Breaking News
Home / Troubleshooting Problems / වාහන වලින් එන සද්ද බද්ද
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

වාහන වලින් එන සද්ද බද්ද

වාහනයක් කියන්නේ එහාට මෙහාට අරන් යන්න පුළුවන් යන්ත්‍රයක්. ඒ වගේම යකඩ ගොඩක්. මේකේ කොහේ හරි ප්‍රශ්නයක් ඇති උනොත් වාහනේ එක දරාගෙන නිකන් ඉන්නේ නෑ. කෑගහල මේකයි කියල කියන්න බැරි උනාට, යම් අදහසක් ගන්න පුළුවන් අවේණික සද්දයක් ඒ දෝෂය නිසා මතු වෙන්න පුළුවන්. මේ සමහර දෝෂ පහසුවෙන්ම කාර්මික දැනුමක් නැති අයෙකුට උනත්, මේකයි කියල කියාගන්න පුළුවන් තරම් සරල දේවල්.

සුක්කනමෙන් එන ක්ලික් සද්ද.

සුක්කානම කරකවනකොට, එක ඇතුලේ පළා පෙත්තෙක්  කෑගහනවා වගේ සද්දයක් එන්න පුලුවන. එය බොහෝ වෙලාවට,

  • බෙයාරින් වල දෝෂ
  • cv ජොයින්ට් වල දෝෂ
  • ස්ටියරින් වීල් ෆ්ලුයිඩ් අඩු කම

නිසා ඇති වෙන්න පුළුවන්.

මෙහෙම උනොත් පමා කරන්නේ නැතුව කාර්මිකයෙකු ගාවට ගෙනිහින් දාල බලවන්න. ඔය සුක්කානමනේ වාහනේ හරි පාරේ තියාගන්න. ඒ නිසා ඕක නැතුව කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා මේක අනිවාර්යෙන්ම සලකා බැලිය යුතු ගැටළුවක්.

බ්රේක් වලින් එන ඇතිල්ලෙන සද්ද.

  • බ්රේක් පෑඩ් ගෙවී තිබීම.
  • බ්රේක් ශූස්, ලයිනින්, ඩ්‍රම් වගේ ඒවායේ දෝෂ

නිසා සිදු වෙන්නත් පුළුවන්.

වර්තමානයේ බ්රේක් පෑඩ් හදල තියෙන්නේ ඒවා ගෙවෙනකොට සද්දයක් එන විදියට. එතකොට දැනගන්න පුළුවන් බ්රේක් පෑඩ් අලුතින් දාන්න කිට්ටුයි කියල.

රෝද වලින් එන ගොරවන වගේ සද්ද.

  • වීල් බෙයාරින් බුරුල් වීම
  • cv ජොයින්ට් වැඩ නොකිරීම
  • ටයර් ත්‍රෙඩ් ගෙවී තිබීම

නිසා සිදු වෙන්නත් පුළුවන්.

රෝද වලින් සාමාන්‍යයෙන් කිසිදු සද්දයක් පැමිණිය නොහැක. ඒ නිසා සද්ද බද්ද එනවා නම් කාර්මිකයෙකු ලව්වා පරික්ෂා කර ගන්න ඕනේ.

Facebook Comments

About Admin

Check Also

alternator problems - leading automobile magazine sri lanka

ඔල්ටර්නේටරයේ දෝෂ ලක්ෂණ

ඩෑෂ්බෝර්ඩ් එකේ දැක්වෙන සරල සංඥාවකින්, ඩිම් වුනු හෙඩ් ලයිට් එකකින් හෝ පන ගැන්වීමට අපහසු අවස්ථාවකින් …