Breaking News
Home / Mechanical Knowledge / එයාර් බෑග් SRS AIR BAGS
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

එයාර් බෑග් SRS AIR BAGS

ඇසිපිය හෙළන තත්පරයක පංගුවකින් සිදු විය හැකි මහා අනතුරකින් මගීන්ගේත්, රියදුරාගේත් දිවි බේරා දෙන වටිනා ආරක්ෂක උපාංගයක් ලෙස එයාර් බෑග් හඳුනවාදිය හැකිය. අනතුරකදී වේගයෙන් ධාවනය වන රථයක් එකවර නැවතුනු විට එහි සිටින්නවුන් ඉදිරියට විසි වීම අනිවාර්යයෙන් සිදු වෙන දෙයකි. එවිට ඉදිරිපස තිබෙන වීදුරුවේ, ඩෑෂ්බෝර්ඩ් එකේ  හෝ සුක්කානමේ  වැනි දෙවල්හි ගැටී සිදුවිය හැකි මාරාන්තික හානි සිදු වීම සුලභ දෙයකි. නමුත් අනතුරකදී එකවර පිම්බෙන එයාර් බෑග් වලින් මගියාව එම දෙවල්හි ගැටීම වලක්වනු ලැබේ.

වර්ෂ 1952 දී ජෝන් හැට්රික්  නමැති අයෙකු විසින් සොයා ගන්නා ලද මේ SRS airbags එක මේ වනවිට සෑම අලුත් රථයකම පාහේ තිබෙන අනිවාර්ය අංගයකි.

නයිලෝන්, ද්‍රව්‍යකින් තනා ඇති එයාර් බෑග් එක සුක්කානම, ඩෑෂ්බෝර්ඩ්, දොරවල් සහ ආසන වැනි අංගෝපාංග තුල සවි කර ඇත. එමෙන්ම වාහනයේ හදිසි ඝට්ටනයක් දැන ගැනීම සඳහා ඉදිරිපස සෙන්සර් එකක් තිබේ. මෙමගින් 16-24 kmph ට වැඩි වේගයන් වලදී සිදු වන ඝට්ටනයන් සංවේදනය කර ecu එක වෙත ඒ බව දැනුම් දෙයි. එවිට ecu එක මඟින් එයාර් බෑග් පද්ධතිය එක ක්‍රියාත්මක කල යුතුද යන්න තීරණය කරයි.

එය්යර් බෑග් වැඩ කළ යුතු නම් ඊට අදාළ රසායනික ක්‍රියාව ඇති කරවීම සඳහා circuit එකක් මඟින් දහනයක් ඇති කරවයි. එවිට සෝඩියම් ඒසයිඩ් නම් පුපුරනකාරන රසායනිකය එකවරම දහනය වී හයිඩ්‍රජන් වායුව ඇති කරවයි.

එමගින් එයාර් බෑග් මිලි තත්පර 20ක් වැනි කෙටි කාලයකදී  ක්ෂණිකවම පිම්බෙන අතර මගීන් ඉදිරියට විසි වීම වළකාලයි.

නමුත් මෙම එයාර් බෑග් දිගටම පිම්බී තිබෙන්නේ නැත. මගීන් සහ රියැදුරා එම එයාර් බෑග් වල වැදුණු කල ඒවා නැවතත් හිස් වීමට පටන් ගනී. එහි ඇති සියුම් හිල් හරහා හයිඩ්‍රජන් වායුව පිටතට නිදහස් වන අතර එයාර් බෑග් ඇකිලී යයි. එයාර්බෑග් වලට සිරවී හුස්ම ගැනීමටත්, සෙලවීමටත් ඇති අපහසුතාවය මෙමගින් නැති වී යයි.

එයාර් බෑග් වල හරි නම SRS Air Bag ය. SRS යනු Supplemental Restraint System වේ. එනම් ද්විතීයික ආරක්ෂාවක් ලබා දෙන උපකරණයක් යන්නයි.

එයාර් බෑග් වල ක්‍රියාව හරියට ම සිදුවීමට නම් සෙට් බෙල්ට් පැළඳ සිටිය යුතුවේ. දෙපසට හෝ එයාර් බෑග් ස්ථානගත නොකර ඇති වෙනත් දිශාවක් කරා විසි වීම වැලක්වීමටත්, එයාර් බෑග් ක්‍රියාත්මක වීමට තරම් ප්‍රමාණවත් නොවන අනතුරකදී විසිවීම වැලක්වීමටත් සීට් බෙල්ට් අත්‍යවශ්‍ය වේ.

එයාර් බෑග් වලින් ආරක්ෂාවක් සැපයෙනවා සේම, එමගින් අනතුරුද සිදු විය හැකිය. විවිධ දෝෂ සහගත තත්වයන් නිසා අවේලාවේ එයාර් බෑග් පිම්බීම නිසා මගීන්ට අනතුරු වන අවස්ථා තිබේ. ඉතා වේගයෙන් පිම්බෙන එයාර් බෑග් එකක් මගීන්ගේ ඇඟෙහි වැදුනොත් විශාල හානියක් සිදු විය හැකිය. ඒ නිසා එයාර් බෑග් එකට අවම වශයෙන් අඟල් 10 වහ ඈතින් සිටිය යුතු බව විවිධ පරීක්ෂණ වලින් හෙළි වී තිබේ. ඒ සඳහා රියදුරාට නම්, සුක්කානමේ සිට පපුව දක්වා අඟල් 10ක් දුරක් තිබිය යුතුය.

එමෙන්ම එයාර් බෑග් එක නිසි ලෙස වැඩ කරනවාද කියා දැනගැනීමට වාහනය කලින් කලට ස්කෑන් යන්ත්‍රයකට සම්බන්ධ කර පරික්ෂ කළ යුතු වේ. එමෙන්ම ඩෑෂ්බෝර්ඩ් එකේ SRS බල්බ් එක මඟින් ද එම පද්ධතියේ ඇති දෝෂ තත්වයන් දක්වනු ලැබේ. නමුත් එම බල්බය සීට් බෙල්ට් වල දෝෂ නිසාද දැල්විමට ඉඩකඩ ඇත.

 

 

 

Facebook Comments

About Admin

Check Also

එයාර් සස්පෙන්ෂන් Air Suspension

මෝටර් රථයක සස්පෙන්ෂන් පද්ධතියේ අත්‍යවශ්‍යම අංගයක් ලෙස ෂොක් ඇබ්සොර්බර් හඳුන්වාදිය හැකිය. බොහොමයක් මෝටර් රථ වල …