතු බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ. එවැනි තත්වයක් මත දැන් සිටම පරිස්ක්ෂණ පවත්වමින් ෂෙල් සිටි කාර් වැනි මෝටර් රථ නිපදවීම සැමදෙනා විසින්ම  අගය කළ යුතු දෙයක් බව රෝදහතරේ අදහසයි.

 

උපුටා ගැනීම හෝ මොන යම් ආකාරයකින් වෙනත් ස්ථානයක වෙබ් අඩවියේ අවසරයකින් තොරව පළ කිරීම සපුරා තහනම් වේ. සියලු හිමිකම් RodaHathara.com වෙබ් අඩවිය සතුය.  

Facebook Comments

About Admin