Breaking News
Home / Exterior / Facelift එකක් කියන්නේ කුමක් ද?
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

Facelift එකක් කියන්නේ කුමක් ද?

වාහන ගැන කතා කරන කොට නිතරම අහන්න ලැබෙන දෙයක් තමයි මේ facelift එකක් කියල කියන්නේ. පත්තරේ ඇඩ් එකක් බැලුවත් සමහර ඒවායේ මේ facelift කතාව දාල තියෙනව. ඇත්තටම මේ facelift එකක් කියන්නේ වාහනයේ දැනට තිබෙන මොඩල් එකක එන්ජිමේ මහා ලොකු වෙනස්කමක් නොකර එහි බාහිර ස්වරූපය වෙනස් කිරීමයි.

Facelift එකක් අවශ්‍ය වන්නේ ඇයි?

සාමාන්‍යයෙන් දැන් තියෙන මාදිලියක් අවසන් කරලා ඒකෙම අලුත් මාදිලියක් එලියට දාන්නේ අවුරුදු 6කට වතාවක් වගේ. යම් මාදිලියක් හඳුන්වල දීල එකේ වැඩි වෙනස්කමක් නොකර සාමාන්‍යයෙන් අවුරුදු 3ක් වගේ එක දිගට විකුනනවා. ඔන්න ඊට පස්සේ එකේ එක එක වෙනස්කම් කරලා ඊළඟ මොඩල් එක එලියට දාන්න කලින් තව අවුරුදු 3ක් විතර ආයෙත් විකුණනවා.  තමන්ගේ වාහන වලට අලුත් දේවල් එකතු කරලා වෙනස් කරන්න වාහන නිෂ්පාදකයෝ හරිම ආසයි. නමුත් අලුතින්ම මොඩල් එකක් හදනවා කියල කියන්නේ සෑහෙන්න මුදලක් යට කරන්න වෙන වැඩක්. ඒ නිසා තියෙන මොඩල් එකකම පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරලා මේකප් එකක් වගේ දාන එක ඊට වඩා ලාබයි.

Facelift එකක කරන්නේ මොන වෙනස්කම් ද?

Facelift එකකදී සාමාන්‍යයෙන් වෙනස්කම් වලට බඳුන් වෙන්නේ ඇණ  මුරිච්චි වලින් වගේ බොඩියට හයි වෙන දේවල්. ඒ කිවුවේ ඉස්සරහ බෆර් එක, හුඩ් එක, ග්‍රිල් එක, ඉස්සරහ සහ පිටුපස ලයිට්ස්, ෆෙන්ඩර්ස් වගේ දේවල්. මොකද මේ දේවල් ලෙහිසියෙන් වෙනස් කරලා බොඩි එකේ කලින් ඒවා තිබුණු තැන් වලටම සෙට් කරන්න පුළුවන් නිසා. සමහර වෙලාවට දොරවල තිබෙන ඉරි වල හැඩය එහෙමත් වෙනස් වෙන වේලාවන් තියෙනවා.  ඒ වගේම හීනියට ක්‍රෝම් ලයින් එකක් වගේ දාන්න හෝ ඉවත් කරන්න පුළුවන්. 

පිටත විතරක් නෙමෙයි ඇතුළතත් මෙලෙස වෙනස්කම් වලට බඳුන් වෙනවා. සීට් වල රෙද්ද සහ මෝස්තරය, ප්ලාස්ටික් ට්‍රිම්, දැව කොටස් වගේ දේවල් මෙහිදී වෙනස් වෙනවා. සමහරක් වෙලාවට ඩෑෂ්බෝර්ඩ් එකේ හැඩයත් වෙනස් වෙන්න පුළුවන් නමුත් ඒක බොහොම සංකීර්ණ දෙයක් නිසා ඒකවෙනස් කිරීම එතරම් බහුල නැහැ. එත්, මීටර් බෝර්ඩ් එක, රේඩියෝ එක වගේ දේවල් වෙනස් වීම නම් දකින්න පුළුවන්. 

මොන දේවල් ද වෙනස් වෙන්නේ නැත්තේ?

සාමාන්‍යයෙන්, බොඩි එකේ ශක්තිය දරාගෙන සිටින කොටස් වල වෙනස්කම් සිදු වෙන්නේ නැහැ. වහල සහ ජනෙල වටේට ඇති කොටස් වගේ දේවල් වෙනස් වෙන්නෙම නැහැ. අලුතෙන් කොටස් එකතු වීම නිසා වාහනයේ දිග නම් වෙනස් වෙනස් වෙන්න පුළුවන්. එත් වීල් බේස් එක (පිටුපස සහ ඉදිරිපස රෝද වල මාධ්‍යය අතර දුර) නම් වෙනස් වෙන්නේ නැහැ.

මෙකනිකල් වෙනස්කමුත් සිද්ද වෙනවාද?

වාහනයක තියෙන මොඩල් එකේම වෙනස්කමක් කරනකොට බ්රේක්, සස්පෙන්ෂන්, සහ එන්ජිමේ පොඩි පොඩි වෙනස්කමුත් සිද්ද කරනවා. එත් එයින් වාහනයේ බාහිර පෙනුමට වෙනසක් ඇති වෙන්නේ නැති නිසා facelift එකක් විදියට හඳුන් වන්නේ නැහැ. 

Facelift එකකට උදාහරණයක් විදියට මේ හයිඋන්ඩායි 2016(ඉහළ)සහ 2017 facelifted (පහළ) මාදිලි සලකන්න. 2016 මාදිලියේ පොඩි පොඩි  වෙනස් කම් ටිකක් කරලා 2017 මාදිලිය හැඩ ගන්වල තිබෙන හැටි බලන්න.

Facebook Comments

About Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *