Breaking News
Home / Lights / Xenon HID සෙනොන් ලයිට්
sell vehicle sri lanka, sell cars sri lanka sell vans srilanka free ads srilanka

Xenon HID සෙනොන් ලයිට්

අඳුරු රාත්‍රියක මූසල ගුප්ත බව මකා දමා පැහැදිලි දසුනකට මඟ කියන්න නම් ඊටම ඔබින ලාම්පුවක් රියෙහි තිබිය යුතුය. විවිධ වර්ගයේ ලාම්පු සියවස් ගණන් පුරා ගණදඳුරු මැකුවත්, සෙනොන්(xenon) ලාම්පුව ඇවිත් වැඩි කලක් නැත.

High-Intensity Discharge Headlamps (HIDs) ලෙස ව්‍යවහාරයේ ඇති සෙනොන් ලාම්පු ඉතා කාර්යක්ෂම වර්ගයක් ලෙස දැක්වේ. මේවා 1991 දී BMW 7 series රථ වලින් ලොවට හඳුනා දුන් අතර පසුව විවිධ නිෂ්පාදකයින් තම රථවලට සෙනොන් ලාම්පු සවි කරන්නට වූ නමුත් ඒවා අනිවාර්යය උපාංගයක් ලෙස පැමිණියේ නැත. ඒවා වැඩිපුර ගෙවා තෝරා ගත හැකි අංගයක් (optional) විය.

සෙනොන් ලයිට්ස් වැඩ කරන්නේද විදුලි ආලෝක සංඥා පුවරු වල ඇති නියෝන්(neon) ලයිට් වැඩ කරන ආකාරයටමයි. විවිධ වායුන් පිරවූ වීදුරු බටයක් දෙකෙළවරේ ඉලෙක්ට්‍රොඩ දෙකක් ඇති අතර ඒ හරහා ගමන් කරන විද්‍යුත් ධාරාවක් නිසා වායුන් උත්තේජනය වී ආලෝකය නිකුත් කරයි.

මේවාට සෙනොන් කියා කියුවත්, එහි ඇත්තේ සෙනොන් වායුවම පමණක් නොවේ.ප්‍රධාන වශයෙන්  වෙනත් හේලයිඩ-ලෝහ මිශ්‍රණයක් මේ තුල තිබේ. සේනොන් වායුව භාවිතා කෙරෙන්නේ බල්බය දැල්වීමට පටන් ගන්නා අවස්ථාවේ පමණකි. ඇතුළත ඇති වෙනත් වායුන් නිශ්චිත උෂ්ණත්වයට පැමිණ ආලෝකය නිකුත් කිරීමට පටන් ගැනීමට තරමක් වේලා යන බැවින් එහි ආරම්භයේදී ආලෝකය නිකුත් කිරීමට සෙනොන් වායුව යොදා ගනී.

සෙනොන් බල්බයක් දැල්වීම පියවර තුනකින් සිදුවේ. පළමු පියවර වන ඉග්නිෂන් නොහොත් ජ්වලනයෙදී, ballast නම් උපකරණයකින් එන අධි වෝල්ටීය විදුලි ධාරාවක් එක්වරම ඉලෙක්ට්‍රෝඩ අතරින් ගමන් කර සෙනොන් වායුව අයනීකරණය කරයි. ඉන්පසු පියවරේදී, ඇතුලත ඇතිවන අධික උෂ්ණත්වය නිසා හේලයිඩ්-ලෝහ මිශ්‍රණය වාෂ්ප වී වාතයේ  ප්‍රතිදෝධය අඩු කරයි. අවසානයේ ballast නම් උපකරණය මගින් අධික වෝල්ටීයතාවක් වෙනුවට අඩු වෝල්ටීය, ඒකාකාරී ධාරාවක් ලබා දේ. එවිට බල්බය ඒකාකාරී ව දැල්වේ.

මේ ආකාරයට සෙනොන් බල්බයකින් විශාල ආලෝක ප්‍රමාණයක් නිකුත් කරයි. මේ බව නිසාම ඒවා නිසි ලෙස සීරුමාරු වී නොමැති නම් මුහුණට මුහුණලා පැමිණෙන අනෙකුත් රියදුරන්ගේ පෙනීමට බාධා එල්ලවීමට ද හැකිය. මේවා ආරම්භයේදී දැල්වීමට විශාල වෝල්ටීයතාවක් සහිත ධාරාවක් අවශ්‍ය වුවත්, පසුව අවශ්‍ය වන්නේ අඩු ධාරාවක් බැවින් ශක්ති අවශ්‍යතාව ද ඉතා අඩුය.

නමුත් සේනොන් ලාම්පු සඳහා යන වියදම හැලජන් ලාම්පු වලට වඩා අධිකයි. සේනොන් දැල්වීමට ආරම්භයේදී අවශ්‍ය අධික වෝල්ටීයතාවය නිපදවීමටත් පසුව එය යාමනය කර කුඩා ධාරාවක් පවත්වාගෙන යාමටත් ballast නම් උපකරණයක් අවශ්‍ය වේ.

එමෙන්ම සේනොන් බල්බයක් සම්පූර්ණ දීප්තියෙන් දැල්වීමට තරමක් වෙලා යන බැවින් ඒවා high beam   ලෙස යොදා ගැනීම අපහසුය. එනිසා ඇතැම් වාහනවල high beam සඳහා හැලජන් යොදා ගන්නා අතර, low beam බීම එක සඳහා සෙනොන් ලාම්පුවක් යොදා ගනී. නමුත් මිලෙන් අධික ඇතැම් වාහනවල, යාන්ත්‍රික සීරු මාරුකරණයක් මගින් සෙනොන් ලාම්පුවේ දිශාව වෙනස් කිරීම මගින් high සහ low beam ලෙස එකම ලාම්පුව යොදා ගනී.

සේනොන් ලාපුවල ඇති රසදිය වැනි යම් යම් අහිතකර විෂ ද්‍රව්‍ය නිසා සෞඛ්‍ය බලපෑම් ද එල්ල වේ.  මේ නිසා ඇතැම් රටවල සේනොන් ලාම්පු නිෂ්පාදනය සඳහා යොදා ගන්න ද්‍රව්‍ය සම්බන්දව තහංචි පනවා ඇත.

සේනොන් ලාම්පු වල වාසි

  1. පය 2000ක් තරම් වන දිගු ආයු කාලය.  (හැලජන් බල්බයක ආයු කාලය පය 1000 කි)
  2. අඩු විදුලියකින් ක්‍රියාත්මක කිරීම හා වැඩි ආලෝකයක් ලබා දීම.

 අවාසි

  1. අධික දීප්තිය නිසා ඉදිරිපසින් එන රියදුරන්ට බාධා ඇති වීම.
  2. අධික වියදම
  3. හැලජන් වලට වඩා සංකීර්ණ වීම
  4. විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු වීම
  5. උපරිම ආලෝකයෙන් දැල්වීමට තත්පර කිහිපයක් ගත වීම.

 

 

Facebook Comments

About Admin

Check Also

සර්පන්ටයින් බෙල්ට් Serpentine Belts

සර්පෙන්ටයින් බෙල්ට් යනු නුතන වාහනවල දක්නට ලැබෙන එක්තරා බෙල්ට් විශේෂයකි. එන්ජිමේ සියලුම කරකැවෙන කොටස් ක්‍රියාත්මක …