Breaking News
Home / Ignition System / ස්පාර්ක් ප්ලග් Spark Plugs
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

ස්පාර්ක් ප්ලග් Spark Plugs

පෙට්‍රල් එන්ජින් වල සිලින්ඩර තුල ඇති පෙට්‍රල්  වාතය මිශ්‍රණය  දහනය කිරීම සඳහා අවශ්‍ය වන විදුලි පුලිඟුව ඇති කරනු ලබන්නේ ස්පාර්ක් ප්ලග් එක මගිනි. ස්පාර්ක් ප්ලග් එකේ කෙලවර ඇති ඉලෙක්ට්‍රෝඩ දෙක  අතරින්  අහසේ විදුලි කොටන ආකාරයට විදුලියක්  ගමන් කරයි. වාතය හරහා හොඳින් විදුලිය ගමන් කිරීමට නම් එම විදුලිය  ඉතා ඉහළ වෝල්ටීයතාවයකින් යුක්ත  විය යුතුයි. මේ නිසා ස්පාර්ක් ප්ලග් එකක වෝල්ටීයතාවය 40,000 සිට 100 000 දක්වා ඕනෑම අගයක් ගත හැකිය.

ස්පාර්ක් ප්ලග් එකක ඉලෙක්ට්‍රෝඩ දෙකක් තිබේ. ඉන් එකක් ස්පාර්ක් ප්ලග් එකේ මැදින් තිබෙන අතර අනෙක පිටතින් තිබේ. මැද ඇති ඉලෙක්ට්‍රෝඩය පිටත එකෙන් වෙන් වන්නේ පෝසිලෙන් වලින් තැනූ පරිවාරකයක් මගිනි. ඉලෙක්ට්‍රෝඩ දෙක ස්පාර්ක් ප්ලග් එකේ එක කෙලවරකින් එකිනෙකට ඉතා ආසන්නව, නමුත් ස්පර්ශ නොවී පවතියි. විදුලියේ ඇති අධි වෝල්ටීයතාවය නිසා මේ දෙක අතරින් විදුලිය එක ඉලෙක්ට්‍රෝඩයකින් අනෙකට වාතය හරහා පනිනු ලැබේ.

ස්පාර්ක් ප්ලග් එකට අධි වෝල්ටීයතා විදුලිය සපයනු ලබන්නේ ඉග්නිෂන් කොයිල් එකෙනි. එය ඩිස්ට්‍රිබියුටරය හරහා අධි වෝල්ටීයතා වයරයක් තුලින් ස්පාර්ක් ප්ලග් එකේ මධ්‍ය ඉලෙක්ට්‍රෝඩයට ලබා දේ. පිටතින් ඇති ඉලෙක්ට්‍රෝඩය ලෝහ ස්පාර්ක් ප්ලග් එකේ ඇති ලෝහ කොපුවකට පාස්සා ඇත. මෙම ලෝහ කොපුව සිලින්ඩර් හෙඩ් එකේ ඊට අදාළ ලෝහමය සිදුරට සම්බන්ධ  වේ (බැටරියේ ඍන අග්‍රයට සම්බන්ධ වේ).

ඉග්නිෂන් කොයිල් එකේ ඇතිවන අධිකවෝල්ටීයතාවය ඩිස්ට්‍රිබියුටරය හරහා ස්පාර්ක් ප්ලග් එකේ මැද ඇති ඉලෙක්ට්‍රෝඩයට පැමිණේ. ඒ තුලින් ගමන් කර ඉලෙක්ට්‍රෝඩ දෙක අතරින් පුලින්ගුවක් සේ ගමන් කර පිටත ඉලෙක්ට්‍රෝඩය හරහා භූගත වෙමින් ද්විතීයික පරිපථය සම්පූර්ණ කරයි.

නිසි පරිදි පුලිඟුවක් ඇති වීම සඳහා පුලිගු පේනු අතර නියමිත දුරක් පැවතිය යුතුය. එය සාමාන්‍යයෙන් අඟල් 0.018 – 0.040 දක්වා වෙනස් විය හැකි අතර විවිධ එන්ජින් සඳහා මෙම අගයන් වෙනස් වේ. නියමිත දුරක් නොතිබීම නිසා ස්පාර්ක් ප්ලග් වල කාර්යක්ෂමතාවය අඩු වී යා හැකිය. ස්පාර්ක් ප්ලග් වල අධික උෂ්ණත්වයත් සමග ඉලෙක්ට්‍රෝඩය ක්ෂය වී යාම නිසා  මෙම දුර වැඩි වී යාහැකිය. පුලිඟු පේනු අතර දුර සකස් කරන්නේ පිටත ඉලෙක්ට්‍රෝඩය ඇතුලට හෝ පිටතට නැවීම මඟිනි. සාමාන්‍යයෙන් කිලෝමීටර් 5000 කට සැරයක්වත් ස්පාර්ක් ප්ලග් ගලවා මෙම දුර පරික්ෂා කල යුතුයි.

සාමාන්‍යයෙන් පැරණි වාහනවල් නම් කිලෝමීටර් 5000 කට සැරයක්වත් ස්පාර්ක් ප්ලග් මාරු කිරීමට සිදුවේ. නමුත් නූතන වාහන වල නම් කිලෝමීටර් 10000 – 20000 දක්වා වගේ කාලයක් ස්පාර්ක් ප්ලග් භාවිතා කිරිමට හැකිවේ. නමුත් ස්පාර්ක් ප්ලග් වල වර්ගය මත ද ඒවායේ කාල සීමාව රඳා පවතී.

එමෙන්ම පෙට්‍රල් වල පවතින කාබන් ප්‍රමාණය, එන්ජිමේ උෂ්ණත්වය යන දේ මතත් මෙය රඳා පවතී.

 

 

 

Facebook Comments

About Admin

Check Also

සර්පන්ටයින් බෙල්ට් Serpentine Belts

සර්පෙන්ටයින් බෙල්ට් යනු නුතන වාහනවල දක්නට ලැබෙන එක්තරා බෙල්ට් විශේෂයකි. එන්ජිමේ සියලුම කරකැවෙන කොටස් ක්‍රියාත්මක …