Breaking News
Home / Fuel / ටර්බෝචාජර් Turbochargers ගැන දැන ගනිමු
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

ටර්බෝචාජර් Turbochargers ගැන දැන ගනිමු

ටර්බෝචාජරයක් යනු එන්ජිමේ පිටාර වාතය මඟින් ක්‍රියාත්මක වනු ලබන එන්ජිමේ බලය වැඩි කිරීමට උපයෝගී කරගන්නා උපකරණයකි.

පිස්ටන් වලින්  වැඩ කරන එන්ජිමක සිලින්ඩර් තුලට වාතය උර ගන්නේ පිස්ටන් පහලට ගමන් කරන විටයි. ඇක්සලේටරය පෑගීමෙන් මෙසේ ලබා ගත හැකි වාතය ප්‍රමාණය වැඩි කිරීමෙන් එන්ජිම වැඩි වේගයකින් ක්‍රියාත්මක වීමට සලස්වයි. එනම්, ඇක්සලේටරය පාගන විට වැඩි වන්නේ ඇතුළු වන ඉන්ධන ප්‍රමාණය නොව, වාතය ප්‍රමාණය පාලනය කිරීමයි.

ටර්බෝ චාජරයකින් එන්ජිමට ලබා ගත හැකි වාතය ප්‍රමාණය වැඩි කරනු ලබයි.

ටර්බෝචාරයේ ඇති ටර්බයිනය එන්ජිමේ  පිටාර වාතය පිට වන නලයකටද, එහි ඇති කොම්ප්‍රෙෂරය එන්ජිමට වාතය උරාගන්නා නලයකටද සම්බන්ධ කර ඇත. පිටාර වාතය නිසා ටර්බයිනය කැරකී එමගින් කොම්ප්‍රෙෂරය ද කරකැවීමට භාජනය කරවයි. කොම්ප්රෙෂරය කරකැවී වාතය එතුළට උරාගනී. එමගින් එන්ජිමට ඇතුළු වන වාතය ප්‍රමාණය, සාමාන්‍යයෙන් ඇතුළු වන ප්‍රමාණයට වඩා වැඩි කරවයි. එවිට වැඩි පෙට්‍රල් ප්‍රමාණයක් සමග වාතය වැඩි ප්‍රමාණයක් මුසු වී දහනයට ලක් වී එන්ජිමේ බලය වැඩි කරවයි.

නමුත් ටර්බෝ චාජරය නිතරම වැඩ නොකරයි. එය වැඩි කිරීමට පිටවන  පිටාර වාතයේ පීඩනය එක්තරා ප්‍රමාණයකට වඩා වැඩි විය යුතුයි. ඒ සඳහා එන්ජිම මිනිත්තුවකට වට (rpm) 2000-3000 වගේ වැඩි අගයකට පත් විය යුතුය. නමුත් එය ක්‍රියාත්මක වූ සැනින් විශාල බලයක් ඇති වී විශාල ත්වරණයක් ලබා ගත හැකිය.

මුලදී මේවා ස්පෝර්ට්ස් කාර් වල ආ නමුත් පසු කාලීනව බර වාහනවල විශාල එන්ජින් වෙනුවට ටර්බෝ චාජර් සහිත කුඩා එන්ජින් යොදා ගැනුනි. මෙම එන්ජින් වලට බරක් ඇදිය යුතු වෙලාවට වැඩි බලයක් නිපදවිය හැකි අතර, අනවශ්‍ය වෙලාවට අඩු ඉන්ධන ප්‍රමාණයක් ලබා ගෙන කුඩා බලයක් නිපදවිය හැකිය.

සාමාන්‍යයෙන් ටර්බෝ එන්ජින් වලට හයි ඔක්ටේන් ඉන්ධන යොදා ගනු ලැබේ. එමෙන්ම බොහෝ ඩිසල් රථ වල ටර්බෝ එන්ජින් දැකිය හැකිය.

 

 

Facebook Comments

About Admin

Check Also

පෙට්‍රල් ඩීසල් මාරු කරලා ගැහුවොත් මොකද වෙන්නේ?

පෙට්‍රල් එන්ජිමකට ඩීසල් දැම්මොත්? හදිසියට හා නොදැනුවත්කම නිසා බොහෝ දෙනෙකු අතින් වැරදි සිදුවේ. ඩීසල් පෙට්‍රල් …