Breaking News
Home / Exterior / වාහනේ පිවිතුරු බව රැක ගන්න වටිනා ඔවදන් 6 ක්
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

වාහනේ පිවිතුරු බව රැක ගන්න වටිනා ඔවදන් 6 ක්

වාහනේ ලස්සනට තියාගන්න අපි කොච්චර මහන්සි වෙනවද? සර්විස් ස්ටේෂන් වලට දහස් ගණන් සල්ලි දීල, හෝදලා නාවල කරලා ආදරෙන් වාහනේ රැක බලාගන්නේ එක ලස්සනට තියාගන්න ඕන නිසා. නමුත් අපි මහන්සි වෙලා කරන සමහර දේවල් බොහොම සරල ව සහ අඩුම වියදමකින් කරන්න පුළුවන් කියලත් ගොඩක් අය දන්නේ නැහැ. මේ කියන්න යන දේවල් ටික නම් ඔබ මීට කලින් අහල නැතුවම ඇති. බලමු මෙතනින් කීයක් ඔයාට අලුත් ද කියල.

 

1. මූණේ ගාන පවුඩර් වලින් ලෙදර් සීට් වල තියෙන පැල්ලම් යවන්න පුළුවන් – ලෙදර් සීට් කවර සෑහෙන ගණන්. ඒ වගේම ඒව ඉක්මනට ජරා වෙන්නත් බලනවා. පොඩි බබාලගේ වගේ මූණේ ගාන පවුඩර් ටිකක් අරන්, ලෙදර් සීට් වල තියෙන තීන්ත පැල්ලමක් උඩට දාල රැයක් වගේ තියන්න බලන්න. පහුවෙනිදා උදේට තව රෙදි කෑල්ලකින් පිහ දැම්මම පැල්ලම නිකම්ම යනවා.

2. වාහනේ හෝදනකොට පැල්ලම්සෙ නොහිටින්න නම් සෙවණක සෝදන්න – හෝදලා ඉවර උනාම සමහර වාහන වල රවුමට හෝදපු සහ පිස දාපු පැල්ලම් දකින්න පුළුවන්. එහෙම වෙන්නේ අවුවේ වාහනේ වේලෙන්න ඇරියම. හෙවන තැනක ඉඳන් වාහනේ පිස දැම්මම එහෙම වෙන්නේ නෑ කියල අද ඉඳන් දැන ගන්න.

3. පාන්පිටි වලින් වැඩිපුර තියෙන පොලිෂ් හෝ වැක්ස් අයින් කරන්න පුළුවන් – වාහනේ පොලිෂ් කරලා හෝ වැක්ස් කරලා ඉවර උනාම සමහර තැන් වල ඒවා වැඩියෙන් ඉතුරු වෙලා තියෙන්න පුළුවන්. මේවට වැඩි වැඩියෙන් අපවිත්‍ර දූවිලි අවශෝෂණය කර ගන්නවා. ඒ නිසා කරන්න තියෙන්නේ පාන් පිටි ටිකක් අරන් ඒ වැක්ස් හෝ පොලිෂ් ටික සුද්ද කරලා දාන එකයි.

4. පරණ පත්තර වලින් වීදුරු පිස දාන්න – වාහනේ හෝදලා ඉවර උනාම වීදුරු වලට ලස්සන දිස්නයක් ලබා දෙන්න ආස නම් කරන්න තියෙන්නේ ඒව පත්තර කඩදාසියක් අරන් හොඳට පිස දාන එක. මේ පත්තර වලට පුළුවන් වීදුරුවල තියෙන පැල්ලම් හොඳට ඉවත් කරන්න. මීට පස්සේ වාහනේ හෝදලා ඉවර වෙලා මෙහෙම කරලා බලන්නකෝ.

5. තෙත ටිෂු පැකට් එකක් කොයි වෙලෙත් ළඟ තියාගන්න – පැල්ලමක් ඇති උනාම එක ඉවත් කරන්න තියෙන හොඳම වෙලාව තමයි එක වැටිච්ච වෙලාවේම පිස දාන එක. එත් ඒ වැඩේට හැම තිස්සෙම වතුර හොයාගන්න බැහැනේ. එත්  මුණ පිස දාන්න ගන්න තෙත ටිෂු කෑල්ලක් තියෙනවනම් ඒ පැල්ලම් හැකි ඉක්මනටම පිස දාල අරින්න පුළුවන්. ඒකට ඉතින් තෙත ටිෂු පැකට් එකක් කොයි වේලාවෙත් වාහනේ ඇතුලේ තියාගන්න ඕනේ.

6. කප් හෝල්ඩර්ස් සහ ග්ලොව් බොක්ස් එක ඇතුලට ස්පොන්ජ් එකක් දාල තියන්න  – ඔය කප් හෝල්ඩර්ස් වගේ ඒවා ඇතුලට එක එක දේවල් වැටුනම ආපහු අයින් කරන්න අමාරුයි. ඒ වගේම ඒවායේ හොඳට දුවිලි එකතු වෙන්න පුළුවන්. ඒ නිසා රවුමට කපා ගත්තු ස්පොන්ජ් කෑල්ලක් ඒවා ඇතුලට දාල තියා ගන්න. එතකොට ඒ ඔක්කොම ස්පොන්ජ් එක ඇතුළට එකතු වේවි. පස්සේ ස්පොන්ග්ජ් එකම එලියට අරන් ඔක්කොම එකට අයින් කරන්න පුළුවන්.

Facebook Comments

About Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *