Breaking News
Home / Fuel / පිටාර දුමෙන් කියවෙන රෝග ලක්ෂණ
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

පිටාර දුමෙන් කියවෙන රෝග ලක්ෂණ

වාහනේ දුම් බටයෙන් වෙනදා දැකල නැති තරම්, ඝන දුමක් එනවනම් ටිකක් වැඩියෙන් හිතන්න ඕනේ. මොකද ඒක සමහරවිට වාහනයට අලුත්වැඩියාවක් අවශ්‍ය බවට පෙරවදනක් වෙන්න පුළුවන් නිසා. සතෙකුට තියෙන ලෙඩක්  අසුචි වල වර්ණයෙන් කියන්න පශු වෛද්‍යවරුන්ට පුළුවන් සේම, වාහනේ දුම් බටන් පිටවන දුමෙන් කියන්න පුළුවන් වාහනේ තියෙන්නේ මොන ලෙඩක්ද කියල. එන්ජිම ඉන්ධන දහනය කරලා දුම හදන අතර වාරයේ ගොඩාක් දේවල් එන්ජිම ඇතුලේ සිද්ද වෙනවා. අවාසනාවකට මෙයින් ඇතැම් දේවල් ඇත්තටම හොඳ වාහනේක සිදු නොවිය යුතු දේවල්. ඒ මොනවද කියල කියුවොත්, එන්ජින් ඔයිල් පිච්චෙන එක, කූලන්ට් වාෂ්ප වෙන එක සහ ඉන්ධන හරියාකාරව පිච්චෙන්නේ නැතුව දුම් බටෙන් පිටවෙලා යාම වගේ දේවල් ගන්න පුළුවන්.

අද අපි මේ ලිපියෙන් කියන්න හදන්නේ ඒ වගේ දුම් වල වර්ණයෙන් සහ ගන්ධයෙන් කියන්න පුලුවන් රෝග ලක්ෂණ කිහිපයක් ගැනයි. මුලින්ම බලමු ගොඩක් වෙලාවට එන්න පුළුවන් ලක්ෂණ කිහිපයක් ගැන.

  1. නිල් හෝ අළු පැහැති දුම.
  2. සුදු දුම හෝ ජාල වාෂ්ප සහිත දුම (විශේෂයෙන්ම සීතල උදාසනවල දී)
  3. කළු හෝ තද පැහැති දුම
  4. පෙට්‍රල් හෝ ඩිසල් ගඳ සහිත දුමත් සමග වාහනේ ඉන්ධන කාර්යක්ෂමතාවය සැලකිය යුතු ලෙස අඩු වීම.

දැන් මේවා එකකට එකක් විස්තරාත්මකව බලමු.

ලක්ෂණය – නිල් හෝ අළු පැහැති දුම. ඒත් තද නිලට නැති උනාට පොඩියට ලාවට නිල් පැහැයක් සාමාන්‍ය දුමේ තියෙන්නත් පුළුවන්. ඔබට මේ වගේ දුමක් වාහනේ ස්ටාර්ට් කරාම දකින්න පුළුවන්. සමහරවිට මේක ටිකක් වෙලා යද්දී (එන්ජිම රත් උනාම) නැති වෙලා යන්නත් පුළුවන්.  ඇයි මෙහෙම වෙන්නේ?

හේතු

  • පිස්ටන් රින්ග් ගෙවී තිබීම.
  • වෑල්ව් සීල් ගෙවී තිබීම.
  • වෑල්ව් ගයිඩ් ගෙවී තිබීම.

 

ලක්ෂණය – වාහනේ වෙනදට වඩා වැඩියෙන් තෙල් පිච්චෙනවා. ඒ වගේම වෙනදට වඩා කළු දුමත් වැඩියි. හරි වෙලාවට තෙල් මාරු කරත්, තෙල් අඩු වෙලා වගේ. එමෙන්ම ඔබට නොදැනුනත් එන්ජිමේ බලය වෙනදට වඩා අඩු වෙලා වගේ තියෙන්නත් පුළුවන්.

හේතු

  • PCV වෑල්ව් එක නිසි ලෙස වැඩ නොකිරීම.
  • එන්ජිමේ වෙනත් යාන්ත්‍රික දෝෂ තිබීම.
  • පිස්ටන් රින්ග් ගෙවී තිබීම.
  • වෑල්ව් සීල් ගෙවී තිබීම.

 

ලක්ෂණය – සුදු දුම හෝ වතුර වාෂ්ප සහිත දුම. වාහනේ ස්ටාර්ට් කරාම සුදු දුම එන්න පුළුවන්. සීතල උදෑසනක වගේ නම් ඒක සාමාන්‍යයි. වාහනේ රත් උනාමත් දිගින් දිගටම මේ සුදු දුම එනවනම් ඔන්න එතන ගැටළුවක්.

හේතු

  • ගියර් ඔයිල් සිලින්ඩර වලට ඇතුළු වීම.
  • හෙඩ් ගැස්කට් ගෙවී තිබීම.
  • සිලින්ඩර් හෙඩ් එක පළුදු වීම.
  • සිලින්ඩර් බ්ලොක් එක පළුදු වීම.

ලක්ෂණය – වාහනේ ස්ටාර්ට් කරාම කළු දුම එනවා. සමහර විට එන්ජිම රත් උනාම මේක නොපෙනී යන්න හෝ දිගටම තියෙන්නත් පුළුවන්. ඒ වගේම එන්ජිම වෙනද වගේ හොඳට බල සම්පන්න විදියට වැඩ නොකරන්නත් පුළුවන්. එමෙන්ම දුම් බටන් ලාවට මිස් එකක් වගේ එන්නත් පුළුවන්.

හේතු

  • කාර්බියුරේටරයක් තිබේ නම් එහි චෝක් එක අවහිර වෙලා තියෙන්න පුළුවන්.
  • ඉන්ජෙක්ටර්ස් වලින් තෙල්  කාන්දු වීම.
  • එයාර් ෆිල්ටර් එක අපවිත්‍ර ව තිබීම.
  • ඉග්නිෂන් සිස්ටම් එකේ (ජ්වලන පද්ධතියේ) ගැටළුවක් තිබීම.

 

ලක්ෂණය  – වෙනද වගේ ඉන්ධන හොඳට වැඩ කරන්නේ නැහැ. ඒ වගේම දුමෙන් පෙට්‍රල්/ඩිසල් ගඳක් එනවා.

හේතු

  • කාර්බියුරේටරයක් තිබේ නම් එහි චෝක් එක වැසී තිබීම.
  • එන්ජිමේ වෙනත් යාන්ත්‍රික ගැටළු තිබීම.
  • ජ්වලන පද්ධතියේ ටයිමින් වැරදියට සෙට් කරලා තිබීම හෝ එහි වෙනත් ගැටළුවක් තිබීම.
  • පරිගණක පාලන ඒකකයේ ගැටළු තිබීම.
  • එන්ජිම ඕවර් හීට් වීම.
  • ඉන්ජෙක්ටර්ස් බාගෙට ඇරිලා තිබීම.
  • ඉන්ධන  ප්‍රෙෂර් රේගියුලේටර් ඉහල පීඩනයකට වැඩ කිරීම.
Facebook Comments

About Admin

Check Also

සුපර්චාජර් ගැන දැන ගනිමු

  පෙට්‍රල් හෝ ඩිසල් හෝ මොන එන්ජිමක් වුවත් දුවන්නේ ඉන්ධන-වාතය මිශ්‍රණයක් දැවීම තුලින් නිදහස් වන …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *