Breaking News
Home / Troubleshooting Problems / ගංවතුරට අහු වෙලා එන්ජිමට වතුර ගියොත්?
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

ගංවතුරට අහු වෙලා එන්ජිමට වතුර ගියොත්?

වාහනයකට ඇති වටිනාම දෙයක් වනුයේ එහි හදවත බඳු එන්ජිමයි. එන්ජිම නතර උනොත් මුළු වාහනයම එන හිටි.මෙසේ එන්ජිම නතර විය හැකි ප්‍රධානතම ක්‍රමයක් වනුයේ එන්ජිමට වතුර යාමයි. ප්‍රධාන වශයෙන් ගංවතුරට හසු වීමෙන් ද, හානි වූ එයාර් ක්ලින්ර් හා හෝස් වලින්  එන්ජිමට වතුර ඇද ගැනීමෙන් ද, දෝෂ සහිත ඉන්ජෙක්ටර් චේම්බර් සහ පලුදු වූ ගස්කට් ද, අධික රත්වීමට ලක්වී පලුදු වූ හෙඩ් එක හරහා ද එන්ජිම තුලට වතුර යාමට හැකිය.

එන්ජිමට වතුර යාමෙන් විය හැකි ප්‍රධානතම දෝෂය තමයි කනේක්ටින් රෝඩ් ඇද වීමයි. පිස්ටන් හා ක්‍රෑන්ක් ශෆ්ට් එක සම්බන්ධ කරනුයේ කනේක්ටින් රෝඩ් මගිනි. එමෙන්ම වතුර, එන්ජින් ඔයිල් සමග මුසු වීමෙන් එහි ක්‍රියාකාරීත්වය නිසි ලෙස සිදු නොවී ලිහිසිකාරක ස්වභාවය තුරන් වී බෙයාරින් වැනි දේ ගෙවී යාමට ලක්වේ. මේ තත්වයන් මත එන්ජිම පණ ගැන්වීමට නොහැකි වන අතර එන්ජිමේ සියලුම පද්ධතීන් පාහේ දෝෂයන් වලට ලක්වේ.

ගංවතුරට හසු වූ වාහනයක් නම් වතුර තිබියදී ම පණ ගැන්වීමට යාමෙන් සිලින්ඩර් තුලට වතුර ඇතුළු වී ඉහත දෝෂයන් වලට ලක් විය හැකිය. ඒ නිසා වතුර ගිය කිසිම වාහනයක් මොනම හේතුවක් නිසාවත් පණ ගන්වන්න එපා. ඒ නිසා කල යුතු එකම දේ වනුයේ ළගම පිහිටි ගරාජයකට ඇද ගෙන ගොස් එහි සිටින කාර්මිකයෙකු ලවා යථා තත්වයට පත් කර ගැනීමයි.

එසේ ගරාජයකට ගෙන ගොස් දැමු පසු වතුර ඉවත් කර පණ ගැන්වීමට හැකිය. නමුත් අවාසනාවකට හෝ එන්ජිමට වතුර ගොස් අලුත්වැඩියාවක් කිරීමට සිදුව ඇත්තේ නම්, ඒ සඳහා විශාල මුදලක් සහ ශ්‍රමයක් වැයවේ. ඒ බැවින් කිසිම විටෙක වතුරට හසු වූ වාහනයක් පණ ගැන්වීමෙන් වළකින්න. ඒ මෙන්ම වතුර යාමට හැකි හේතු ඔබේ රථයේ තිබේ නම් ඒවා හැකි ඉක්මනින් යථා තත්වයට පත් කර ගැනීමටත්, මොනම හේතුවක් නිසාවත් වාහනය සිතා මතා ජලයේ නොදමීමටත් වග බලා ගත යුතුය.

 

 

Facebook Comments

About Admin

Check Also

alternator problems - leading automobile magazine sri lanka

ඔල්ටර්නේටරයේ දෝෂ ලක්ෂණ

ඩෑෂ්බෝර්ඩ් එකේ දැක්වෙන සරල සංඥාවකින්, ඩිම් වුනු හෙඩ් ලයිට් එකකින් හෝ පන ගැන්වීමට අපහසු අවස්ථාවකින් …