Breaking News
Home / 4x4 / 4H සහ 4L භාවිත කළ යුතු ආකාරය
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

4H සහ 4L භාවිත කළ යුතු ආකාරය

4WD තාක්ෂණයේ පවතින විවිධ වෙනස්කම් ගැන වෙනත් ලිපියකින් අපි සඳහන් කරා ඔබට මතක ඇති. ඔබත් 4WD රථයක් පැද ඇත්නම් එහි 4WD ක්‍රියාත්මක කරන ගියරයෙහිම 4H සහ 4L ලෙස තවත් තෝරා ගැනීම් දෙකක් තිබෙන බව ඔබ දැක ඇති. අද අපි කියන්න සූදානම් වන්නේ එම  Hi  සහ Low යන ගියරයන් සහ ඒවා භාවිත කළ යුත්තේ කුමන අවස්ථාවන්හිදී ද යන්න පිළිබඳවයි. 

HI RANGE 4WD

4H යන්න තෝරා ගත් විට 4WD ක්‍රියාත්මක කර රථය වේගයෙන් ධාවනය කළ හැකිය. මෙහිදී 2WD හි භාවිතා වන ගියර් අනුපාතයක්ම 4WD හි 4H යටතේ දී යොදා ගැනේ. එබැවින් 2WD හි ලබාගත හැකි වේගයක්ම මෙහිදී ද ලබාගත හැකිවේ.

මෙය භාවිත කළ යුතු අවස්ථාවන් වනුයේ,

  • වැඩි බෑවුමක් නොමැති තැනක රෝදවලින් දැඩි ඝර්ෂණයක් උවමනා විට.
  • වැල්ලේ එරී ඇති විට.
  • අධිකව ලිස්සන සුළු ස්ථානවල.
  • ගල් බොරළු හෝ  කානු සහ බඩවැටි  හෝ මඩ ගොහොරු සහිත පාරවල.

LOW RANGE 4WD

මෙම ගියරය තෝරා ගත් විට වේගයෙන් යා නොහැකිය. එනිසා මෙහිදී වේගය 40 kmph ට සීමා කළ යුතුය. මෙම ගියරයේදී ලබා දෙන ඝර්ෂණය අඩු වුවත් ඉතා ඉහල බලයක් ලබා ගත හැකිය.  

මෙය භාවිත කළ යුතු අවස්ථාවන් වනුයේ,

  • අධික බෑවුම් සහිත ස්ථාන වල.
  • තෙත් ලිස්සන සුළු පෘෂ්ට වල.
  • වැලි සහිත ස්ථාන මතින් යාමේදී.
  • නොගැඹුරු ජලයේදී.
  • ගල් පර්වත තරණයේදී.
  • මඩේ යාමේදී.
  • කඳු දිගේ පහලට ඒමේදී.

මේ දේවලුත් මතක තියා ගන්න.

ජලය තුළදී, කඳු තරඟයේදී හෝ වැල්ලේ එරී ඇති විටෙකදී Hi සහ Lo ගියර මාරු නොකළ යුතුය. ඒ නිසා එම අවස්ථාවන්ට එළඹීමට මත්තෙන් අවශ්‍ය ගියර වලට දමාගෙන සුදානම්ව සිටිය යුතුය. එමෙන්ම තද වියලි පෘෂ්ට මතදී 4WD භාවිත නොකළ යුතුය. එපමණක් නොවේ, මොන ගියරයකට යනවාදැයි තීරණය කළ නොහැකි සෑම අවස්ථාවකදීම Lo ගියරයට භාවිත කිරීම නුවනට හුරුය.

Facebook Comments

About Admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *